IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කෘෂි නිලධාරීන්ගේ රට ගමන් නවත්වයි

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන්ට දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් විදේශ ගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.

 එම නිලධාරීන් විදේශ ගත වීමක දී  කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරිහූ අමාත්‍යවරයාට යෝජනාවක් කළහ.

කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතින බවත් වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු කර නොමැති බවත් අමාත්‍යාංශය පවසයි.

 දැනට පුරප්පාඩු පවතින  තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම අංශයට අදාල නිලධාරීන් දීර්ඝකාලීන විදේශ ගතවීම් සදහා සිදු කරන ඉල්ලිම් තමන්ට යොමු නොකරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම කෘෂිකර්ම බලධාරීන්ට දැනුම් දුන්නේය.

 



අදහස් (4)

කෘෂි නිලධාරීන්ගේ රට ගමන් නවත්වයි

Lalla Friday, 07 April 2023 11:48 AM

ඔය කියන උපදේශකවරු ගන්න ඕනෑ තමයි. ඒත් කාර්යාලවල පුටුවට ඇළුණු උපදේශකවරු සහ පෞද්ගලික ගොවිපලවල කොන්ත්‍රාත්තුවට වැඩකරන කෘෂි උපදේශකවරු නැතුවට ලංකාවේ කෘෂිකර්මයට හානිය අඩුයි.

:       0       3

නයන Friday, 07 April 2023 10:53 PM

මේ මෝඩයින්ට නිකමටවත් හිතෙන්නේ නැද්ද දන්නෑ රජයේ සේවකයෝ රට යන්න දඟලන්නේ ඇයි කියලා. අනිවාර්යයෙන් ඔය මෝල්ලු දන්නේ නෑ අවුරුදු 20ක සේවාකාලයක් සම්පූර්ණ කරපු 1ශ්‍රේණියේ කෘෂි උපදේශකයෙකුටවත් රුපියල් හැටදාහ ඉක්මවපු වැටුපක් නෑ කියලා. ඒ මදිවාට ඒ වැටුපෙන්ම ප්‍රවාහන වියදම්, පෙට්‍රල්, යතුරුපැදි සේවා, අලුත්වැඩියා වියදම් දරන්නත් ඕනේ... මෙහෙම කරලා ඵලදායි සේවාවක් ලැබෙයි කියලා හිතන මැටි මෝල්ලු. ඔය බුරුවන්ම නියෝජනය කරපු ආණ්ඩුවලින් බොරුවට රාජ්‍ය සේවයේ පිරිස පුරවලා ඒ නිකං ඉන්න කාලකන්නි වෙනුවෙනුත් පව් කරගහන්න ඕනේ... මේ දරන්න බැරි ආර්ථික ප්‍රශ්න හින්දා රට යන්න යනකොටත් කාලකන්නියන් බකට් අදිනවා. කාලකන්නියෝ රටත් හාලා, ඉන්න එවුන්ගෙ ජීවිත කාලෙත් කන රටේ පවට උපන් අය...

:       0       0

de silva Friday, 07 April 2023 11:38 PM

ඔය දෙපාර්තමේන්තුව පිටින්ම වහලා දාන්න. මේකෙන් රටට වන සේවයක් නොමැත.

:       0       0

වීරසූරිය Saturday, 08 April 2023 09:24 AM

හොඳයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 572 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 121 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 279 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 322 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 391 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 698 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site