(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
කැසිනෝ ව්‍යාපාරික කෝටිපතියන් දෙදෙනකු රුපියල් කෝටි 44 ක බදු මුදලක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
කැසිනෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නකු ඔට්ටු හා සූදු බදු පනත අනුව රුපියල් කෝටි 20ක වාර්ෂික බද්දක් රජයට ගෙවිය යුතු වෙයි.
කැසිනෝ ව්‍යාපාරවලට නියම කෙරුණු රුපියල් කෝටි එකසිය පනස් පහකට වැඩි දඩ මුදල් ප්‍රමාණයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් අය කරගෙන නැතැයිද එහි සඳහන් වේ.
කැසිනෝ ආයතනයකට ඇතුළු වන සෑම පුද්ගලයකු මෙන්ම ඇමරිකානු ඩොලර් 50 ක මුදලක් කැසිනෝ ඇතුළු වීමේ බද්ද ලෙස අයකර ගැනීමට අයවැය මගින් යෝජනා කර ඇතත් මෙම බද්ද අය කර ගැනීමට දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අය කිරීමට අදාළ ආදායම් පරිපාලන කළමනාකරණ කළමනාකරණ තොරතුරු පද්ධති (RAMIS) ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලයට වසර තුනකට වැඩි කාලයක් රුපියල් නව කෝටියක මුදලක් නිසි අවසරයකින් තොරව ගෙවා ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම කාර්ය මණ්ඩලය පවත්වා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදී තිබුණේ 2019 වර්ෂයේ නොවැම්බර් 30 වැනිදා දක්වා පමණක් බවද වාර්තාවේ දැක්වේ.
මේ අතර රාජකාරි සදහා නිවාඩු අනුමත කරගෙන තිබූ නිලධාරීන් සිවු දෙනෙකුට එම නිවාඩු කාල පරිච්ඡේදයන් සඳහාද( රැමිස් ව්‍යාපෘතිය යටතේ)
දීමනා ගෙවා තිබූ බව විගණන කාර්යාලය පවසයි.
එසේම ව්‍යාපෘතියෙන් ඉවත්ව ගිය නිලධාරීන් දෙදෙනෙකුට එසේ ඉවත්වීමෙන් පසුවද දීමනා ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් පවත්වාගෙන නොයෑම හේතුවෙන් ඉහත අඩුපාඩු සිදුව ඇතැයිද සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2022 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැසිනෝ කෝටිපතියන් දෙදෙනකුගෙන් කෝටි 44ක පොල්ලක්
පැරකුම් Saturday, 01 July 2023 04:48 PM
මේ ගොල්ලෝ නිකං බොරුවට ජනතාව කුලප්පු කරනවා විතරයි. කවදාවත් වැඩක් වෙන්නේ නෑ. අපි ගෙවන බදු මුදල් නාස්ති කරනවා. කවද්ද වැඩක් කළේ…?