(පද්මසිරි ගාර්දියවසම්)
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු කඩුවලින් සහ කැතිවලින් කපාකොටා පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පැවසීය .
මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්තොට ,මාමඩල , පදිංචි හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික ( අවු: 29) ,හේවා කුමානායක රසික ප්‍රියදර්ශන (අවු:45) සහ මාධව උදයංග මල්ලිකාරච්චි ( අවු: 34) යන තිදෙනාය .
රසික සහ මාධව යන දෙදෙනා ප්‍රභාත් ඉන්දික යන අයගේ ඇලේගොඩ නැගෙනහිර පිහිටි නිවසේ සිටියදී අට දෙනෙකු ගෙන් පමණවූ සැකකරුවන් පිරිසක් කඩු,කැති,පොලු රැගෙන එම නිවසට කඩා වැදී පහරදී ඇතැයි පොලිසිය පැවසීය .
සැකකරුවන්ගෙන් පස් දෙනෙකු නිවසේ සිටි ප්‍රභාත් ඉන්දික යන අයගේ මව විසින් හදුනාගෙන ඇත. ඔවුන් මාමඩල ඇලේගොඩ බටහිර පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය .
----------------------------------------------------------------
(සනත් ගමගේ, පද්මසිරි ගාර්දියවසම්,සහ චන්ද්‍රසේන ගමගේ)
අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි .
ඝාතනයවී ඇත්තේ රුවන් ,නුවන් ,පොඩී යන නම්වලින් හදුන්වන අවුරුදු 29.35 ,45 වයස් වල පසුවන අය බව පොලිසිය පවසයි .
නීති විරෝධී මත්පැන් පෙරීමේ ආරවුලක් මත දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මෙම මිනිස් ඝාතන සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි .
අම්බලන්තොට පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි
.
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකර නියාමනය කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අම
’මන්නා පිහි’, ’කිනිසි’ අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් හතර දෙනකු එහි කළමනාකාරවරයා ගේ බෙල්ලට මන්නා පිහියක් තබ
කල්පිටිය කුරුඥම් පිටිය ආසන්නයේ පිහිටි සුළං කණුවක එක් තටුවක් කැඩී අසළ පිහිටි ගබඩාවක වහළය මතට කඩා වැටීමෙන් එම වහලයේ සෙවිලි තහඩු කිහිපයකට අලාභ හානී සිද
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
හිනිදුම පනංගල නවාතැන් පොලක ඉකුත්දා සිදුවු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකු අද (03) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්
වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ තම ගෙවත්තේ නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු, සහ ඔහුගේ සොයුරෙකු, කැනීම් කිරීමට යොදාගත් උපකර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කසිප්පු වලියකට තුනක් මරලා
Perera Monday, 03 February 2025 06:42 AM
ඔහොම වෙන එක හොඳයි.. මුන් මුන් ගහගෙන උන්ට නිසි දඬුවම් දීගන්නවා
ජයනාත් Monday, 03 February 2025 09:27 AM
මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුරු අපරාධ නැවැත්වීමට අපහසුයි.
soma Monday, 03 February 2025 09:42 AM
කසිප්පු දැන් දැන් ඇල් වතුර වගෙ සාමාන්‍ය දෙයක් වෙලා ලෝකෙන් උතුම් රටේ. වෙච්ච දෙයක් කිව්වලු.
මාමා Monday, 03 February 2025 11:04 AM
නිතරම බීමතින් ඉන්නව දකින්න ලැබෙන ඔහු මම හඳුනන කෙනෙක් නිසා ඔහුට බීමත් කමේ ආදිනව කිව්වා කීප දවසක්ම. අන්තිමට ඔහු කිව්වෙ - මාමෙ මම බොන්නෙ මගෙ සල්ලි වලින් . වෙන කෙනෙකුට නම් මම හොඳ දෙකක් කියනව කියල. හරි පුතේ යන කොට ඔය බිම දාල තියෙන සිලි උර සාක්කුවඕ දාගෙන පලයන් කියල මම නිකන් හිටියා. මම තීරණය කලේ මේ වැනි අය වැඩි වැඩියෙන් බොන එක හොඳයි කියල. සත්‍ය සිදු වීමක්.
ගුණරත්න Monday, 03 February 2025 12:18 PM
කසිප්පු බොන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල අධික නිසා, ගණන් වැඩි කළා කියලා මිනිස්සු බොන එක නවත්වන්නේ නැහැ. ඒකෙන් වාසිය කසිප්පු වෙළෙන්ඳන්ට....