IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කළුගල් ටිපර් නවත්තන්නැයි විරෝධතාවක්

(බී.ජී. චතුරංග) 

කාපට් යොදා අළුතින් ඉදි කරන ලද මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  කම්මක්කුලම - ධර්මාලෝකගම මාර්ගයේ කළුගල් ප්‍රවාහනය කරන ටිපර් රථ  ධාවනය  කිරීම හේතුවෙන්  මාර්ගය යලි කැඩී යාමට ලක්වන බව පවසමින් ගම්වාසීහු  පිරිසක් අද (5) එම මාර්ගය හරස් කර ටිපර් රථ නවතා දමා උද්ඝෝෂණයක නිරත වූහ.

වසර පනහකට අධික කාලයක් හරිහැටි ප්‍රතිසංස්කරණයක් නොකෙරුණු මෙම මාර්ගය  ලෝක බැංකු ආධාර යටතේ මහා මාර්ග අමාත්‍යාංශය මගින් මීට මාසයකට පමණ පෙර  කාපට් අතුරා ජනතා අයිතියට පත් කල බව මෙහිදී ගම්වාසීවූ පෙන්වා දුන්හ. 

අඩසිය වසරක් පුරා මෙම මාර්ගයේ පැවති දැඩි අබලන්තත්වය හේතුවෙන් බලධාරීන්ගෙන් වසර ගණනාවක් පුරා සිදු කල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම මාර්ගය සංවර්ධනය කර ගැනීමට හැකිවූ බවත් මාර්ගය විනාශ වන අයුරු බලා සිටීමට නොහැකි බව ඔවුන් පෙන්වා දුන්හ.

මෙම මාර්ගය භාවිතා කරමින් කළුගල් ප්‍රවාහනය කිරීම හේතුවෙන් මාර්ගයට දැඩි හානි සිදුවන බවත් මේ වන විටත් බෝක්කුවක කොටසක් පැලී ගොස් ඇති බව  පවසමින් කළුගල් ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථයක් ගමන් කිරීමට ඉඩ නොදී , එය රඳවා ගෙන  එම මාර්ගය අවහිර කිරීමට ප්‍රදේශවාසීහු මෙහිදී  කටයුතු කලහ.

 



අදහස් (2)

කළුගල් ටිපර් නවත්තන්නැයි විරෝධතාවක්

මගියා Friday, 05 April 2024 04:30 PM

මාර්ග වලට හානිකිරීම් නැවතීමට නීති සැකසීම හා ක්‍රියාත්මක කිරීමට නොපමාව පියවර ගතයුතුයි. විදෙස් ආධාර මත මාර්ග සකසා කඩාබිඳ දමනවා නටපු තොවිලෙකුත් නැහැ... බෙරේ පලුවකුත් නැහැ... මේවා බලන්න කෙනෙකුත් නැහැ. ඊළඟට පළාත් පාලන ආයතන සතු මාර්ග ගැසට් එකේ තිබුණත් ඒවා තියෙන්නේ කොහේද බලධාරීන් දන්නේ නැහැ... ඒවාට කරන හානි ගැන බලන්න කෙනෙක් නැහැ. ඊළඟට ගැසට් පත්‍රයේ තියෙන නමින් නැතුව ගූගල් මාර්ග වෙනස්කර තියෙනවා... ඒවා ගැන බලන්න කෙනෙක් නැහැ. කවුරු කෙසේ මේක කරනවද දන්නේ නැහැ. සියලුම මාර්ග වලට හානි නැවැත්වීමට කටයුතු වහාම ක්‍රියාත්මක කරන්න ඕනෑ.

:       0       4

janaka Saturday, 06 April 2024 08:20 AM

කලුගල් නෙවෙයි, ඕනෑම දෙයක් ප්‍රවාහනය කළ හැකි පරිදි පාරවල් හදන්න. එතකොට බර වාහන යන්න, වෙනමම පාරවල් නැහැනේ... ඒවායේ යන්නේත් අපි වගේ කෙනෙක් පාරවල් කැඩෙන්නේ හොර යක්කු නිසා මිස වෙන හේතුවක් නෙවෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 256 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


දරුවන්ට හිමි ළමා කාලය යළි දරුවන්ට දෙනවා
2024 ඔක්තෝබර් මස 01 200 0

දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි


IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 440 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 416 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 434 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 572 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38336 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25262 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 262 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 858 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site