IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් මළසිරුරු ආදාහනයට එරෙහිව පැමිණිල්ලක්

( තිළිණි ද සිල්වා )

කොවිඩ් – 19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගැනීමට එරෙහිව එක්සත් රාජධානියේ විශාලතම මුස්ලිම් සංවිධානය වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය විසින්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජිනීවා හී තානාපති  ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ වන විට එම කවුන්සිලය ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ නීතිඥ සමාගමක් වන බයින්ඩ්මන්ස් එල්.එල්.පී. (Bindmans LLP) හරහා ශ්‍රී ලංකාවට එරෙහි පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට  ඉදිරිපත් කිරීමට නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවද ඒම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

එසේම ශ්‍රී ලංකාවේ සිදු කරන ආසාදිත මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමට එරෙහිව ගත යුතු පියවර සලකා බැලීම සඳහා බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය විසින් එය සහකාර මහ ලේකම් සාරා මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නියෝජිතායතන, නීතිඥයන්, වෛද්‍ය විශේෂඥයන් සහ ප්‍රජා නායකයන්ගෙන් ස්ථාපිත ‘කාර්ය සාධක බළකායක්ද’ පිහිටුවා ගෙන ඇත.

බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වහාම හකුළා ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික මට්ටමින් බලපෑම් එල්ල කිරීම එහි අරමුණ බවද බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය වැඩිදුරටත් සදහන් කර සිටී.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය පවසන්නේ බලහත්කාරයෙන් සිරුරු ආදාහනය කිරීම මුස්ලිම් සුළුතර කණ්ඩායමේ ආගමික නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

‘‘පවුලේ ඥාතියකුගේ දේහයක් නියමිත වේලාවට භූමිදානය කිරීමට ඉඩ ලබා නොදීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමකි.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු සාධාරණ හේතුවක් නොදක්වමින්,  වසංගතය අතරතුර මළ සිරුරු ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයෙන් ඉවත් වී ඇතැයි ද  යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.



අදහස් (5)

කොවිඩ් මළසිරුරු ආදාහනයට එරෙහිව පැමිණිල්ලක්

වීරවිජේ Sunday, 03 January 2021 11:23 AM

ඉතිං පලයල්ලකෝ... අවුරුදු 10-12 ගෑණු ළමයි බඳින්න දෙන රටවලට... ඒ්ක නුඹලාගේ ආගමට ගෞරවයක් නේ..

:       0       0

Ratne Sunday, 03 January 2021 01:16 PM

එම මළසිරුරු සහරාන් මියගිය ආකාරයට බෝම්බයක් පුපුරවා හරිමින් විනාශ කිරීමට (ජනතාව නැති ප්‍රදේශයකට ගෙන ගොස්) කටයුතු කරන්නේ නම් මෙම අන්තවාදීන්ටද සාධාරණය ඉටු විය හැකිය. එසේ නැතිනම් අරාබියේ පිහිටි කාන්තාර ප්‍රදේශයකට පුද්ගලික වියදමින් සිරුරු ගෙන ගොස් භුමදානය කිරීමට ශ්‍රී ලංකා රජය අවසර දීමට කටයුතු කළ යුතුය. තවද, එසේ නොමැති නම් හැකි ඉක්මණින් විද්වත් කමිටුවක් පත් කර සිරුරු ආදාහනය මඟින් ඔහුගේ ආත්මයට යම් හානියක්/ අගතියක් වන්නේ දැයි සොයා, එය විද්‍යාත්මකව තහවුරු වන්නේ නම් ඔවුන්ට භූමදානයට ඉඩ ලබා දිය යුතුයි.

:       0       0

Imalka Sunday, 03 January 2021 06:15 PM

කටුවාපිටියට බෝම්බ ගහන කොට මේ සංවිධාන කොහෙද දන්නේ නැහැ හිටියේ...?

:       0       0

dhamneth Sunday, 03 January 2021 11:37 PM

තම සිරුර මක්කම භූමදානය කරන ඇත්තන්ට පමණක් කියනවා නේද? දිව්‍යෙලා්කයේ යන්න පුළුවන්. ඒ නිසා මක්කමින් පිට මොනවා කළත් වෙනසක් නැහැ.

:       0       0

Mahasen Monday, 04 January 2021 04:17 AM

මේ අපට තියන එකම රට විනාශ නොකර, එංගලන්තයටම අරගෙන යනවා නම් තමයි හොඳ.. මේ රටේ උතුම් නීතිය යටතේ ඉන්න බැරි අයත් පව් නොදී ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 1 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 117 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 16 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 245 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 1249 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 891 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 208 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site