IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


කවුරු දාලා ගියත් වැඩි මිලට විදුලිය ගන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

කවුරු තරහ වුනත් කවුරු දාලා ගියත් විදුලි ඒකකයක් රුපියල් 25ට මිලදී ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල ජන රැළියේදී පැවසීය.

මන්නාරමේ හදන සුළං විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් ඩොලර් ශත 8.26ට හෙවත්  රුපියල් 25කට මිලදී ගැනීමට රනිල්ගේ ආණ්ඩුව එකඟ වී සිටි බව කී ජනාධිපතිවරයා ජාතික ජන බලවේග රජය පැමිණ විදුලි ඒකකයක් ඩොලර් සත 4.58ට හෙවත් රුපියල් 13 කට මිලදී ගන්නා ගිවිසුම අත්සන් කළ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 'ජය නියතයි - ගම අපිටයි' පළාත් පාලන මැතිවරණ  රැලි මාලාවේ  මොනරාගල දිස්ත්‍රික් ජන රැලිය අමතමිනි. මෙම ජනරැළිය බුත්තල නගරයේදී  පැවැත්විණි.

"රුපියල් දහතුනට විදුලිය ගන්න පුළුවන්කම තියෙද්දි විසිපහට ගන්න ඕනද?ඒක නතර කරන එක බරපතල අපරාධයක් කියා හිටපු ජනාධිපතිතුමා පවසා තිබුණා.ඒක කරන එක තමයි අපරාධය.අපි කියන්නේ 13 ට ගන්න පුළුවන්කම තියෙද්දි 25ට ගන්නේ නෑ.ඉස්සර මොකද කරන්නේ. 13 ට හදන්න පුළුවන්කම තියෙද්දි 25ට ගන්නවා.ඉතුරු දොළහ ඒගොල්ලෝ අතර බෙදෙනවා.

අපි හැම ව්‍යාපෘතියක් ගැනම කල්පනා කරන්නේ රට සහ ජනතාව පැත්තෙන්.මෙතෙක් හිටපු ආණ්ඩු ව්‍යාපෘති ගැන කල්පනා කළේ තමන්ට කීයක් ලැබෙනවද කියලයි" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (16)

කවුරු දාලා ගියත් වැඩි මිලට විදුලිය ගන්නේ නෑ

Joni Tuesday, 01 April 2025 03:13 PM

තඹුත්තේගම පච

:       0       0

පුනරුදේ Tuesday, 01 April 2025 03:16 PM

අපෝ රුපියල් 25ට ගන්න එපා. රුපියල් 101ට ඩීසල් බලාගාර වලින් අරන් දෙන්න. ඒ කාලේ වර්ජන කරපු කොමිස් කාක්කොනෙ දැන් පත් කරගෙන ඉන්නෙ. 25ට වඩා 101 කොච්චර ලාභද?

:       0       0

Tiron Tuesday, 01 April 2025 03:19 PM

අනෙත් ආණ්ඩු තියෙනකන්, බලාගාරයක් හදන්න දුන්නෙ නෑ, කකුලෙන් ඇද්දා. බලේට ආවමත් හිනාවෙවී පච කියවනවා. සූර්ය පැනල වලටත් කෙලලා තවත් කියවනවා. කිසිම සැලසුමක් නැති පට්ටම මෝඩ හැතිකරයක්. විදුලිබල මන්ඩලේ උන් පාලකයන්ව නටවනවා.

:       0       0

මැක්ස් Tuesday, 01 April 2025 04:02 PM

නියමයි ජනාතිපති තුමා. ඔබතුමා ඩඩ්ලිව බය කරලා අපට අඩු මිලට හාල් අරන් දුන්නා. වදුරෝ, රිලව් එලවල පොල් මිල අඩු කළා, කන්චනට බම්බු ගහ ගන්න කියලා මිනිහට ගිය කොමිස් මුදල අයින් කරලා පෙට්‍රල් අඩු කළා. ඒ වගේම අදානිට යට නොවී අපව බෙර ගන්නත් ඔබට පුළුවන්. ඔබ වැනි ලොක්කෙක් ලද අපි වාසනාවන්!

:       15       55

Neel Tuesday, 01 April 2025 04:36 PM

අනේ රනිල් මහත්තයෝ ඔයාට අනුර දිසානායක ජනාධිපති තුමා සමග දේශපාලනය කරන්න දැන්නමි හොඩක් අමාරුයි. මොකද රටේ ජනතාව හොදටම දන්නව ඔයා කව්ද කියල...

