IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුෂිනගර් ගුවන්තොටට පළමු ගුවන් යානය පිටත්ව යයි

(ටී.කේ.ජී.කපිල)

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරන අවස්ථාවේ  එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස සහභාගී වීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක්  අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ දඹදිව චාරිකා  පහසු කරලීම සඳහා ඉදිකළ මෙම නව ගුවන්තොට විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වන අතර , ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාත් සහභාගී වීමට නියමිතය .

මෙම ගුවන් ගමනට භික්ෂූන් වහන්සේ 95 නමක් ඇතුළු 111 දෙනෙක් සහභාගී වුහ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක , සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ද එම පිරිසට අයත් වෙති.

මෙම පිරිසට සුභ පැතීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

 



අදහස් (25)

කුෂිනගර් ගුවන්තොටට පළමු ගුවන් යානය පිටත්ව යයි

Malika Wednesday, 20 October 2021 08:16 AM

කොහොම උනත් අනේ සාධූ සාධූ සාධු. මේ පිනෙන්වත් සත්‍ය අවබෝධ වේවා!

:       10       56

කිරි පුතා Wednesday, 20 October 2021 08:35 AM

එදා මහා සංඝරත්නය ඉන්දියාවෙන් අපේ රටට වැඩම කළා. ශ්‍රී සද්ධර්මය අපේ රටේ රැකගෙන අද සංඝරත්නය මෙහෙන් එහෙට වැඩම කරනවා. සාදු ! සාදු !

:       9       97

Earthling Wednesday, 20 October 2021 09:06 AM

ඔය සංචාරවලට වියදම් කරන්නෙ අපේ සල්ලිද ඉන්දියාවෙ සල්ලිද?

:       58       52

janahitha Wednesday, 20 October 2021 09:29 AM

දේශපාලනය කරන්න හාමදුරුවරුන් කුසිනාරාමයට යා යුතු නොවේ.

:       84       41

Chandima Wednesday, 20 October 2021 09:31 AM

ඩොලර් නෑ කිව්වට ඔය යන්නේ.?

:       68       47

janahitha Wednesday, 20 October 2021 10:08 AM

ඉතාම අවාසනාවන්ත කාලයකට දුර්වල ආර්ථිකයකට ලක්ව සිටින අප මෙම මොහොතේ කිසිම තැනකට පළමුව යායුතු නොවේ.

:       60       42

ලලිත්Wednesday, 20 October 2021 03:10 PM

ඔයා ඉතාලියට ගියා වගේ හොරෙන් පනින පාරක් නෙවෙයි මේ. දුප්පත් උපාසක අම්මා කෙනෙක්ට වුනත් සම්මාදම් කරලා හරි කීයක්වත් හොයාගන්න යන්න පුළුවන් එකම ගමන තමයි දඹදිව වන්දනාව කියන්නේ.

:       8       11

sene Wednesday, 20 October 2021 10:48 AM

අනේද කියන්නේ

:       4       24

Don perera Wednesday, 20 October 2021 11:02 AM

හිනා වෙන්න තැනක් හොයනවා

:       12       29

සුධීර Wednesday, 20 October 2021 11:16 AM

බුද්ධගයා ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වූයෙත් ශ්‍රී ලංකාවෙන් ගිය ෆ්ලයිට් එකක් නිසා. කතෝලිකයෙකු වන මා බුදුදහමට ආදරෙයි. අද පොහෝ දවසේ මේ පුවත ලංකාදීපයෙන් දැක්කාම පුදුම සතුටක් ඇතිවුනා. ඔබ සැමට පිංබර වප් පොහෝ දිනයක් වේවා!

:       9       32

GundaWednesday, 20 October 2021 11:57 AM

ලංකාවේ දුප්පත් ගමේ උපාසක අම්මලට යන්න තියෙන එකම විදේශ චාරිකාව .ඒකට උදව්වක් කරලා තියෙන්නේ ඉන්දියාව .නමුත් අපේ දේශපාලනය ඇඟ පුරාම ගාගත්තු කට්ටිය ඒකත් විවේචනය කරනවා .හරිම කණගාටුයි .

:       13       20

ලුම්බිණි Wednesday, 20 October 2021 11:38 AM

අද රටේ තිබෙන ප්‍රශ්න තේරුම් අරගෙන රජය වැඩ කරනවා කියන්නේ මෙන්න මේකට.

:       4       11

nimalka Wednesday, 20 October 2021 11:45 AM

අවසානයේ සියල්ල දුප්පතුන් සහ පොහොසතුන් නිර්මාණය කරයි.

:       1       9

පිටිගල මිලානෝ Wednesday, 20 October 2021 12:13 PM

ඩී වී චානක....... 69 ලක්ශයකගේ ජයග්‍රාහී තේරීම.....

