IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


කොවිඩ් - 19 වසංගතයේ අපට සරණ අප පවුලමය

පෘථග්ඡන වූ සියලු සත්වයෝ මරණයට හය වන්නාහ. මරණය ඇසුරුකොටගත් නේක විධ දුක් ගැහැට පීඩාවන් කෙරෙහි හය වන්නාහ. වත්මන් බහුතර ලෝකයා මුහුණපා ඇති වසංගත හීතිය හමුවේ පෙනෙන්නට තිබෙන ඡන හැසිරීම යථෝක්ත පාඨය නැවත නැවතත් තහවුරුකරන සැටි අපි දකිමින් සිටිමු.

 
වසංගත හීතියකින් පෙළෙන ඕනෑම රටකට ගතහැකි දෙයාකාර ක්‍රියා මාර්ගයක් වෙයි. වසංගත තත්වයක් ඇතිකළ හැකි පැතිරවිය හැකි දේශය වෙත පිටතින් පැමිණෙන සියලු ආගමනයන් වැළකීම එකකි. රටතුළ වසංගතය පැතිර යාම සහ පැතිරයාමේ ප්‍රවේගය හැකිතාක් අවමකර මුලිනුපුටා දැමීම අනෙකයි.

මේ වන විට අප රටද මෙම දෙයාකාර ක්‍රමවේදයම අනුගමනය කරනු පෙනේ.
 
මෙම දෙයාකාර ක්‍රමවේද රටක පාලන තන්ත්‍රය සහ ඡනතාවගේ අන්‍යෝන්‍ය සංහිදියාව තුළ අවබෝධයෙන් යුතුව මෙන්ම දූරදර්ශීව සාමූහික ප්‍රයත්නයකින් පවත්වාගත යුතූ අසීරු කාර්යකි. එකී සාමූහික ප්‍රයත්නයේදී යම් පාර්ශවයක නොසැලකිල්ල නොදැනීම චේතාන්විත ද්වේශසහගත හාවය අසීමිත ආත්මාර්ථය අවස්ථාවාදී බව වැනි දෝමනස්සයන් අවසන සමස්ත ඡාතියේම දෝමනස්සයන් වනු ඇත. එබැවින් අප අපව සොයා යෑමේ කාලය එළඹ තිබේ.
 
යටකී දෙයාකාරවූ වැඩ පිළීවෙළක රටක් නිරතව සිටින විටෙක ආගමන පාලනය කෙරෙහි රටක පාලන තන්ත්‍රයට සෘජුව මැදිහත්විය හැකි වුවද රට තූළ වසංගත තත්වය පැතිරයාම වැළකීමට පාලන තන්ත්‍රයේ සෘජු දායකත්වය පමණක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බැව් සාමාන්‍ය දැනීමකින් හෙබි ඕනෑම ග්‍රාම්‍ය තැනැත්තෙකුට වුව පසක් වන්නට සැලකිය යූතු කාලයක් අවශ්‍ය නොවේ.
 
එහෙත්
1 රටක පුරවැසියන් වශයෙන් මෙකී වගකීම අප මනාකොට අවබෝධකර සිටිමුද? නැතහොත් පැහැර හරිමින් සිටිමුද?
2 පුරවැසියාට ආවේශ්‍ය වූ පුරවැසි වගකීම පැහැර හැරීම තූළ, ස්ථාපිත මනා නීති පද්ධතියක් හිමි දේශයකට, පැහැර හරින්නන් කෙරෙහි මෙතෙක් පියවර නොගත් එහෙත් පියවර ගතහැකි සුවිශාල නීතිමය පසුබිමක් පවතින බැව්, පුරවැසියන් වූ අපි දැනුවත්ව සිටිමුද?
 
පුරවැසි වගකීම ඉටුකිරීමෙහි ප්‍රවණතා කෙබදුදැයි දෑස් හැර බලමු.
 
නිරෝධායනය මෙරටට නුහුරු නුපුරුදු නව්‍යාංගයක් නොවන බැව් අපි මනාව දනිමු. රෝගයක් පැතිරයන කල්හි නිරෝධායනය අත්‍යාවශ්‍ය වෙයි. සරම්ප, පැපොල කම්මුල්ගාය, ඇස් රෝග වැලඳුණු කල්හි ස්වයං නිරෝධායනයට හෙළ පුරවැසියා ලක්වූයේ අන්‍ය නියමයකට නොවේ. නිවසෙහි කොහොඹ අත්තක් එල්ලමින් තම රෝගීහාවය අන්‍යයන් කෙරෙහි පැතිරයාම වැළකීමට හේ තෙමේ කටයුතූ කළේ තමන් සහ තම වටපිටාව කෙරෙහි උපන් මෙත් සිතින් බැවී අපි දනිමු.
 