:       26       33

සිල්වා Tuesday, 01 April 2025 04:37 PM

එක හාල් ඇටයක් ආනයනය කරන්නෙ නෑ. හැබයි බදු ගහනවා.

:       5       40

සෙනෙවිරත්න Tuesday, 01 April 2025 05:19 PM

සිල්වා, අමාරු තමයි, බදු, ඒත් බදු නැතිව රටක් යන්න බැහැ... හැබැයි ඇම්බියුලන්ස් අරගෙන පාරේ යන දේශපාලුවෝ නඩත්තු කරන්නත්, වයස අනූව පැනපු අය සමග උපදේශකයින් සීයක් බලාගන්න ඔබගේ බදු මුදල් වැය නොවන බව සිතට ගන්න.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 01 April 2025 05:21 PM

මැක්ස්ටත් වැඩිමිලට විදුලියෙන් කොමිස් ලැබෙනවාද මේ කියන සත්‍යවත් පිළිගන්න බැරි...!

:       0       0

යෝගා Tuesday, 01 April 2025 05:21 PM

ලොක්කා ඩීසල් මාෆියාවට හොඳටම යටවෙලා වගේ. පුළුවන් නම් අදානිගේ සුළං බලාගාරයට නැවත ටෙන්ඩර් කැඳවා ඔයිට වඩා අඩුවට විදුලිය ගන්න. එතකොට ජනතාව පිළිගනියි... චීත්ත කයියෙක් නෙමෙයි කියලා...

:       0       0

ගුණරත්න Tuesday, 01 April 2025 05:36 PM

ඔව් නේන්නං, අදානිගෙන් එපා පෞද්ගලික බලාගාර වලින් හා

:       0       0

PRASANNA Tuesday, 01 April 2025 06:17 PM

මේවා පට්ට බේගල්! චන්දේ කාලේ ඔය වගේ කතා වටෙන්ම ඇහෙනවා!"

:       0       0

sahan fernando Tuesday, 01 April 2025 06:36 PM

මළගෙදරට නිදිමරන්න යන්න නම් කියාපු බඩුව. පච, කයිවාරු දවසෙම හරි දොඩවයි!"

:       0       0

Gavin Wednesday, 02 April 2025 05:21 AM

නීල් ඔයාට නම් ලියන තැන වැරදිලා

:       0       3

Shelton Wednesday, 02 April 2025 05:31 AM

වැඩි මිලට ගන්නේ නෑ,ඒත් වැඩි මිලට විකුණනනවා,ඒකත් කියන්න.

:       0       5

Toni Wednesday, 02 April 2025 08:34 AM

ගව සම්පත තවත් ටිකක් ඉතුරුවෙලා ඉන්නවා.

:       1       6

de silva Wednesday, 02 April 2025 10:13 AM

අදහස නම් ඉතා හොඳය නමුත් අධානි ගිවිසුමෙන් ඉවත් වෙලා දැන් මාස 2 විතර වුණා නමුත් තමුන්ගේ ආණ්ඩුව අද වෙනතුරුත් ප්‍රසිද්ඡා ටෙන්ඩර් කැඳවීමක් කරන්න කටයුතු කරලා නැහැ , කරුණාකර ඔවා දේශපාලන රැස්වීම් වල කියව කියව ඉන්නේ නැතිව ටෙන්ඩර් කැඳවන්න , නිකරුනේ අපතේ යන සුර්ය බලයෙන් වැඩක් ගන්න , කනිජ තෙල් වලට යන සල්ලි ඉතුරු කරගන්න කටයුතු කරන්න , , සුර්ය විදුලි බලේ ආයෝජනය කරන්න කැමති දේශීය සහ විදේශීය සුළු , මධ්‍යම සහ මහාපරිමාණ ආයෝජකයෝ ඕනේ තරම් ඉන්නවා ,

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 4 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 4 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 361 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 437 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 229 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සූර්ය ව්‍යාපෘතියක් ඥාති සමාගමකට දීලා: කෝටි 330 ක පාඩුවක්
2025 අප්‍රේල් මස 02 1437 2

පසුගිය රජය සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100 සූර්ය බල ව්‍යාපෘතිය වැඩි මිල ඉදිරිපත් කළ විදුලි බල මණ්ඩලයේම ඥාති සමාගමකට නිතියට පටහැනිව පැවරීමෙන් රුපියල් කෝටි


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 240 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 808 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 787 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site