(පුෂ්පකුමාර ජයරත්න )
පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක පිහිටි කසල ගොඩකට දැමූ ගින්නක් පැතිර යාමෙන් කුරුණෑගල ආදර්ශ මහා විද්‍යාලයේ පන්ති කාමර දෙකක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් බරපතළ හානියක් සිදුව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.
එම ගින්නට හසු වීමෙන් ආදර්ශ මහා විද්‍යාලයට අයත් බාලාංශ පන්ති කාමර සහිත ගොඩනැගිල්ලක පන්ති කාමර දෙකක් මෙසේ විනාශයට පත්ව ඇත.
ආදර්ශ මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක අබලි ද්‍රව්‍ය තොගයකට ගිනි තැබීමකදී එම ගින්න ඒ අසල පිහිටි පාසලේ ආරක්ෂිත බැම්මේ ඇති සිදුරක් තුළින් පාසල් භූමියට ඇතුළු වී පන්ති කාමර දක්වා ගින්න පැතිර ගොස් ඇති බව කියයි.
පසුව කුරුණෑගල මහ නගර සභාවේ සහායද ලබාගෙන කුරුණෑගල පොලීසියේ මැදිහත් වීමෙන් ගින්න නිවා දැමීමට හැකි වීමෙන් සිදු වීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇත.
මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ
ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ
ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා ස
අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පො
සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවා
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කසල ගොඩේ ගින්න පන්තිකාමර දෙකක් අළු කරයි
බද්රානි Monday, 15 March 2021 10:30 AM
ඒ පෞද්ගලික ආයතනයේ හිමිකරුවා අපේ ඇමතු තුමෙකුගේ හිතවතෙක් නම් එහෙම, ඔන්න ඔහේ අපි ඒ පාසලේ අලාභය ගෙවා දමමු. එහෙම නැත්නම් ඉතින් අල්ලලා හිරේට දාන්න කියලා පොලිසියට බල කරමු.
සුවන්ති වීරසේකර Monday, 15 March 2021 11:47 AM
මලියදේව ආදර්ශ පාසල අසල ඇති එක්තරා හෝටලයකින් කුණු කානුවක් පවත්වාගෙන යාමෙනුත් ඒ අවට දුගදයෙන් පිරී ඇත්තේද වසර 15 ක පමණ සිටයි. පාසලක් අවට කුණු රැස්කිරීම ගිනි තැබීම නොකළයුතු බවවත් නොදන්නා ආත්මාර්ථකාමී මිනිසුන්ට දඩුවම් දිය යුතුය.