IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කුළුබඩු ආනයනයට අවසර දෙයි

(යොහාන් භාසුර)

ගම්මිරිස්, ඉඟුරු සහ කහ ඇතුළු කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු සහ කහ ඇතුළු සෙසු කුළු බඩු ආනයනය හා අපනයන පාලක ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කළ හැකි අතර ඒවාට දේශීයව සියයට 35 ක අවම අගයක් එකතු කර ප්‍රතිඅපනයනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

 



අදහස් (10)

කුළුබඩු ආනයනයට අවසර දෙයි

යහපාල Sunday, 10 March 2024 09:00 PM

ඉන්දියාවෙන් බිත්තර විතරක් නොවෙයි ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු, කහ, කොස්, දෙල්, පොල් හැම මගුලක්ම ගෙනත් කවන්න යන්නේ. ඇගේ පතේ හයිය තියන ඒ අය කුලී වැඩට රට ගිහින් ගෙදරට සල්ලි එවලා ඉන්දියන් කෑම කවන්න යන්නේ. ගෑනි ගෙදර තියා මං පිටරට ගියා... මං එනතුරු ඉන්දියාව ඔවුන්ව බලාගනියි නිරතුරු....//

:       0       1

Truth Sunday, 10 March 2024 09:15 PM

ඔය ඉඩදීලා තියෙන්නේ ඉන්දියාවේ කුලූබඩු ලංකාවට ගේන්න. ලංකාවේ කුළුබඩු වලට තියන ඉල්ලුම නැතිකරන්න හදන්නේ. ඒ විතරක් නොවෙයි ඉන්දියන් කාරයින් ඇවිල්ලා හැම දෙයක්ම ඩිස්ට්‍රොයි කරන්න හදන්නේ. කොළඹ 1 සිට 6 දක්වා හැමතැනකම ඉන්දියන් කාරයින් වැහි වැහැලා... අනෙක් අයට කරදර වෙන විදිහට තමයි හැසිරෙන්නේ... විනය කියන දේවල් ගණන් ගන්නේම නැහැ. සුපර් මාර්කට් වලට ගියත් හැසිරෙන්න දන්නේ නැහැ පෝලිම පවා පනින්න හදනවා.

:       0       2

Bamunuarachchi Monday, 11 March 2024 12:36 AM

යහපාලන රජය කාලේ හම්බ සෙට් කාලේ ප්‍රතිඅපනයනය කරන්න ගිහිල්ලා අපේ ගම්මිරිස් ව්‍යාපාරය විනාශ කිරීමයි...

:       0       2

විජිත් Monday, 11 March 2024 05:33 AM

අපේ රටේ නිෂ්පාදිත කුළුබඩු වලට ලෝකයේ ' ඉහලම පිළිගැනීමක් ' තිබෙනවා. ඒ ඒවායේ අඩංගු රසායනික සංයෝග වල ඇති ඉහල සාන්ද්‍රණ ප්‍රතිශතය අනුව ලද ඉහලම ප්‍රමිතිය නිසයි. ඒ අතරේ ඒ කුලුබඩුම ( නමුත් අඩු ප්‍රමිතියකින් යුත් ) වෙනත් රටවලින් ආනයනය කොට යලි ප්‍රති අපනයනය කිරීමෙන් සිදුවන්නේ,අපේ රටෙන් අපනයනය කරන අපේම කුළුබඩු පිළිබඳව ලෝකයේ ඇති ඉහලම පිළිගැනීම මදක් අඩුවී,ඔවුන් තුල ' සැකයක් ' ඇති කිරීමයි. පට්ට මෝඩයාට ඒ බව වැටහෙන්නේ නැහැ, ඕන ජරාවකට අවසරදෙමින් ගැසට් ගහනවා.ඔහොම යමං තව මාස කීයද ...කාලකන්නියා රට නැත්තටම නැති කරනවා.

