IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කෘෂි ඇමැති අවි ගත් තරුණයන්ට උදැල්ල දෙන්න යයි

(අංජුල මහික වීරරත්න)

උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වන්නේ නම් ඊට අවශ්‍ය ඉඩම් හා ආධාර දෙන්න සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

උතුරු පළාතේ ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා කෘෂිකාර්මික කටයුතුවලට සහය වීමට තමන් සූදානම් බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. 

එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ තරුණ පිරිසක් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී   අලුත්ගමගේ මහතා  බව සඳහන් කළේය. 

කෘෂිකාර්මික වශයෙන් මිරිස් වගාවට යොමු වීමට කැමති උතුරු පළාතේ තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම් හා ආධාර ලබා දීමට කටයුතු කළ හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා හමුවු මේ පිරිස තමන් මුහුණ දී සිටින ආර්ථික, සමාජයීය  හා ජිවන ගැටළු සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහ. ඊට අදාළ සංදේශයක් ද අමාත්‍යවරයාට බාර දුන්නේය.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන උතුරු පළාතේ තරුණ පිරිස ඊට යොමු වන්නේ නම් ඔවුන්ට අක්කර භාගයක් බැගින් ඉඩම් ලබා දී ඊට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය, පොහොර, ජලය හා ආරක්ෂිත ගෘහයන් ද කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දීමට පියවර ගත හැකි බවය. 

මීට අමතරව උතුරු පළාතේ ඇතිවන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනරුත්ථාපනය වූ පවුල්වල සාමාජිකයන්ට සුදුසුකම් අනුව ප්‍රමුඛතාව ලබා දීමට අවධානය  යොමු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

 



අදහස් (7)

කෘෂි ඇමැති අවි ගත් තරුණයන්ට උදැල්ල දෙන්න යයි

ජන හඩ Thursday, 11 November 2021 03:56 PM

ආධාර කොහේ නවතියිද දන්නේ නෑ. රටේම වෙලා තියන හරිය මදැයි. දැනටත් ප්‍රශ්න කෝටියයි. කටින් බතල කියන්නේ ඒකනේ...

:       4       16

Wakkumbura Thursday, 11 November 2021 04:37 PM

මෙයා උගත්, බුද්ධිමත් අවංක කෙනෙක්... වැඩ කරන්නේ ජනතා සුබ සිද්ධියටමයි.

:       0       0

de silva Thursday, 11 November 2021 05:45 PM

ඉස්සෙල්ලා ගොවිතැන් කරන මිනිස්සුන්ට පොහොර ටික ලබාදෙන්න. නැතිනම් ඔවුන් උදැල්ල පැත්තකට දමලා ඔබලාට විරුද්ධව 88/89 වගේ අවි අතට ගනීවි..

:       1       10

අගුපිලගේ Thursday, 11 November 2021 07:24 PM

සත්‍ය වැටහී කරගන්න දෙයක් නැතුව මොහුගේ කලිසම ගැලවුණොත් ඇතිවන ලැජ්ජාවෙන් මොහුත් ආණ්ඩුවත් බේරා ගැනීමට යූරියා ගෙන්වීම සඳහා යෝජනාවක් ඉඩම් ඇමතිවරයා ඉදිරිපත් කරනවා කියන්නේ ඇත්තද?

:       0       4

hesaThursday, 11 November 2021 11:47 PM

කොහොමත් 71, 88, 89 පුරුද්දටනේ මේ අරගල, උද්ඝෝෂණ.. මේවාට කවුද කැමැති වෙන්නේ..? අවුරුදු 55 ක් තිස්සේම අරගල, උද්ඝෝෂණ.. මතකය හොඳට තියෙන අයෙක් ආයේ ඉතින් නැහැ.. ඉන්න ලක්ෂ 2,3 තමයි රට වටේ යන්නේ.. අලුත් ඈයෝ නෑ..

:       0       0

chandima Friday, 12 November 2021 02:20 AM

කොල්ලන්ට උදැල්ල දීලා ඔහෙගෙ කරේ වියගහ බැන්දා නම් වැඩේ හරියටම හරියනවා.

:       0       0

Bamunuarachchi Friday, 12 November 2021 07:44 AM

ඇමැතිතුමෝ උදැල්ල දෙන්න කලින් ස්මාට් ෆෝන්එක උදුරා ගන්න. නැතිනම් මොවුන් හදන්න බැහැ. ඔන්ලයින් පන්ති නැති කරන්න. ඔන්ලයින් පන්ති නිසා ළමයි අතට ස්මාට් ෆෝන් ගිහිල්ලා. එ්කෙන් තමයි විනාශය සිද්ද වෙන්නේ...

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 260 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2185 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2794 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6398 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 973 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24511 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18846 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site