නීරෝධායනයෙහි ඇවැසිහාවය පසක් කරමින් සිටියදී නොඇසූ කනින් පැණගියවුන් දිව ගියේ අන්‍ය ශ්‍රහලොවකට නොවන බැවී සැබවි. පැනයන්නන්ට ඉනිමං තැනූයේද, රහසිගත නවාතැන් සැපයූයේද පිටසක්වලයන් නොවන බවද සැබවි.
 
අනතූරෙහි හෙළෙනුයේ පැනයන්නන් පමණක් නොවන බව ප්‍රත්‍යක්ෂ්‍යය. ඊට ඉනිමං තැනූ අයද නවාතැන් සැපයූ ආරක්ෂකයන්ද ඔවුන් වටා ඇදුණු සහ ඇඳෙන්නට මඟපෑදුණු සියල්ලන්ද අවසන ඡාලා කාරී සමාඡ ව්‍යුහය හේතූවෙන් කිසිදු දායකත්වයක් නොසැපයූ අයද එකී අනතූරෙහි කොටස්කරුවන් වීම වැළකිය හැකිද? අවසන් ඵලය නිසරු නිරර්ථක විනාශකාරී පසුතැවිල්ලක් විනා අන් කවරක්ද?
 
පුරවැසියාට ඇවැසි තොරතූරු විධීමත්ව සපයමින් සිටියදී අකෘතඥ වෙසින් විකෘති පුවත් ගෙන එමින් මෙතෙක් සිදුවී නැති ව්‍යසනයක් සිදුවූ ලෙසට පුවත් මවමින් පුරවැසි වගකීම අමතක කළ දුදනෝ ද සිටියහ. නිසරු සමාඡ ඡාලා කතිකාවන්හි කාඩ්බෝඩ් විරයන් වෙමින් එකා අනෙකා පරයමින් තමන් තොරතුරු සම්ප්‍රේෂණයේ නියමුවන් බවට අනෙකාට පසක් කිරීමට යත්න දරමින්, තමා තමාව නොසොයමින් අන්‍යයන්ව සොයමින් කාලය කාදමන බොහෝ දෙනා ප්‍රදර්ශනය කරනුයේ තමන් සතු මුග්ධහාවයේ මහත හැරෙන්නට අන් කවරක්ද?

පුරවැසියා රකින්නට සෘජුව දායක වී සිටින මඬුල්ල සැඳුම් ලද්දේද මරණයට හය ඇත්තාවූ මරණය ඇසුරුකොටගත් නේක විධ දුක් ගැහැට පිඩාවන් කෙරෙහි භීතිය ඇත්තාවූත් අප සේම දරු පවුල්වලින් හෙබි ගුණෝත්තම පිරිසක්ය යන්න මඳ ආවර්ජනයට පවා අප සමත්ද? අපට සරණ සැපයූ වෙද හෙදි සාත්තුසේවක මඬුල්ල ත්‍රීවිධ හමුදා පිරිස් මඬුල්ල වැටුපින් ඔබ්බට දිවෙන මහා පිළිසරණක සෘජු දායකයන් බැව් සිහිපත් කිරීමට තරම්වත් කෘතවේදීහාවයක් අප කෙරෙහි පවතිද?

බිමෙහි සාරය අවබෝධකළ පුරවැසි ගහනයේ ප්‍රතිශතය ඉතා අවමයක් බැව් පැතිර යන නොයෙක් මානසික රෝගයන් හමුවේ ප්‍රත්‍යක්ෂය. පුරවැසියාට අමතකව ගිය හෙළ ආර කොරෝනා ක්ෂුද්‍ර වයිරසය විසින් මතක් කරනු ලැබ දී ඇති සෙයකි බෙහෙත් සැලකුවත් සොයා ගැනීමට නොහැකි තරමටම කොත්තමල්ලිය වෙනිවැල්ගැටයෙහි එතෙමින් පෙරුංකායන් සමග පැන ගොසිණී. අමතකව ගිය ධාන්‍ය අල අහාර සොයමින් පුරවැසියා බිම සාරන සෙයකි.
 
