(ඩයනා උදයංගනී)
කොවිඩ් වැළඳී මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීමේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකරන ලෙසත් ඒ සඳහා පළාත් පාලන ආයතනවලට වැය වන වියදම මධ්‍ය රජය මගින් ලබා දීමට පියවර ගන්නා බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ කොව්ඩ් මෘතදේහ ආදහනයේදී විශාල තදබදයක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කරුණු විමසීමට සූම් තාක්ෂණය ඔස්සේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා පැවති සාකච්ඡාවකදීය.
මෘතදේහ ආදාහනය කිරීමේදී ප්රශ්නකාරී තත්ත්වයක් මතුව ඇතිබවට ඇතැම් මාධ්යප පළ කරන වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය වරයා පළාත් පාලන ප්‍රධානීන්ගෙන් කළ විමසීමේ දී අදාල ප්‍රධානීන් සඳහන් කළේ ආදාහනාගාර කීපයක මෙම ප්රශ්නකාරී වාතාවරණය නිර්මාණය වී ඇති බවයි
ඇතැම් ආදාහනාගාර අධි ධාරිතාවයෙන් ක්‍රියාත්මකවීම නිසා කඩිනම් නඩත්තු කිරීම්වලට යොමු කළ යුතුව ඇති බවත් රාගම රෝහලේ මෘතදේහ ගොඩගැසීමට හේතු වූය ඒ ආසන්න බටුවත්ත ආදාහනාගාරය අධි ධාරිතවයෙන් ක්රිටයාත්මක වීම බවත් මෙහිදී සඳහන් විය.
මේ වන විට ආදාහනාගාර වල පවතින ගෑස් හා ශ්‍රමික හිඟය පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමුවූ අතර අමාත්යනවරයා පැවසුවේ සියලු ආදාහනාගාර සඳහා අවශ්‍යය ගෑස් ඉතා ඉක්මනින් නොමිලේ ලබා දීමට රජය පියවර ගන්නා බවයි.
සේවක හිඟයට පීළියමක් ලෙස අඩු අධ්‍යා පන සුදුසුකම් මත මෑතකදී බඳවා ගන්නා ලද පිරිස් යොදවා ගැනීමට පියවර ගන්නා බවද ඇමතිවරයා පැවසීය.
දිවයින පුරා සක්‍රීය මට්ටමේ ආදාහනාගාර 240 ට වැඩි ප්‍රමානයක් ඇති බැවින් කිසිදු අර්බුදයකින් තොරව කොඩිඩ් මෘතදේහ ආදාහනය කිරීමේ හැකියාව ඇතැයි කී අමාත්‍ය වරයා කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකාය හා සෞඛ්යව අමාත්‍යංශය සමග එක්ව විදිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඩ් මළ සිරුරු ආදාහනයේදී මුදල් අයකිරීම නවත්වයි
ragi Thursday, 12 August 2021 06:06 PM
රටේ ඔක්කොම පුච්චන්න තමයි වෙන්නේ... මේ විදිහට ගියොත්...
Thanu Thursday, 12 August 2021 09:07 PM
යකෝ මේ කාලකන්නි මිනිස්සු මරනවා.. තොප හට කරන්න බැරි නම් අහින්සක මිනිස්සු මැරෙන්න නොදී හිටපියව්.අපරාද වලට පොලිත් එක්ක හම්බවෙයි කාලකන්නි හැතිකරේ...