IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කළුතර වෙරළේ පෙම්ට පොලිසිය හරස් වේ

සුමිත් පොතුපිටිය

කළුතර ගඟ අසල, මුහුදු වෙරළ සහ කලපුව ආසන්නයේ අතර සිටී තරුණ යුවල 13 ක් අද පස්වරුවේ පොලිසියට රැගෙන ආ බව කළුතර දකුණ පොලිසිය පවසයි .

කළුතර ප්‍රදේශයේ විවිධ අපචාර ක්‍රියා වැලැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වැටලීම සිදුකර ඇත.

අනේ සර් ගෙවල්වලට නම් කියන්න එපා කියමින් පොලිස් නිළධාරීන් ඉදිරියේ තරුණ තරුණියන් හඩාවැටී ඇති බවද සදහන් වේ.

විශේෂ බස් රථයකින් ඔවුන් පොලිසියට කැටුව විත් මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා අවවාද කර තරුණ තරුණියන්ට තේ පැන් සංග්‍රහයක් දී පිටත් කර හැරියේය.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර තිබේ .

 

 



අදහස් (14)

කළුතර වෙරළේ පෙම්ට පොලිසිය හරස් වේ

,මංජුල Monday, 15 May 2023 06:33 PM

ඇයි අලි එනවාද?

:       3       23

Sampath Monday, 15 May 2023 06:55 PM

මේක මහ මෝඩ වැඩක්... මිනිස්සුන්ගේ නිදහසට බාධාකරන්න පොලිසියටත් බැහැ. මේ වගෙන් මේ ජීවිත වලට වන අහිතකර බලපෑම් වැඩි ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම මූලිකවම අවශ්‍යතාවයක් කවුරු හරි මානව හිමිකම් ගියොත් නිලධාරිනුත් අමාරුවේ...

:       7       34

ගැමුණු Tuesday, 16 May 2023 01:27 PM

මේ වගේ උන් තමයි මේ පාසල් ළමයි විනාශ කරන්නේ, බාල අපරාධ කරන්නේ, එක්කෝ මත ද්‍රව්‍ය පාසල් ළමයිට විකුනන්නේ. දරුවෝ ඉන්න දෙමව්පියෝ මේ වැඩේට පොලිසියට ගොඩක් ස්තුති කරනවා. පාසල් ළමයි 16 ක්‌ අපයෝජනය වෙලා තියෙන්නේත් කළුතර තමයි. වෙන තැන් වල වෙන ඒවා එලියට ඇවිත් නෑ... සම්පත් වගේ ගැණු, දරුවෝ නැති එලොවටත්, මෙලොවටත් නැති ජීවිත මොනවා කීවත් පොලිසිය කරපු වැඩේ අගය කළ යුතුයි.

:       0       0

SL Tuesday, 16 May 2023 12:23 AM

පොලිසිය කරන්නේ අමාරු රාජකාරියක් , මොනා කලත් වැරදි. මේ හරියේ පාසැල් දරුවන් 16ක් ගුරුවරයෙකුගෙන් අපයෝජනය උනා, තව පාසැල් දරුවෙක් සල්ලාලයෙක් නිසා මරුන ඉතින් පොලිසියට අයිතියක් තියෙනව මේ ඉන්න වෙරළේ අහුමුලු වල ට වෙලා ඉන්න පිරිස් ගැන යම්කිසි අවධානයක් යොමුකරන්න. පොලිසියට වෙලා තියෙන්නේ හොඳ මිනිස්සුයි නරක මිනිස්සුයි හොයාගන්න අමාරු රාජකාරියක් ...............

:       0       2

aravinda Monarawila Tuesday, 16 May 2023 01:21 PM

පොලිසියේ රාජකාරිය ලේසි කරගන්න මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගන්න බැහැ .එහෙනම් කරන්න තියෙන්නේ ලංකාව එළිමහන් භාණ්ඩාගාරයක් කරන එකයි

:       0       0

ලුම්බිණි Tuesday, 16 May 2023 05:32 AM

ඕයි, මූද අයිනේ වාඩිවෙලා ඉන්නවත් ඉඩ දෙන්නේ නැති රටක ඉඳල වැඩක් තියෙනවද?

:       0       1

සපරමාදු Tuesday, 16 May 2023 01:30 PM

මේ පට්ට අව්වේ මහ දවාලේ මොකා ද යකෝ මුහුදු අයිනේ ඉඳගෙන ඉන්න මිනිහා.මාළු අල්ලන මිනිස්සු පොලිසියට අරන් ගිහින් නැහැනේ.

:       0       0

සාර්කැස්ටික් Tuesday, 16 May 2023 07:33 AM

තරුණ පෙමට තරුණ අවශ්‍යතාවලට හරස් වුවද මහල්ලන්ගේ අලුකුත්තේරු වැඩ වලට උපරිම නිදහස ලබා දී ඇත . නාකි දේශපාලකයින්ට සැපේ යාමට අදි සුඛෝපභෝගී වාහන වලට වියදම් කල මුදලින් සෑම නගරයකම උද්‍යාන සැදුවානම් මීට වඩා යහපතක් රටට වනු ඇත . විදේශීය රටවල මේ සංකල්පය හොදින් ක්‍රියාත්මක වේ.

:       1       1

Lalla Tuesday, 16 May 2023 08:46 AM

හෝටල් ගානේ නොයා වෙරලේ ඉන්න එක හොඳ නැතිද?.තරුණ පරපුරට පෙම් කිරීම නවත්තන්න බෑ.සීමාව තුල හැසිරීම කාගේත් යහපතට හේතුවක්.....

:       0       1

කිරිපුතා Tuesday, 16 May 2023 09:16 AM

එළිමහනේ තරුණ තරුණියන් ට ආදරය කිරීමට ඇති ඉඩ අහුරනවා නොව ඔවුනට ආරක්ෂාව දිය යුතුය .කොටු කර ගත යුත්තේ ආදරය මුවාවෙන් ගෑණු දරුවන් කාමර වලට රැගෙන යන නරක පිරිමින්ය

:       0       2

Suren SarathKumara Tuesday, 16 May 2023 11:37 AM

මෝඩ ජෝක්

:       1       1

දිසානායක Tuesday, 16 May 2023 01:35 PM

වෙරළෙන් තමයි පටන් ගන්නේ සුන්දර විදියට . අවසාන වෙන්නේ ජෝනිවෝකර් ගහලා, හෙළුවෙන් ජනේලෙන් පැනලා.......එහෙම හොඳද.

:       0       0

prsanna Tuesday, 16 May 2023 11:51 AM

අපිත් එනවා කළුතර වෙරළට තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳින්න .නියමයි

:       0       1

සරත් තෙන්නකෝන් Tuesday, 16 May 2023 01:38 PM

දරුවන්ට ආදරේ ඇති දෙමව්පියෝ මේ වැඩේට පොලිසියට ස්තුති කරනවා... දරුවන්ට අයාලේ ඇරලා ඉන්න අයට නම් ගාණක් නැතිව ඇති දරුවෝ මොනවා කෙරුවත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ජනපති තවත් පොරොන්දුව කඩකළා’’
2025 අප්‍රේල් මස 21 0 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 244 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 301 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 304 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 175 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 190 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site