(කීර්ති ප්‍රනාන්දු)
හිස කෙස් සකස් කිරීමේ දී ගල්වන ලද ආලේපනයන් හේතුවෙන් කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබඳු මහත්මිය අද සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් පොලිසියට නියෝග කළේය.
ඊට අමතරව රූපලාවන්‍යාගාරයේ භාවිතා කරන ආලේපන වර්ග පරීක්ෂා කර ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අධිකාරියට ද නියෝග කෙරිණ.
සාදයකට සහභාගි වීම සඳහා සිය හිසකෙස් සකසා ගැනීමට ඉකුත් (30) වැනිදා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ තිස්පස් හැවිරිදි කාන්තාවකගේ හිසට ආලේපන ගැල්වීමෙන් පසු කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මගින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්ය තුමිය මෙම නියෝගය කළාය.
අදාළ සිදුවීමෙන් පසු එම රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය එහි හිමිකාර කාන්තාව සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා සිය රූපලාවණ්‍යාගාරය වසා දමා පලා ගොස් ඇති බවත් පසුව ඔවුන්ගේ නිවෙස් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී ඔවුන් නිවෙස් වලින්ද පලා ගොස් සැඟවී සිටින බවට පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය .
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෙස් යන්න ක්‍රීම් ගෑ සැලුන් කත අල්ලනු
Sajithaa Tuesday, 03 September 2024 06:47 AM
එක්තරා ලංගම බසයක ගැහැනු ඔච්චර ලස්සන නම් ඇයි මෙතරම් බියුටි සැලුන් කියලා ලියා තිබුනා කොහොම වුනත් ස්වාභාවික ආහාර වලින් හා දේශීය ඖෂධ වර්ග ස්නානය කිරීමෙනුත් රූපය ලස්සන වෙනවා කියලා නොදන්නා කමට සැලුන් වලට ගොස් සුලු කාලයක් වෙනුවෙන් දහස් ගණනක් වියදම් කර සමහර වෙලාවට මරණයට පවා ලක්වෙලා තියෙනවා
Chamara Tuesday, 03 September 2024 09:12 AM
අදාළ කාන්තාවගේ මුහුණු නොපෙනෙන ලෙස රූප පල කිරීම අගය කළ යුතුයි.
රංබොඩ Tuesday, 03 September 2024 09:29 AM
ලේසිම ව්‍යාපාරය තමයි මේ. සෞඛ්‍ය අධ්‍යාපනයක් නෑ. ආලේපන ගැන කිසිම සහතිකයක් අවශ්‍ය නෑ. අපේ කාන්තාවන් දැන් හැම එකකටම රෑපලාවන්‍ය. ඒක නිකම් හස් රැල්ලක්. නියපොතු සුද්ධ කරගන්නෙත් ඒවාගෙන. මේ විකාර තව තව වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නෑ.
මිහිර Tuesday, 03 September 2024 11:00 AM
හොඳම වැඩේ ගෙදර ඉදන් තමන්ගේ කොන්ඩේ පිරගන්නවත් බැරිව ඕවා අස්සේ යන අයට පාඩමක් හොඳ පාඩමක්......
minoli Tuesday, 03 September 2024 12:37 PM
මෙය සියලුම කාන්තාවන්ට ඉතා හොඳ පාඩමකි. ස්වභාවික වීමට උත්සාහ කරන්න. මේ දිනවල එය ශ්‍රී ලංකාවේ ඉතා විශාල විලාසිතා සහ ව්‍යාපාරයක් අන් අය අනුගමනය කරයි. සම සුදු කිරීමේ ක්‍රීම්, කොන්ද ස්ට්‍රේට් ගැන කිසිම දැනුමක් නැතිව ඔවුන් මිලදී ගෙන පාවිච්චි කරනවා. එදිනෙදා ගෙදර වියදම් කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට මුදල් නැත. නමුත් මේ වගේ නිස්සාර දේවල් වලට වියදම් කරන්න සල්ලි තියෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ රූපලාවන්‍යාගාර කල් ඉකුත්වන නිෂ්පාදන භාවිතා කරයි. විශේෂයෙන්ම හිසකෙස් ස්ට්‍රේට් කිරීම සහ සුදු කිරීමේ ක්‍රීම්