:       6       17

Kumara Wednesday, 20 October 2021 12:16 PM

වටේටම ණය වෙලා මේ වගේ බොරු සෝබන කරල මිනිස්සු අන්දනවා.. ඔය එයාර්පෝට් එක ඉන්දියාවට විවෘත කර ගන්න දීල නිකං ඉන්න බැරිද? කියන්නේ නම් තෙල් ගේන්න සල්ලි නෑ කියල.

:       5       25

ජෝන් අයිය Wednesday, 20 October 2021 12:26 PM

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවෙ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා අඩු තරමින් පලපුරුද්ද නැතත් වයසට වත් ගරු කලානම් නරකද

:       1       16

gayaan Wednesday, 20 October 2021 12:52 PM

මේ පව්කාර දුශකයන් දඹදිවට පටවන එක හොඳයි .

:       7       22

Kumara Wednesday, 20 October 2021 02:13 PM

දඹදිව යාමත් ක්‍රීඩාවක් කරගනී වගේ.

:       4       11

Charaka Wednesday, 20 October 2021 02:35 PM

ඔය ගුවන් යානය සදහා සියළු වියදම ඉන්දියානූ රජය විසින් සිදු කර තියෙනව. ඒක ලොකු දෙයක්

:       6       8

podi sadu Wednesday, 20 October 2021 02:39 PM

විපතක් උන ගමන් ඉන්නේ ඉන්දියාව තමයි කොච්චර බැන්නත්

:       1       9

ලලිත්Wednesday, 20 October 2021 03:04 PM

මේ විපතක් නෙවෙයි, ඉන්දියාවත් සංචාරකයන් ආකර්ශනය කරගන්නා ක්‍රමයක්. අනික් අතට අපේ දුප්පත් අය පවා කීයක් හෝ එකතු කරන් දඹදිව වන්දනාවේ යන්න ආසා නිසා අයට මෙය ලොකු පහසුවක්. මෙතනදි දේශපාලනය බලන්න එපා. ඒ වගේම සල්ලි තියෙන අයට වගේ සිංගප්පූරු යුරෝපයේ ඇවිදින්න නෙවෙයි මේ ගමන් වලින් කරන්නේ.

:       2       11

ගිහාන් Wednesday, 20 October 2021 04:24 PM

ඔය ලලිත් කියන කෙනොට තේරෙන්නේ නැත්ද මේ වෙලාවේ ඕවට නිකං සල්ලි වියදම් කරනවට වඩා වෙන කරන්න ගොඩක් වැඩ තියනවා කියල.

:       4       4

ලලිත්Wednesday, 20 October 2021 06:14 PM

ගිහාන් බලන්න මීට උඩින් තියෙන චරක කියන එක්කෙනාගේ කමෙන්ට් එක. මේ වියදම් කරලා තියෙන්නේ ඉන්දියාව කියලා තියෙන්නේ. වෙන්න පුළුවන්, මොකද, මේ කරන්නේ ඉන්දියාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට වෑයමක් නිසා. එහෙම නම් ලංකාවට මේ ගමනින් පාඩුවක් නැහැනේ. ඉන්දියාවට දඹදිව වන්දනාව පටන් ගත්තා කියලා මිනිස්සු සල්ලි නැත්නම් යන්නෙත් නෑ. ඒ නිසා පුළුවන් දවසක කරදරයක් නැතිව යන්න ක්‍රමයක් ඇතිවුණා කියලා හිතාගන්න. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කාලේ හොඳට දුවපු සිඩ්නි මෙල්බර්න් කොළඹ, ශ්‍රී ලංකන් රූට් එක නවත්තලා බෑනාගේ සමාගමේ මල් ජපානෙට අරින්න විතරක් ජපානේ දෙවෙනි නගරයකට මිනිස්සු යන්නෙත් නැතුවම ප්ලේන් ඇරපු එකේ මේක මිනිසුන්ට කරන සේවයක්...

:       0       1

Ranjit Wednesday, 20 October 2021 03:07 PM

බෞද්ධ වැඩසටහනකට ක්‍රීඩා බාර කෙනෙක් යවන්නේ අනිත් කෙනාට මේවගේ ගමනක් යන්න බැරි තරම් සෞඛ්‍ය පිලිබඳ ප්‍රශ්නයක් තියෙන නිසාද ?

:       3       9

Nalaka1 Wednesday, 20 October 2021 05:25 PM

අපේ සල්ලි නාස්ති කරගෙන සවාරි යනවා. මුළු ගමන් වියදම් අපිට තමයි ගෙවන්න වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2797 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2020 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2888 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2896 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 657 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1305 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site