(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු තුනක 2021 වර්ෂයේදී ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
තවද පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණ ප්‍රධාන වශයෙන් එම ආයතනයට ලැබී තිබූ දෙකෝටි පනස් ලක්ෂයක මුදලක්ද එම පර්යේෂණ සඳහා ප්‍රශස්ත අන්දමින් උපයෝජනය නොකර ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණු බව වාර්තාවේ දැක්වෙයි.
ආයතනය සතු ස්ථාවර තැන්පතු ප්‍රමාණය පසුගිය වර්ෂ 5 ක කාලය තුළදී රුපියල් කෝටි 25 කින් පමණ වැඩිවී තිබියදීත් භාණ්ඩාගාරයෙන් ගන්නා ලද රාජ්‍ය ප්‍රදාන ප්‍රමාණයද කෝටි දෙකකින් වැඩි කරගෙන ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.
එසේම ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ ආයතනය පර්යේෂණ සඳහා ප්‍රදානය කර තිබූ රුපියල් 12,00000 ක පමණ මුදලක් ප්‍රයෝජනයට යොදා ගෙන නොතිබූ බව වාර්තාවේ දැක්වේ.
මේ අතර එම ආයතනය පවත්වාගෙන යන පාඨමාලා 94 ක් ආරම්භ කර වසර තුනේ සිට වසර 46 දක්වා කාලයක් ගතවී ඇතත් ඒ පාඨමාලා සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ගෙන නොතිබූ බවද වාර්තාව සඳහන් කරයි.
ආයතනයේ නිලධාරීන් 31 දෙනකු වසර හයට වැඩි කාලයක් එකම ස්ථානයක සේවය කරමින් තිබූ බව පවසන විගණන කාර්යාලය විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකිරීම නිසා මේ තත්වය ඇතිවූ බවද ප්‍රකාශ කරයි.
ඇතැම් නිලධාරීන් වසර 39 ක් එකම ස්ථානයක රාජකාරි කර තිබූ බවද එහි දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගිය 4 වැනිදා ඉදිරිපත් කෙරුණු පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2021 වාර්ෂික වාර්තාවේය.
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෘෂි උපාධි ආයතනයේ අක්‍රමිකතා රැසක් එළියට
වික්රමසේකර Wednesday, 05 April 2023 07:52 PM
හොරා කන්නෙ නැතුව තැන්පත් කල ඒකට ස්තුති කරපල්ලා. වෙනත් තැන්වල කරන්නෙ බොරු ප්‍රොජෙක්ට් ඩොකියුමන්ට් හදල සල්ලි පිල්ලි ගැසීම.