රෝග නිරෝධායනය හා වැළක්වීම කෙරෙහි ලිඛීත නිතීමය පසුබිමක් සැකසී ඇත්තේ මීට සියවස් දෙකකට පෙරය. 1897 අංක 03 දරන රෝග නිරෝධායනය සහ වැළක්වීමේ අඥා පනත එළි දැක ඇත්තේ 1897 පෙබරවාරි 09 වන දාය. කාලයට දේශයට අනුරූපව නිරෝධායන විෂයෙහි රට තුළට රෝග පැමිණීම සහ ව්‍යාප්තිය පාලනය කර සමනය කරනු වස් අවශ්‍ය රීතින් සැදිය හැකි බවද එකී රීතීන්ට පටහැණීව ක්‍රියා කිරීම හයමසකට නොවැඩි කාලයකට සිරගත කළ හැකි දණ්ඩණීය වරදක් බැවී ද එකී පනගේ 4 සහ 5 වගන්තීන් පුරවැසියාගේ පුරවැසි කල් ක්‍රියාව මතක් කර දෙයි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයද මහඡන සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබද නීති සංගෘහිතකොට ඇත්තේ එලෙසම මීට වසර 200 කට පමණ ඉහතදීය. පසු සංශෝධනයන්ගෙන් සංශෝධිත 1883 අංක 02 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ 14 වන පරිච්ඡේදයේ 262 සහ 263 වගන්තීන් දෘඩ හඬින් අවධාරණය කර සිටිනුයේ ඡීවිතයට අන්තරාදායක වූ රෝගයක් බෝවීමට පැතිරවීමට තූඩුදෙන නොසැලිකිලිමත් ක්‍රියා නීති විරෝධී ක්‍රියා සහ ද්වේශ සහගත ක්‍රියා කරන්නන් බන්ධනාගාරයේ දොර විවරවී ඇති බවයි. රෝග නිරෝධායන රීතියකට අකීකරු වූවෝද යටකී ද්වාරයෙන්ම පිළිගැනීමට බන්ධනාගාරය සැදී පැහැදී සිටින බැවී 264 වගන්තිය පවසයි.
 
ඇප පනතෙහි ප්‍රතිපාදනයන්ට අනුකූලව නිරෝධායනයට එරෙහි වූවෝද රෝග පැතිරවීමට දායක වූවෝද මහඡන සාමයට තර්ඡනයක් බවට පොලිස් ස්ථානාධීපතිතූමාගේ මතය නම් එකී සැකකරුවන්හට ඇප ලබානොදී ගරු මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට ඇති හැකියාවද තවදුරටත් පවතින බව කරුණු විමසීමෙන් අනතුරුව අවශ්‍ය විටෙක ඇප ප්‍රදානය නොකොට ඔහු රක්ෂීත බණ්ධනාගාරගත කිරීමට ගරු මහේස්ත්‍රාත්තුමන් කෙරෙහි ඇති හැකියාවද පැන යන්නන් පැන යන්නට මත්තෙන්ද පතුරවන්නන් පැතිරවීමට පෙරාතුවද සිතා බැලිය යුතු ඉතා බරින් යුතු වෛතසිකයන් බැව් සිහිපත්කර සිටීම මෙකල්හි ගැනෙන මහඟු පාඩමක් බැව් අප හැඟීමය.
 
1991 අංක 25 දරන විදුලිසංදේශ නියාමන පනතින් ස්ථාපිත විදුලිසංදේශ නියාමන කොමිසමක් වෙයි. ඕනෑම විකෘති පුවත් මවන්නෙක් කොමිසම වෙත කැදවමින් සාක්ෂී ලබාගැනීම සදහා සිතාසි නිකූත් කිරීමටද අවසානාත්මක නිසි නියෝග ලබා දීමටද පිළිවෙළින් පනතේ 13(1) 11 සහ 12 යන වගන්තීන් මගින් කොමිසමට ඇති ශක්නුතාවය එකී විකෘති පුවත් මවන්නන් විසින් ධාරණය කරගත යුතුම කරුණකි.
 
යථෝක්ත අවධාරණයට අනුව රටක පුරවැසියන් විසින් ස්වකීය පුරවැසි වගකීම පසක් කරගත යුතූ කාලය එළඹ ඇත. ඒ අන්‍ය යහපත පිණීස නොවේ අපගේම යහපත පිණීසය. නුමුදු අන්‍ය යහපත නොසලකා හුදු පෞද්ගලික යහපත ලද නොහැකි බැව් වටහාගැනීමද යටකී පුරවැසි වගකීමේම කොටසක්මය. මෙය තමාද අන්‍යයාද අන්‍යයාද තමාද අතර පවතින අනුලෝම ප්‍රතිලෝම සබැඳියාවක් බැව් අප මැනවින් පසක් කළ යුතු වන්නේය.
 
අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛතිල පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛතිඬඬ ලෙසට දේසිත වූයේ යටකී අනුලෝම ප්‍රතිලෝම සැබදියාවයි. එනමී තමන් රකින්නට උනන්දු වන්නා අනුන්ව රැක ගනු ලබන බවත් අනුන්ව රකින්නට උනන්දු වන්නා තමාව රැක ගනු ලබන බවත්ය.

