IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‍කෙහෙළිය පවුලේ කෝටි 9ක ගිණුම් අත් හිටුවයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ දියණියන් තිදෙනාට සහ එක් දියණියගේ ස්වාමිපුරුෂයාට අයත් රුපියල් කෝටි නවයකට වැඩි වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු තුනක් තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර ඇත.

පෞද්ගලික බැංකුවක තිබූ එම ගිණුම් සහ රක්ෂණ ඔප්පු සැක කටයුතු ගනුදෙනු හේතුවෙන් මෙසේ තහනම් කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව මුදල් විශුද්ධිකරණ වරද යටතේ කොමිෂන් සභාව මෙම පියවර ගෙන ඇත.

මේ පිළිබඳව මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීමටත් කොමිෂන් සභාව වැඩිදුරටත් තීරණය කර ඇත.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාරදී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අවභාවිත කර ඇත්දැයි පිළිබඳව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා විමර්ශනයක් ආරම්භ කළේය.

 



අදහස් (16)

‍කෙහෙළිය පවුලේ කෝටි 9ක ගිණුම් අත් හිටුවයි

C.K.Lankaputhra Friday, 05 July 2024 02:06 AM

කරන කලට පව් මීරිය මේ සේ, විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. තව ඔය වගේ අය ගොඩක් ඉන්නවා. ඒ ගොල්ලන්ගෙ ටර්න් එක ළඟ ලගම එනවා. අපි බලාගෙන ඉමු.

:       0       27

Perera Friday, 05 July 2024 04:18 AM

ඔය එක හොර ඇමතියෙක්ගෙ .තව 220 ගානකගේ ඒවා හෙව්වොත් රටේ මුළු ණය කන්දත් ගෙවලා බංකොලොත් භාවයෙනුත් නිදහස් කරගන්න පුළුවන් වෙයි

:       0       27

Janahitha Friday, 05 July 2024 06:15 AM

හොරුන් එළවමු

:       0       17

චතුරි Friday, 05 July 2024 06:24 AM

මූට නම් ආත්ම ගානක් විදවයි හොරිදද කුශ්ට සමග බල්ලෙක් වගෙ ඉපදිලා අසරන මිනිසුන් කී දාහක් මැරුනද මුගෙ බෙහෙත් වන්චාව නිසා. මූටත් දටු පව්ලක් ඉද්දි මේවගෙ දේවල් කෙරුවේ. මේ රටේ නිතියයි පාලනය කරන ලොකු එකාගෙ වැරැද්ද නිසා මෙහෙම වෙන්නෙ මුන්ට ඕන බලය. මිනිසුන්ට ගින්දර දීලා මුන් විතරක් සතුටින් ඉන්න රනිල්ව පුලුවන් ඉක්මනින් එලවලා. නිතියට හිසනමන අලුත් තරුන නායකට රට දීලා. රනිල් සමග මුන් සේරම හිරේ දාන්න ඕන. දැන් පොහොර ටිකක් දීලා. අලුත් අලුත් සෙල්ලම් පොරොන්දු වෙනවා මේ මිනිස්සු නටවලා මුන් බලය ගන්න එක නතර කරන්න ඕන. මුන් එකෙක්ට හොදින් ඉන්න දෙන්න නරකයි. හිරේ ඉන්න කට්‍යියට කියලා මුන්ට ගස්සවන්න ඕන

:       0       23

Saman Friday, 05 July 2024 09:46 AM

මූ මෙහෙමනම් ඌට වඩා ඉහලින් හිටපු උන් කොහොම හොරකම් කරලා ඇතිද?

:       0       20

Prabha Friday, 05 July 2024 07:07 AM

මල් වඩමට බය වෙච්ච දුව කලන්තේ දාලා වැටෙයිද බයට

:       0       17

ranjith Friday, 05 July 2024 07:13 AM

ඔය විදියට රටේ වංචා කාරයෝ දූෂිතයෝ අත් අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනේ රට හදන්න නම්

:       0       17

siri Friday, 05 July 2024 07:15 AM

මේ වගේ දූෂිතයෝ රකින්න පාර්ලිමේතුවේ කීදෙනෙක් චන්දෙ දුන්නද .ඒවගේ අයට ජනතාව චන්දෙ දිය යුතුද ?