:       0       16

yahapalaMonday, 11 March 2024 01:01 PM

ඇයි කරන්නේ කියල අහන්න එපා. එහෙම කරපුහාම මොකක්ද වෙන්නේ කියලා ඔයාලටත් වඩා හොදට දන්නා නිසා තමයි එහෙම කරන්නේ. ඒකම තමයි ඔවුන්ගේ අවශ්‍යතාවය. ආර්ථිකය කඩා වැටීමත් සමග විවාහ වන වයසේ තරුණයින් සියල්ල පවුලේ ආර්ථිකය කරට ගෙන විදෙස්ගත වෙනවා. ලංකාවේ තරුණියන්ට විවාහවෙන වයසේ පිරිමින් හොදටම හිගයි. ජාතිය ඉබේටම දිය වෙනවා. ඉන්දියන් නිෂ්පාදන සේවා සියල්ල රට තුලට එනවා. වතු පිටි කුබුරු පාලු වෙනවා. ඉන්දියන්කාරයෝ චීන්නු ඒවා මිලදීගෙන ලංකාවේ පදිංචි වෙනවා. ඉන්දියාවෙන් තෙල් විදුලිය වතරක් නොවෙයි පාරකුත් හැදුනාම මේක ඉන්දියාවක්. අරමුණම ඒකයි. මේවා සිතා මතා සිද්ධ වෙන්නේ. දැන් හිතෙනවද ඇයි එයාලා එහෙම කරන්නේ කියලා. අපේ මහා එවුන් හොරකම්කල ධනය එලියට ගන්න විධිහක් නෑ. ඔවුන් අධානි ඇතුළු ඉන්දියන් චීන සමාගම් වල ලංකාවේ ආයෝජන වලින් කොටසක් (5% - 10%) හොරකම් කල සල්ලි වලින් යොදවලා ලාභ ගන්නවා. ඒ මුදල් චන්දෙදි විසිකරලා බලයේ ඉන්නවා. උන් බලයේ සිටියොත් පමණයි ඒ ස

:       0       1

Lankabarana Monday, 11 March 2024 05:59 AM

ඇත්තටම රටේ පාලකයින්ට මොළයක් කියලා එකක් ඇත්තෙම නැද්ද විදේශවලින් කුණු ගෙනවිත් අපේ සම්පත් නැතිනාස්ති වීමට කටයුතු කලාම හෙංචයියො එකෙකුට දෙන්නෙකුට උන්ගෙ ව්‍යාපාර දියුණු වෙන්න පුළුවන් වේවි ඒත් දේශීය ගොවියා හා වගාවන් පරිහානියට පත්වෙලා දේශීය සම්පත් නැතුව යාවි එම කර්මාන්තයේ යෙදුනු දහස් ගණනක් ශ්‍රමිකයන්ට රැකියා නැතුව යාවි යහපාලනය කාලයේ එකෙක් ඔහොම ගම්මිරිස් ගෙනාවා දේශීය ගොවියා අනාත වුනා ඒකාලේ හිටපු ඇමතියෙක් කිව්වෙ තීරු බදු ලැබෙන නිසා එහෙම කරනවා කියලා තමයි ස්වාභාවික දෙයකට අගය එකතුකරනවා ගම්මිරිස් වලට ගස්ලබු ඇට එකතුකරනවා වගේ වැඩක් තමයි ඕස්ට්‍රේලියාවේ දරුවො බලන්න ගියා මවක් දවසක් කිව්වා අගය එකතුකර සැකසූ ලංකා තේ කියලා එහි තියෙන තේ බොන්න බැහැ කියලා නැවතත් කියන්නෙ හෙංචයියො සැකසීම සදහා ඔහොම කරනවා නම් ඊළඟ ජනාධිපතිවරණය අවස්ථාවේ අපේ තීරණය ඔය අදහස අහෝසි කරන කෙනෙකුට ලබාදීමට හේතුවක් වෙනවා කියලා මතක් කරන්න ඕන

:       0       13

ravin Monday, 11 March 2024 06:38 AM

පෙර අවසරය අත්හිටවූයේ ඇයි ?එම අවස්තාවේදී කරන ලද දූෂණයන් ?එම දූෂණයන් වැලැක්වීමට ගත් පියවරවල් ?රෑ වැටිච්ච වලේ දවලුත් වැටීමේ පුරුද්ද අත් හැරලා නැතිව වගේ ?

:       0       11

මස්ඉඹුලMonday, 11 March 2024 10:50 AM

රවීන් කියන්නෙ සහතික ඇත්ත යහපාලනය කාලයේ ඕක කරන්න ගිහිල්ලා තමයි අවුරුදු 75 වරින්වර රටේ පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය එකම ආසනයක් වත් නැතුව කුජීතම වෙලා ගියේ දැන් හදන්නෙ 2019 ලබුනු ජාතික ලැයිස්තු මංත්‍රී තනතුරත් නැතුව යන්න තමයි ඔහොම යංකො

:       0       8

Chandima Monday, 11 March 2024 02:03 PM

කවදා හෝ සිංහලේ රජෙක්ව ඉපදී සිංහලේ වනසා දමන බව එළාර රජතුමා කිව්වලුනේ නේද?

:       0       2

chandaniMonday, 11 March 2024 06:46 PM

ඔබ හරි, රනිල් කියන්නේ ඉන්දියාවේ වඩිග පරම්පරාවෙන් පැවත එන කෙනෙක්, එළාරගේ සම්භවයත් ඉන්දියාවනේ. මෙයා තමයි එළාර දුෂ්ඨයා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 766 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 278 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1463 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2680 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 217 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1542 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site