IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කෘෂිකර්ම සිසුන්ට ජපන් යන්න වරම්

(අංජුල මහික වීරරත්න)

මෙරට විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්හට ජපානයේ උසස් අධ්‍යාපන ආයතන තුනක සීමාවාසික පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ආසියානු මානව සම්පත් බැංකුව ( Asian Human Resource Bank) එකඟත්වය පළ කර ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග එම නියෝජිත පිරිස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කළ සාකච්ඡාවකදී ඉහත තීරණයට එළඹ තිබේ.

කෘෂිකර්ම විෂය පමණක් නොව වැවිලි බෝග සම්න්ධව විෂය හදාරණ සිසුන් සඳහා ද මෙම සීමාවාසික පුහුණුව ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ඉල්ලීමක් කළේය. මෙම සීමාවාසික පුහුණුව ලබන කාලයේ මාසිකව යෙන් 146,960ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 328,341ක දීමනාවක් ලබා දීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි. පුහුණු කාලය වසරකි. මෙම කාලයේ ඉහත දීමනාව ලබා දෙන අතරම ආහාරපාන හා නේවාසික පහසුකම් මෙන්ම ගුවන් බලපත්‍ර නොමිලයේ ලබා දීමට ද තීරණය කර ඇත.

මීට අමතරව ජපන් භාෂාව පිළිබඳ උසස් පුහුණුවක් ලබා දීම හා ජපානයේ ගොවිපොළවල උසස් තාක්ෂණික පුහුණුවක් ද ලබා දීමට කටයුතු කරන බව ජපාන නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

 



අදහස් (0)

කෘෂිකර්ම සිසුන්ට ජපන් යන්න වරම්

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 101 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 553 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 503 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1374 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7364 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 126 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site