IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කෘෂි-වැවිලි විදෙස් ආධාර ව්‍යපෘති වලට ’’උකුසු ඇස්’’

(අංජුල මහික වීරරත්න)

විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති  ව්‍යාපෘති සියල්ලම විශේෂ විමර්ශනයකට ලක් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

එම  සියලු ව්‍යාපෘති වල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු කරන ලෙස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්  ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක් ඇති අතර වැවිලි කර්මාන්ත විෂය යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකව පවතී. 

විශේෂයෙන් විදේශ අරමුදල් මෙම ව්‍යාපෘති සඳහා ලබා දී ඇත්තේ ණය ආධාර වශයෙන් වන අතර එම මුදල් නැවත අදාල විදේශ නියෝජිතායතන වෙත ගෙවිය යුතුව ඇත.

නමුත් මෙම ව්‍යාපෘති මගින් මුදල් වියදම් කිරීමේ දී හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු රැසක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා ගොවි ප්‍රතිලාභ සඳහා  දිය යුතු එම මුදල් නිකරුණේ වියදම් කිරීම මගින් විශාල මුදලක් අපතේ ගොස් ඇතැයි  වාර්තා වී ඇති බව  සඳහන් කළේය.

එමෙන්ම මෙම ව්‍යාපෘති බාර නිලධාරීන් පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් කමිටු ඉදිරියට කැඳවා කරුණු විමසිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (2)

කෘෂි-වැවිලි විදෙස් ආධාර ව්‍යපෘති වලට ’’උකුසු ඇස්’’

Aravinda Monarawila Wednesday, 01 November 2023 04:54 PM

ඒකෙනෙුක් ගාණක් කඩාගන්න ට්‍රයි කරනවා වගේ... ! 

:       0       4

wedage Thursday, 02 November 2023 10:09 AM

සහල් මිල වැඩිඋනෙ මොකද කියල අහන්න තමයි මෙ යන්නෙ සහල් හිගයක් නෑ කියල කිව්ව නේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 180 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 363 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1773 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 248 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3334 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39689 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site