IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ක්වාසි උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ

(මනෝප්‍රිය ගුණසේකර)

දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට කාන්තාවකගෙන් රුපියල් 4,,500ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී උඩතලවින්න ක්වාසි උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ක්වාසි උසාවිය තුළදීම අත්අඩංගුවට ගන්නා ලදී.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී අදාළ ක්වාසි විනිසුරුවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කෙමිසමේ නිලධාරියකු පැවසීය.

රජඇල්ල කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචිකාරියක ඇගේ සැමියාගෙන් දික්කසාදවීම සඳහා උඩතලවින්න ක්වාසි උසාවියේ නඩුවක් පවරා ඇති අතර ඇයට අදාළ දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට සැකකාර ක්වාසි විනිසුරුවරයා කාන්තාවගෙන් රුපියල් 4,,500ක අල්ලසක් ඉල්ලා ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.‍

ඒ සම්බන්ධයෙන ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී උඩතලවින්න ක්වාසි උසාවිය තුළදීම සැකකාර ක්වාසි විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ක්වාසි උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ

sachith Sunday, 26 May 2024 05:39 PM

ශ්‍රී ලංකාව තුළ ජාති, ආගම් අනුව නිති පැනවෙන එක නවත්වන්න ඕනෑ... හැමෝටම පොදු එක නීතියක් තියෙන්න ඕනෑ. උඩරට වේවා, යාපනයේ නීතිය වේවා, මේවා කිසිම එකක් නැතුව හැමෝටම පොදු එක නීතියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය
2024 සැප්තැම්බර් මස 29 3 0

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රාය


ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 39 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 84 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 113 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 231 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 166 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site