IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කුළුබඩු ප්‍රති අපනයන ගැසට්ටුව අත්හිටුවයි

(අංජුල මහික වීරරත්න)

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට  පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය  ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් රැස්වීමේදී අදාල ගැසට් නිවේදනය සම්බන්ධව  විරුද්ධත්වය පළ කර ඇත.

විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට  අවසර දීම මගින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත්වන බවත්, එමනිසා දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ. එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩු වල ප්‍රමිතිය සඳහා මෙමගින් ප්‍රබල බලපෑමක් එල්ල වන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගත් ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාල ගැසට් නිවේදනය අත් හිටුවීමටත්, ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත් හිටුවීමටත් තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.



අදහස් (9)

කුළුබඩු ප්‍රති අපනයන ගැසට්ටුව අත්හිටුවයි

රට පෙරට Tuesday, 12 March 2024 09:07 AM

ඇමැතිවරයා නොකිව්වත් අවම වශයෙන් මොන්ටිසෝරියකට ගිය ළදරුවෙක් වුනත් ලංකාවේ වැවෙන භෝග වර්ග ප්‍රති අපනයනය සඳහා හෝ ගෙන්වීම මහා විනාශයක් කියලා දන්නවා. අපේ රටේ පාලකයෝ ගැන පුදුම කණගාටුවක් තමයි තියෙන්නේ..!

:       0       1

MMSB Tuesday, 12 March 2024 09:12 AM

දැනටමත් නැව් ගණනාවකට LC open කරලා ඇති. ගැසට් ගහපු එවුන් හෙළිකරන්න රටටම දැනගන්න. මැතිවරණයත් ළඟනේ. සල්ලි හොයාගන්න එපායෑ...

:       0       1

පුරවැසියෙක් Tuesday, 12 March 2024 10:25 AM

රටට සහ වගාකරුවන්ට අහිතකර බලපෑම් එල්ලවන මෙවන් ගැසට් පත්‍ර නිකුත් කිරීමට පෙර අදාල බලධාරීන්ට නොතේරේද? නැතිනම් යම් යම් වාසි තකාද?

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 12 March 2024 11:12 AM

උදේට කරන එක හවසට වෙනස් කරනවා. කරන්න ඕනෑ මොනවාද නොකරන්න ඕනෑ මොනවාද කියලා අවබෝධයක් නැහැ. අඩුම ගානේ තීන්දූවක් ගන්න කලින් ඇමැති මණ්ඩලයෙන් අහලා බලන්න තරම්වත් නිහතමානී කමක් සාමුහික හැඟීමක් නැහැ. ඒ වුණාට ආසියාවේ ලොකුම මොලයලු, රට ගොඩගන්න පුළුවන් එකම මෑන්ලු තවත් පහක් දෙන්නලු.

:       0       1

Asanga Tuesday, 12 March 2024 11:43 AM

හිරවෙලා තිබුන බඩු ටික නිදහස් කරගන්න කල් ඇති වෙන්න ඇති මගෙ හිතේ....

:       0       1

ravin Tuesday, 12 March 2024 03:01 PM

අමතකද සීනි වැඩේ ?හොයලා බැලුවානම් ඔය ගැසට් එක පිටිපස්සේ 10% ඉන්නවද කියලා .හොරා හොරාමයි .දැක්ක ගමන් කට්ටට කෙල හලනවා

:       0       1

chandani Tuesday, 12 March 2024 06:24 PM

ගියසතියේ ඔය ගැසට් එක නිකුත්කරපු නාකි හම්පඩ බටලන්දේ බැංකු හොරාට මොකද කරන්නේ ? රනිල්ව දේශද්‍රෝහියෙක් ලෙස නම් කල යුතුයි.

:       1       1

amarasiri Tuesday, 12 March 2024 06:32 PM

ඔය අමාත්‍ය මණ්ඩලයේ ඉන්න එවුන් ඉස්කෝලේ ගිහින් නැති පට්ට පල් හොර මිනීමරුවෝ !!! ඒ නිසා තමයි ඔය කුළුබඩු ආනයනයට අත ඉස්සුවේ. රටේ මහා එකයි කියාගන්න බටලන්දයා ඔක්කොටම හපන්. එකෙක් අත ඉස්සුවොත් අනිත් එකාත් උස්සනවා,මොනවටද,ඇයි ,කොහොමද,කොහෙන්ද ,එතකොට අපේ ඒවා ?...ඒවාගැන මුන්ට තේරුමක් නැහැ.අපි බලමු මේ පාරවත් මේ නාකි මෝඩ හැත්තම එළවලාදාලා ,නැතිනම් හිරේ දාලා, අලුත් බුද්ධිමත් උගත් කට්ටියක් පාර්ලිමේන්තුවට පත්කරගන්න. මේ නාකි , ඔක්කොම හිරේ යාමට නියමිතයි.

:       0       2

Bamunuarachchi Tuesday, 12 March 2024 06:58 PM

නියමයි! හම්බ සෙට් එක පිටපට ගහල ලෑස්ති වෙන්න ඇති කසිය අපේ කුරුඳු වලට කවලම් කර විකුනන්න. යහපාලන කාලේ හම්බයො අපේ කුළු බඩු වෙළඳාම කෑව

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 441 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 35 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 572 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 242 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 452 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 820 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site