IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කළුකඩකාරයින් සොයා රටම පීරයි

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන වෙළෙඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා ලංකාදීපයට පැවසිය.

දැනට සිදුකරන වැටලීම්වලට අමතරව විශේෂ වැටලිම් කණ්ඩායම් මේ සඳහා පත්කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා හෝටල්, ආපන ශාලා හා අනෙකුත් වෙළෙඳසැල් ඉලක්ක කරමින් මෙම වැටලීම් සිදුකරන බවත් ඔහු කීවේය.

එහිදී භාණ්ඩ හා සේවාවල  මිල ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවත් සභාපතිවරයා පැවසීය.

අසාධාරණ ලෙස මුදල් අයකරන වෙළදුන්ට ඉදිරියේදි නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

 



අදහස් (7)

කළුකඩකාරයින් සොයා රටම පීරයි

DT Friday, 19 July 2024 08:33 AM

මෙය හොඳ කරුණක්... කරුණාකර හොට්ලයින් අංකයක් නිර්මාණය කරන්න.. 119 වගේ... එතකොට කාටවත් මෙලෙස වෙනස් කරන්න බෑ

:       1       3

විජිත් Friday, 19 July 2024 08:47 AM

ගම්පහ ලියෝ කැෆේ අල්ලන්න. අසාධාරණ මිලක් අය කරනවා.

:       1       3

සමන්ත Friday, 19 July 2024 08:50 AM

ගිය සතියෙ දිනක මා කුරුණෑගල සිට කුලියාපිටිය ට ගියා ලංගම බස් රථයක් .මා හට ලබාදුන් ටිකටිපතේ ගාස්තුව රුපියල් 154කි. මා රුපියල් 160ක් කොන්දොස්තරට දුන් අතර ඉතිරි රුපියල් 06 ආපසු නොදුන්නෙය. මා වැනි මගින් 500ක් දිනකට ගමන්කලහොත් කොන්දොස්තරට රුපියල් 3000ක අමතර ආදායමකි. මසකට රුපියල් 90000ක අමතර ආදායමකි. මේවා පාලනයට බලධාරීන් ඉදිරිපත් නොවිම වංචාව දුෂණය ඇතිවිමට ප්‍රධාන හේතුවකි.

:       1       3

srinath Friday, 19 July 2024 11:16 AM

බඩු මිල 300% සිට 400% දක්වා වැඩිකලා , මුළු රටම විනාෂ කරා.අපෙන් ගත්තු සල්ලි දැන් චන්දය ගන්න බෙදනවා ,20% අඩු කරලා බයිලා ගහනවා. බඩු මිල වැඩි කරනකොට සෑම දෙයක්ම එක සමානව අඩු වැඩි කරන්න ඕන.මේවා චන්ද ගුණ්ඩු

:       5       7

ජයනාත් Friday, 19 July 2024 12:25 PM

නිකං බොරුවක් ...සද්ද විතරයි ...වැඩ නැහැ ..

:       1       7

udara Friday, 19 July 2024 02:20 PM

මේ කියන වැටලීම් වෙන්නේ ලංකාවේද?

:       0       6

de silva Sunday, 21 July 2024 09:43 AM

අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ දෙයක් නමුත් ක්‍රියාත්මක නොවන එක තමා ප්‍රශ්නේ , ආපන ශාලා , කඩ , බාබර් සාප්පු වැනි රටේ වියාපාරික ස්ථානවල්ලින් 90% පමණ මිල ප්‍රදර්ශන නිතිය නිසිලෙස ක්‍රියාත්මක කරන්නේ නැහැ , අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධි ධාරී රජයේ සේවකයන් ඉන්නවා වාඩි වෙන්න පුටු මේස නැතිව , කරන්න දෙයක් නැතිව ඔවුන් නිකරුනේ කාලය ගත කරනවා , ඔවුනගෙන 2-3 බැගින් කුඩා කණ්ඩායම් යොදවාගෙන , පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ ප්‍රශ්නේ සතියෙන් දෙකෙන් නිරාකරණය කරන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2761 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1987 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2858 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2881 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 653 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1296 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36032 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site