IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කසිප්පු වලියකට තුනක් මරලා

(පද්මසිරි ගාර්දියවසම්)

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු කඩුවලින් සහ කැතිවලින් කපාකොටා පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පැවසීය .

මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්තොට ,මාමඩල , පදිංචි හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික ( අවු: 29) ,හේවා කුමානායක රසික ප්‍රියදර්ශන (අවු:45) සහ  මාධව උදයංග මල්ලිකාරච්චි ( අවු: 34) යන තිදෙනාය .

රසික සහ මාධව යන දෙදෙනා ප්‍රභාත් ඉන්දික යන අයගේ ඇලේගොඩ නැගෙනහිර පිහිටි නිවසේ සිටියදී අට දෙනෙකු ගෙන් පමණවූ සැකකරුවන් පිරිසක් කඩු,කැති,පොලු රැගෙන එම නිවසට කඩා වැදී පහරදී ඇතැයි පොලිසිය පැවසීය .

සැකකරුවන්ගෙන් පස් දෙනෙකු නිවසේ සිටි ප්‍රභාත් ඉන්දික යන අයගේ මව විසින් හදුනාගෙන ඇත. ඔවුන් මාමඩල ඇලේගොඩ බටහිර පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය .

----------------------------------------------------------------

(සනත් ගමගේ, පද්මසිරි ගාර්දියවසම්,සහ චන්ද්‍රසේන ගමගේ)

අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී  තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි  අම්බලන්තොට පොලිසිය පවසයි .

ඝාතනයවී ඇත්තේ රුවන් ,නුවන් ,පොඩී යන නම්වලින් හදුන්වන අවුරුදු 29.35 ,45 වයස් වල පසුවන අය බව පොලිසිය පවසයි .

නීති විරෝධී මත්පැන් පෙරීමේ ආරවුලක් මත දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මෙම මිනිස් ඝාතන සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි .

අම්බලන්තොට පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි

.



අදහස් (7)

කසිප්පු වලියකට තුනක් මරලා

Perera Monday, 03 February 2025 06:42 AM

ඔහොම වෙන එක හොඳයි.. මුන් මුන් ගහගෙන උන්ට නිසි දඬුවම් දීගන්නවා

:       4       6

ජයනාත් Monday, 03 February 2025 09:27 AM

මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුරු අපරාධ නැවැත්වීමට අපහසුයි.

:       2       16

soma Monday, 03 February 2025 09:42 AM

කසිප්පු දැන් දැන් ඇල් වතුර වගෙ සාමාන්‍ය දෙයක් වෙලා ලෝකෙන් උතුම් රටේ. වෙච්ච දෙයක් කිව්වලු.

:       0       9

ජයසුන්දර Tuesday, 04 February 2025 08:26 AM

ඔව් ඒක ඇත්ත. මුන් ඒවාට වතුරද කොහෙද කලවම් කරලා විකුනන්නේ. බෝතල් 1ක්වත් බීවොත් තමයි ටිකක් හරි දැනේනේ. මුන් ඒවත් හොරට පෙරන්නේ. කාට කියන්නද මේවා. ඒවා හොයලා බලන්න කව්රුවත් නැනේ

:       0       2

මාමා Monday, 03 February 2025 11:04 AM

නිතරම බීමතින් ඉන්නව දකින්න ලැබෙන ඔහු මම හඳුනන කෙනෙක් නිසා ඔහුට බීමත් කමේ ආදිනව කිව්වා කීප දවසක්ම. අන්තිමට ඔහු කිව්වෙ - මාමෙ මම බොන්නෙ මගෙ සල්ලි වලින් . වෙන කෙනෙකුට නම් මම හොඳ දෙකක් කියනව කියල. හරි පුතේ යන කොට ඔය බිම දාල තියෙන සිලි උර සාක්කුවඕ දාගෙන පලයන් කියල මම නිකන් හිටියා. මම තීරණය කලේ මේ වැනි අය වැඩි වැඩියෙන් බොන එක හොඳයි කියල. සත්‍ය සිදු වීමක්.

:       0       1

ගුණරත්න Monday, 03 February 2025 12:18 PM

කසිප්පු බොන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල අධික නිසා, ගණන් වැඩි කළා කියලා මිනිස්සු බොන එක නවත්වන්නේ නැහැ. ඒකෙන් වාසිය කසිප්පු වෙළෙන්ඳන්ට....

:       0       1

Gamini❤️ Tuesday, 04 February 2025 08:34 AM

මිනිස්සු කුමක් හෝ සතුටක් විඳින්න කැමතියි. හැම මිනිහම එකම දේට කැමති නෑ. මිනිස්සු විවිධාකාරයි, අදහස් විවිධාකාරයි. බීමේ ආදීනව ඔවුන් නොදන්නවා නෙමෙයි. නමුත් තමන් විඳින සතුට අමතක කරන්න කැමති නෑ. කවුරුවත් කීවට මිනිස්සු ඕක නවත්තන්නේ නෑ. ගොඩක් දුර‍ට ඔය විඳින සතුට වෙනුවට වෙන දෙයක් තෝරා ගැනීමෙන් ඕක නවත්තන්න පුළුවන්. ඉන්න ප්‍රදේශය, ඇසුරුකරන අය වෙනස් කිරීමෙන් ඕක පහසුවෙන් කරන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 544 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 114 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 272 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 315 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 388 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 689 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site