:       0       15

Lalla Friday, 05 July 2024 07:58 AM

රඹුක්වැල්ල පරපුර පස්ස පැත්තෙනුත් හිනාවෙනව ඇති නේද. එක බෙහෙත් තොගයක කොමිස් මුදල් කෝටි නවයකට වැඩිය ඇති. විදේශීය ගිනුම් හොයන්න අපේ පොලිසියට පුලුවන්ද?ඔය කණ්‌ඩායම දැන් ජීවත්වන විදිය ගවේෂණය කරල බලන්න... කලකට ඉහත වූ කුප්‍රකට සීමෙන්ති ගනුදෙනුවල කතාව මතකද? එකල හිටිය මන්ත්‍රී කෙනෙකුට සෑම ටොන් එකකටම ඩොලර් දහයක කොමිස් යන විදියට ඩීල් එක අත්සන් කර තිබුණ එක හෙලිදරව් වුණා. ඒත් ඒ ගනුදෙනුව දිගටම ගියා නොවේද ගිවිසුම අනුව...

:       0       15

ජගත් ලියනගේ Friday, 05 July 2024 08:15 AM

ලංකාවේ තියෙන සල්ලි නේ අත්හිටුවීම කරේ . පිටරට තියෙන ( Australia ) තියෙන සල්ලි පවා අත්හිටවන්න ඕන.

:       0       14

Senarath Friday, 05 July 2024 08:56 AM

ලිහලා බලපු මල්ලේ තව මොනවද ඔබලා බලන්නේ ?

:       0       9

ට්‍රැක් වැසියා Friday, 05 July 2024 09:54 AM

අවුලක් නෑ,..ට්‍රැක්ලන්තේ වසර 76ක් රට පාලනය කරපු ජාතියේ ආණ්ඩුවක් තවදුරටත් තිබුනොත්, තව ටික කලකින් නිදොස් කොට නිදහස්. හේතුව, ට්‍රැක්ලන්තේ අල්ලස් හෝ දූෂණ කොමිසම නඩුකරය හරියට අත්සන් කරලා නැත කියන විත්තියේ තර්කය, එහෙමත් නැත්නම් ට්‍රැක්ලන්තේ නීතිපති දෙපාර්තමේන්තුව නඩුකරය පවත්වාගෙන යන්න තරම් සාක්ෂි නෑ කියලා...මීට කලින් ට්‍රැක්ලන්තේ මෙවැනි බොහෝ නඩුවලට වුණා වාගෙ ....

:       0       6

Manjula Friday, 05 July 2024 09:58 AM

මේක මෙතනින් නවත්වන්නේ නැතුව දේශපාලනයට සම්බන්ධ ඔක්කොම හොයන්න ඕන

:       0       8

කුකුල් චමින්ද Friday, 05 July 2024 10:00 AM

යකඩෝ, බන්ධනාගාර ඇතුලෙදි මට සැලකුවා වාගෙ මෙතුමාට සලකන්න කවුරුත් නැද්ද?

:       0       11

නන්දන පනා-මිලානෝ Friday, 05 July 2024 11:15 AM

නිදහස් සෞඛ්‍ය සේවය මුවාවෙන් අහිංසක මහජනයාට මරණය ලබාදුන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලටම නීතිය ඉටු වෙනතුරු සිවිල් ජනයා අවදියෙන් බලා සිටිනවා.

:       0       5

චන්දිම ෆොන්සේකා Friday, 05 July 2024 12:23 PM

දැන් මේ රටේ තියෙන තත්වයක් තමයි දේශපාලකයන් මොන දුෂණය වංචාව කළත් ඒවා ගැන මොන තරම් පත්තර ටීවී රේඩියෝ සමාජ මාධ්‍ය කාටුන් මොන තරම් පෙන්නුවත් කිව්වත් ඒවා සාමාන්‍යයෙන් වෙන දේවල් ඒවා ගැන මොකක් වත් කරන්න ඔනිවෙන්නේ නැහැ ඒවා වෙද්දීම රට ඉදිරියට යන්න ඕනි ඒවා ගැන එච්චර හිතන්න ඕනි නැහැ වෙන මොනවා හරි දේවල් නම් කතා කරමු රටේ සංවර්ධනය ගැන කතා කරමු තෙල් ගෑස් පෝලිම් නැති ඒක ගැන කතා කරමු කොහොම වැටිලා තිබිච්ච රටක්ද ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම ගැන බලමු දිගටම අපිට බලය දෙන්න ඕනි තව අවුරුදු පහක් මෙහෙමම ගියොත් රට ගොඩ දැන් ආයෙත් නතර කරපු තැන වලින් වැඩ පටන් ගන්න පුළුවන් තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ඉදිරියට ලැබේවි 2048 දී අපි ලෝකෙම දියුණු රට වේවි..... නිකම් ඇහෙන කොට පිස්සු .

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1049 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 305 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1999 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 474 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 956 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 584 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site