(සුමිත් ප්‍රේමතිලක)
කළුතර බන්ධනාගාරයේ වසර දෙකකට පෙර සවිකර ඇති සිසිටිවි කැමරා 60 කට වැඩි ප්‍රමාණයක් වසරක පමණ පෙරසිට අක්‍රීයව පවතින බව හෙලිව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
බන්ධනාගාර රැදවියෙකු පහරදීමකින් ඊයේ (26) මියයාම සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමේදී මේ බව හෙලිව ඇත.
බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල, කාන්තා සිරමැදිරිය ඇතුළු වාට්ටු සියල්ලෙහිම මෙන්ම ප්‍රධාන දොරටුව, අවන්හල ඇතුළු ස්ථාන රැසක සවිකර ඇති සිසිටිවි කැමරා මෙසේ අක්‍රීයව තිබේ.
මියගොස් ඇති තැනැත්තා පහරකෑමට ලක්වූ බව කියන සී වාට්ටුවේ ඉදිරිපිට ආරක්ෂක කැමරාවක් සවිකර ඇතත්, එයද මේ වනවිට අක්‍රීය තත්වයේ පවතින බවත් , එය ක්‍රියාත්මකව තිබුනේ නම් සිදුවූ අපරාධයේ සුලමුල සොයාගැනිමට පහසුවන බවද පොලිසිය සදහන් කරයි.
මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ කළුතර බන්ධනාගාරයේ නම සදහන් නොකල උසස් නිළධාරීයෙක් මෙසේ පැවසීය. වසරකට පෙර සිට සීසීටීවී කැමරා පද්ධතියම අක්‍රීය වෙලා. එය බන්ධනාගාරයේ ආරක්ෂාවටද තරමක තර්ජනයක්. මේ පිළිබඳ උසස් මූලස්ථාන වෙත දැනුම් දී ඇතත් මුදල් ප්‍රතිපාදන ගැටලු නිසා ප්‍රමාද වෙලා යනුවෙන් පැවසීය .
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කළුතර බන්ධනාගාරයේ සිසිටිවි කැමරා 60 කට වඩා අක්‍රීයයි’