IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


කිසිදා ට්‍රැක් නොපනින ට්‍රැක් ලන්තය

ඔන්න ඉතින් ට්‍රැක්ලන්තෙට මොනා ලියන්නද කියලා කල්පනා කර කර ඉද්දි මට හිතුනා නිකමට වගේ නිවුස් සයිට්වල පත්තරවල මොකද වෙන්නේ කියලා බලන්න. ලංකාදීප පත්තරේකුත් දිග ඇරගෙන මේ දවස්වල රටේ තත්වේ බලන්න ගත්තා. මේං තියනවා මරු නිව්ස් ටිකක්.

ජීවිතේට දුම්රිය ප්‍රමාදවීම්, දුම්රිය පීලි පැනීම් සිදු නොවන රටවල් අතුරින් ට්‍රැක්ලන්තේ පළමු ස්ථානයට. දේශද්‍රෝහියෝ නම් කියයි. මොන බොරුද මේ කියලා. ඇත්තටම මහ ජනතාව වෙනුවෙන්ම වැඩ කරන පාලනාධිකාරියක් ඉන්න මේ රටේ දුම්රිය ප්‍රමාදවීම් කොහොම වෙන්නද. මිනිස්සු කිසිම දවසක රස්සාවලට යන්න බැරුව ස්ටේෂන් වල රස්තියාදු වෙලා නෑ. 6.00 එන දුම්රිය කවදාවත් පරක්කු වෙන්නෙ නෑ. 5.59 වත් 6.01 වත් නෙමෙයි. 6 නම් 6 . අන්න එහෙමයි අපේ කෝච්චි. කිසිම දවසක උද්ඝෝෂණ නෑ. පඩි ඉල්ලලා වර්ජන කරන්නේ නෑ. රට වෙනුවෙන් සේවය කරන්න කැප වුණ මිනිස්සු. අනික පඩි වැඩි කරන්න කියලා වර්ජන කරන්න තරම් ට්‍රැක්වාසීන්ට ආර්ථිකමය වශයෙන් කිසිම අහේනියක් නෑ. අන්නෙහෙමයි අපේ රට. ඉන්දියන් සාගරේ මුතු ඇටය නෙමෙයි. ඉන්දියන් සාගරයේ චූටි මැණික කිව්වත් කමක් නෑ.

ඒ ඇරුනම අපේ ක්‍රිකට් ටීම් එක. ආයේ ඉතින් මැච් එකකට ගියොත් දිනුම්. වෙන රටවල වගේ බුකියේ ක්‍රිකට් හෑලි ලියන්න ඕනෙත් නෑ. කවදාවත් පරදින්නේ නෑ. මං හිතන්නේ අපේ ක්‍රිකට් ටීම් එකට දිනලම මහන්සි ඇති. අනිත් රටවල වගේ මැච් පරදිනවා කියලා කමිටු පත්කරන් බලධාරීන් අරයට මෙයාට ඇගිල්ල දික් කරන්න අවශ්‍ය නෑ. අපිට හුරේ දාලම ඇතිවෙලා තියෙන්නේ.

කිසිම ආර්ථික අපහසුතාවක් නැති අපේ රට ඇමරිකාව, එංගලන්තය වගේ නැතිබැරි රටවල් වලට ණය දෙනවා. පව්නේ ඉතින්. ණය දීලා දීලා ඒගොල්ලොන්ට ගෙවාගන්න බැරි උනාම , අපේ රටේ ඇත්තෝ එංගලන්තෙටයි , ඇමරිකාවටයි අපේ රටේ නම දායි. වැඩියෙන්ම රටේ ඇත්තෝ ණය දෙන්නේ චීනෙට. පව්නේ හරි අහිංසක මිනිස්සු. ඒ රටේ වරායන් ෂොපින් මෝල් එහෙමත් අපිට බදු දීලා තියෙන්නේ.

පාස්කු ප්‍රහාරය උනත් බලන්නකෝ අවුරුදු ගණන් කල් ගියේ නෑ. වගකිවයුතු වැරදි කාරයෝ හොයාගත්තා ක්ෂණිකව නඩු දැම්මා. ඒ විතරක්ද පාස්කු ප්‍රහාරයෙන් පීඩිත ප්‍රජාවට උපරිම සාධාරණෙත් ඉටු කළා. එවකට හිටපු ජනාධිපති ඇතුලු ආරක්ෂක ප්‍රධානීන් පවා වරද පිළි අරන් තනතුරුවලින් ඉවත් වුණා. අනේ ඉතින් මෙයාලට අර කුකුල් චමින්ද කියන පියා ලව්වා බත් කවන්න ඕනේ.

පාර්ලිමේන්තුව වුණත් බලන්නකෝ කිසිම කල කෝලාහලයක් නැති හරි සෞම්‍ය තැනක් නේ. වෙන රටවල් වල වගේ මන්ත්‍රීලා , ඇමතිලා ඇණකොටා ගන්නේ නෑ. මන්ත්‍රීවරු, ඇමතිවරු ඇවිදිනකොට ඝාණ්ටාර සද්දේ ඇහෙනවා මුලු පළාතම සිල් සුවදයි. ට්‍රැක්වාසීන් උනත් පුදුම ආදරෙයි. බුකියේ සටහන් වලත් යහපත් දේවල්මයි ලියැවෙන්නේ. 225 ම මවුබිම වෙනුවෙන් තමා මේ හැමදේම. කිසිම බල තන්හාවක් නෑ. කිසිම අමාත්‍යංශයක ස්ට්‍රයික් නෑ. විශ්ව විද්‍යාලවල ස්ට්‍රයික් නෑ. තැපැල් ස්ට්‍රයික් නෑ. දුම්‍ රිය ස්ට්‍රයික් නෑ . ඩෙංගු පැතිරීමෙ අවදානම් වලට විසඳුම් අරන් ආසාවට ඩෙංගු රෝගියෙක් නෑ. කිසිම ඖෂධ හිගයක් නෑ. කොච්චර පිටිසර පළාතකට ගියත් සියලු සැපපහසුකම් සහිත හොස්පිට්ල් හැමතැනම. මැති ඇමතිවරුත් පොරකනවා ජාතික රෝහල් වලට යන්න. වෙන රටවල් වල මැති ඇමතිලා, ජනාධිපතිවරුත් එනවා අපේ රටට ජාතික රෝහල්වලින් බෙහෙත් ගන්න. මේ ලඟදී ඉන්දීය අගමැති ආවා කළුබෝවිල රෝහලට. බඩේ අමාරුවකට බෙහෙත් ගන්න. රට කරවන උන්දැලා ජනතා බදු මුදලින් සැප විඳින්නේ නෑ. ජනතාව වෙනුවෙන් උණ්ඩකපුච්චේ උනත් ගලවල දෙන්න සූදානම් උත්තමයෝ තමා පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම. හැමෝම එකතුවෙලා සමගියෙන් රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. අනේහ් ඉතින් මේ 225 ටම මං නම් කියන්නේ කුකුල් චමින්දලා 10 ක් 20 ක් විතර දම්මලා. වටකරලා බත් කවවන්න ඕනේ.

ඔන්න ඔහොමයි රටේ තත්ත්වේ. ට්‍රැක්ලන්තේ ලියන්නම රටේ ප්‍රශ්න වලට වැඩි අවධානයක් දීලමද කොහෙද දැන්නම් මටත් ට්‍රැක්.

ජයනි සිතාරි අල්විස්

 



අදහස් (0)

කිසිදා ට්‍රැක් නොපනින ට්‍රැක් ලන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 214 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 241 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 464 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 584 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 682 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 329 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site