(අංජුල මහික වීරරත්න)
රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනඟන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
"අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම ත්‍රීවිල් එකක් වගේ. ඉතින් අපි කොහොමද සිංගප්පූරුවේ ධාවන තරගයට යන්නේ. අනෙක් රටවලට තියෙනවා ෆෝමියුලා වන් රේසින් කාර්. අපිට පුළුවන් ද ත්‍රීවිල් එකකින් ගිහින් තරග කරන්න. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මම නැවතත් එය හොඳයි කියලා කියනවා. ඒත් රේස් එකට හරි යන්නේ නෑ. අපි කොහොමද දිනන්නේ. එහෙම නම් අපිත් රේසින් කාර් එකක් හොයා ගන්න ඕනේ. හොඳ එංජිමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ආර්ථිකයක්. ඒ ආර්ථිකය තමයි අපි දැන් ගොඩනගමින් සිටින්නේ යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොහොම හරි ගොඩදමනවා ජනපති ලොකු විශ්වාසයකින්
Jagath Wednesday, 14 December 2022 09:33 PM
නැතුව නැතුව, රනිල් මේ රට ගොඩදානවා. ආර්ථිකයත් දියුණු කරනවා. අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටියත් මේ පාර තමයි හරියටම රනිල් වැඩ පටන් ගන්නේ... ජනතාව කිසිම දේකට බය වෙන්න එපා. 2048 තමයි රනිල්ගේ ආර්ථිකයේ ප්රතිලාභ සියලු දෙනාටම ලැබෙන්නේ.. පොඩ්ඩක් ඉවසලා ඉන්න 2048 වනතුරු...
විජිත්Wednesday, 14 December 2022 11:48 PM
ජගත්, නියමයි. 2048 වෙනකොට රනිල් අපායේ කටු ඉඹුලේ එල්ලලා , ලෝදිය බිබී ඉඳීවි. මේ රටටත් රටේ ජනතාවටත් කරපු අපරාධවලට වන්දි ගෙවමින් සදාකාලයටම අපාගතවෙලාම ඉඳීවි. මිනිහාගේ මාමා ජේ ආර් , මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ හොර හැත්ත බුරුත්තම .. එකිනෙකා මුණ නොගැසෙන සේ බොහෝ දුරින් ඇති කටු ඉඹුල් වල එල්ලා සිටිනු ඇත. සැමටම උදේ දහවල් සහ රෑට ලෝදිය පොවනු ඇත. මොවුන් මෙසේ එකිනෙකා මුණ නොගස්වන්නේ මොවුන් එකතුවී " අපායේ යම රජ්ජුරුවන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් " කරාවි යන සැකය නිසයි. අපායේ බුද්ධි අංශ මේ ගැන වාර්තා කරලා තියෙනවාලු.
Cisco Thursday, 15 December 2022 07:56 AM
හරියටම හරි. 2048 දී රනිල් කොහොමත් නැහැ. අපි නැද්ද දන්නෙත් නැහැ.
Perera Wednesday, 14 December 2022 11:17 PM
මෙයාගේ අවුරුදු 45ක දේශපාලන ජීවිතේදී රටට පලදායි කිසිම වැඩක් කරලා නැහැ.
Kumara Thursday, 15 December 2022 01:32 AM
එතුමාට විශ්වාසක් ඇති අපටනම් නැහැ.
sugath Thursday, 15 December 2022 02:46 AM
කොහෙන් හරි ණයක් අරගෙන එදා වේල ගැටගහ ගැනීම හැර, මෙයා දන්නා වෙන දෙයක් නැහැ.
ranjith Thursday, 15 December 2022 06:27 AM
හොරු රකිමින් රටක් දියුණු කරන රට වේවි..!
chandima Thursday, 15 December 2022 07:08 AM
ගොඩගන්නවා කියනවා. ඒත් වැඩපිළිවෙලක් නැහැ. කරන්නේ මොකක්ද කියන්නේ නැහැ.
Sunil Thursday, 15 December 2022 07:55 AM
රට ගොඩ දමන්න නිශ්චිත වැඩපිළිවෙලක් තවම ඉදිරිපත් කර නැහැ. නුදුරේද ඉදිරිපත් වෙන්නේද නැත.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 15 December 2022 08:23 AM
රට බංකොලොත් බවෙන් මුදාගෙන ගොඩ දැමීමේ තීරණය අගය කළ යුතුයි. ඒත්, අපට තිබෙන ගැටළුව වන්නේ රටම හොරා කෑ සාටක හොර නඩය ලංකරගෙන එසේ කරන්නේ කෙසේද කියලයි. ඔවුන්ගේ හොරකම් හා රට බංකොලොත් කළ වැඩ වලට විරුද්ධව පාරට බැස්ස අයට දඬුවම්. ඒත්, හොරුන් නිදැල්ලේ. මොල හතානෝ හෙවත් රටට කෙළෙව්වා නෝ ආයේ ඇවිදින්. හොර නඩය ද ආයෙත් කළ එළි බැහැලා. අනේ මන්දා මේවා ...
Kanthi Thursday, 15 December 2022 10:06 AM
සමනල රෑනක් හිටු කියලා unlike කරනවා.ලැජ්ජයි නේ....
kamal Thursday, 15 December 2022 10:54 AM
අනේ සර් එහෙනම් කොහොම හරි කරලා අපිට ශ්‍රමිකයන් විදියට වියට්නාමෙට යන්න මාර්ග හදලා දෙන්න...
sharm warn Thursday, 15 December 2022 02:02 PM
තව බිලියන 5ක් නය ගනන්වලු ලබන අවුරුද්දෙ. . රජ්‍ය සම්පත් " ප්‍රතිව්‍යහගත කරල තව බිලියන 3ක් හොයා ගන්නවලු. . සිංහල තේරෙන අපි නම් දනන්ව පින් ගොනා හැරෙද්දි පොල් පැලෙයි කෙහෙල් පැලෙයි දෙකටම කෙලලා යයි කියලා.. එ අස්සෙ කියනව නය බරින් තොර රටක් ගොඩ නගනවලු... වල පයයි ගොඩ පය කාලයි තියෙන මිනිහෙක් රටක අනාගතයක් ගැන ලොකු කතා කියද්දි මට නම් මතක් වෙන්නෙ ඇනස්ලි බර්ටි සැමුවෙල් තුන්දෙනාව
ගමේ එකාලා Thursday, 15 December 2022 02:25 PM
ආසියාවේ ආශ්චර්යයයි, සෞභාග්‍යයේ දැක්මයි පෙන්වනවා කියපු උන්දැලාටත් බැරි වෙච්චි එකේ රනිල් කොහේ කරන්නද? දූෂිත පවුල් පාලනේ අයව රකින එක නම් කරයි, වෙන මොනවා නැතත්...
Kumara Thursday, 15 December 2022 03:06 PM
බම්බුව තමයි නයට කාල දැන් ගොඩ දානවලු.