එකී සුරක්ෂණය සාක්ෂාත් කරනු වස් දේශය පුරවැසියා කෙරෙහි නිවාඩු ප්‍රදානය කර තිබේ. මේ විරාමය අපගේ අභය සාදා ගැනීමට අප ලැබ ඇති අනභිභවනීය අවස්ථාවයි. විරාමයේ අගය පුරවැසි අප මනාව වටහා ගතයුතූ වනු ලබයි.
 
මේ විරාමය විරාම ඝටිකාවකින් මැනිය නොහැකි තරම් වූ වේගයෙන් ඇතිව නැතිව යනු ඇත. මේ ලද කෙටි කාලය භාග්‍යමත් කාලයක් බවට අප විසින් පත් කරගත යුතු වන්නේය. රෝග වාහකයන් නොවන්නටද ස්වයං නිරෝධායනයේ යෙදීමටද තම කූටුම්භයේ සාමාඡීකයන් රෝගයට ප්‍රතිරෝධී බල ඇත්තවුන් කිරීමටද ඔවුන්ගේ කායික මානසික නීරෝගීභාවය සාක්ෂාත් කිරීමටද වැරදුණූ තැන් සිහිපත්කොට පෙර වැරදි නිරවද්‍යකරවා ගැනීමටද සියලු දන විෂයෙහි මෙත් සිතින් බැලීමටද ඡාති වර්ණ වර්ග ආගම් වශයෙන් මිනිසුන් පිටුනොදැකීමටද තම මනෝ සුචරිතය වඩා වර්ධනය කර ගැනීමටද මේ අප ලැබ ඇති කාලයයි.
 
අපට සරණ අප පවුලමය. අප විසින්ම අප පවුල විවේචනය කරගනිමින් දෝෂ දර්ශනයට ලක්කරමින් ගරහමින් අපගේ අභිවෘද්ධීය අත්කරගත නොහැකි බවද අප පවුලේ ප්‍රගමණයට දායක වීමට අන්‍ය පවුලකින් ලැබෙන සැබෑ උපකාරයක් බොහෝ දුර්ලභ වන බැව්ද අප මැනවින් දන්නා කරුණෙක්ය. එලෙසම අපට සරණදෙන අන් රටක් නැත්තේය.
 
ඒ සරණ අප රටින් පමණම බැව් අපි වහ වහා පසක් කළ යුතූ වෙමු මේ මහා වනස්පතියෙහි සෘඡුව සිටගනිමින් දූවිලි දෙපයට පාගමින් විවෘත මනසින් ඇස් විවර කරමූ. විදග්ද වෙද හෙදි සාත්තුසේවක මඩුල්ලේ ප්‍රහාවයෙහි දිස්නයද වීරෝදාර ත්‍රිවිධ හමුදා භූමිකාවේ බරසාරහාවයද සත්පුරුෂ හුදී ඡන දායකත්වයද එවිට අප ඇස ගැටෙනු ඇති.
 
මේ අධ්‍යාත්මය සරු මිනිසුන් ඡීවත් වූ සහ ඡීවත්වන දේශයක් බැවී නිරන්තර මතකයේ අපි තබාගනිමු. අපි අප සොයා යමු. සරු දෙය සරු ලෙසින් දකිමු. නිසරු දෑ නිසරු දෑ ලෙස දකිමු. ඇස පැළදි නේක වර්ණ ආලේපිත උපැස් ගලවා සෘජු ඇසින් විචක්ෂණව ඉදිරිය දෙස බලමු.
 
---------------------------------------------------
- දිලානි කෞෂලී රුබසිංහ
ශේෂ්ඨාධිකරණයේ නීතිඥ

 



අදහස් (1)

කොවිඩ් - 19 වසංගතයේ අපට සරණ අප පවුලමය

roshan Sunday, 19 April 2020 11:59 AM

ඔක්කොටම කලිං බාර් ඕපන් කරා. මමනම් හිතන්නේ අපි ඉල්ලන් කන්න යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 27 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 58 0

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ඉඟිනිමිටියේ වාන් දොරටු 6 ම අරී
2024 නොවැම්බර් මස 29 3 0

පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 507 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


රජරට රැජිණ කොළඹදී පිලීපනී
2024 නොවැම්බර් මස 29 149 0

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා


හානිවූ මාර්ග - පාලම් සකස් කිරීම අරඹයි
2024 නොවැම්බර් මස 29 172 0

වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 577 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 790 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2190 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site