(දිලංගා ගෝමස්)
මොරටුව එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරයකු පැදවූ මෝටර් රථයේ ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා අද (29) රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.
මොරටුව සිට දෙහිවල දෙසට ගමන් කල මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ගල්කිස්ස පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති කහ ඉර මත මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරට පත්ව කලුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.
ගල්කිස්ස පොලිසිය විසින් රිය අනතුර සිදු කල හිටපු නාගරික මන්ත්‍රීවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් දෙදෙනකු මියගොස් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කොස්තාපල්ව හැප්පූ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට