(සුජිත් හේවාජුලිගේ )
කොළඹ නගරයේ රථවාහන තදබදය වැළැක්වීම සඳහා නව රථගාල් 12ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළේ සිවුවෙනි රථ ගාල කොළඹ 11 අබ්දුල් කාදර් මාවතේ ඉදිකිරීම ඇරඹූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
මේ රථ ගාල ඉදි කිරීම අරඹා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතය.
කොළඹ කොටුව සහ නාරාහෙන්පිට යන ප්‍රදේශවල රථගාල් තුනක ඉදිකිරීම් කටයුතුද මේ දිනවල සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොළඹට නව රථගාල් 12ක්
ase Monday, 21 June 2021 04:03 PM
කොළඹ නගරයේ රථවාහන තදබදය වැළැක්වීම සඳහා කලයුතු විශාල වාහන ප්‍රමාණයක් කොළඹට ඇතුලුවීම වළකාලීමට පොදු ප්‍රවාහන සේවය ඉහළ දැම්මා නේද? මේ අතීසාරයට අමුඩ ගැසීමක් නේද?
කිරිපුතා Monday, 21 June 2021 04:16 PM
ඉතාම අත්‍යාවශ්‍ය දෙයක්. සාර්ථකව නිමවේවා...!
පසන් Monday, 21 June 2021 05:06 PM
'මේ වෙලාවේ මේ රටට රථගාල් එපා. රට සුන්දර කිරීමට පෙර ජනතාවගේ ජීවිත සුන්දර කරන්න'... යන්න ඉතා නොබෝ වේලාවකින් නෑසුනොත් පුදුමයකි.
kamal Monday, 21 June 2021 05:07 PM
මේකටද ඩී.එස්. සේනානායක විද්‍යාෙලට යවන්න හදන්නේ...?
susantha Monday, 21 June 2021 05:17 PM
එක එක නායකයින්ට හිතෙන හිතෙන තැන්වල ඕවා හදලා හරියනවද? චීනෙන් මහපරිමාණයෙන් වැඩි පොළියට ණයට අරන් හම්බන්තොට හදපු සම්මන්ත්රණ ශාලා, ක්‍රීඩාංගණ වගේ දේවලුත් දැන් වල්බිහිවෙලා විනාශ වෙනවා නේද? කිසි සැලසුමක් නැතිව තමන් සියල්ල දත් කියලා හිතන් තීරණ අරන් ඕවා හැදුවාම...? ඕවා හදන ස්ථාන තීරණය කරන්න ඕනෑ නගර නිර්මාණය පිළිබඳව, ගමනාගමනය, රථවාහන සැලසුම් පිළිබඳව දැනුම ඇති අය නේද? ඒ තීරණ මොකටද අගමැති ගන්නේ...? හීනමානය තාම හොඳ වෙලා නැතිද?
සමන්ත Monday, 21 June 2021 06:36 PM
රථගාල් ඕනේ තමයි. ඒත් ගොන් වැඩකරලා රටත්, ජනතාවත් අමාරුවේ දාන්න එපා. කොළඹ නගරය සංවර්ධනය කරන්න ඕනේ ඉදිරි අවුරුදු 50ක් දුර බලලා නිසි සැලසුමකට අනුව. ඒ සැලැස්ම තමයි සිංගප්පූරුවේ සර්බානා සමග එකතුවෙලා හැදුවේ. ඒ අනුව තමයි යහපාලන ආණ්ඩුව කාලේ වැඩ කලේ. මෙගා නගරයක් නිර්මාණය කරන්න සෑහෙන කැපවීම් කරන්න ඕනේ. ඒ සඳහා සෑහෙන කාලයක් යනවා. ඒ මගින් අලුත් රැකියා අවස්ථා බිහිවෙනවා. අලුත් ගෙවල්, යටිතල පහසුකම් සහ නව ආර්ථික එන්ජිමක් නිර්මාණය කරනවා. ගමෙන් නගරවලට තරුණ පිරිස් සංක්‍රමණය වෙනවා. ඒ නිසා ගමේ කෘෂිඉඩම් වැඩිවෙනවා. රටේ නිෂ්පාදනය ඉහළ යනවා. රාජපක්ෂලා ඇවිත් ඒ ඔක්කොම කනවා...
අසන්තාMonday, 21 June 2021 08:05 PM
මෙගා නගරයක් හදන්න සෑහෙන කාලයක් යනවලු. ඒකෙ ඇත්තක් තියෙනවා... ඒකනේ වරාය නගරය ඔවුන් ආපු ගමන් නවතා දැමුවේ. ඒකටත් වන්දි ගෙවන්න සිදුවූයේ ජනතාවටයි.
සමන්තMonday, 21 June 2021 11:17 PM
මෙතන මෙගා නගරයක් නිර්මාණය කරනවා කියන එකෙයි, වරාය නගරයක් හදනවා කියන එකයි කියන්නේ සංකල්ප දෙකක්. ඒක හොඳටම තේරුම් ගන්න. ඒ ගැන අධ්‍යයනය කරලා එන්න ඕනේ. නැත්නම් පසුබිමක් තියෙන්න ඕනේ. රටක් සංවර්ධනය ආණ්ඩු මාරුවෙන ගානට වෙනස් වෙන්න බෑ. වරාය නගරය සැළසුම් කලෙත් යූ.ඇන්.පී ආණ්ඩුව 2002 දී. චීනෙට සින්නක්කර ලියලා දීලා වැඩ පටන් ගත්තේ 2010දී මහින්ද. ඒක නැවත පවරාගෙන වැඩ නිසි ලෙස පරිසරය රැකගෙන නැවත පටන් ගත්තේ රටට ඇති ආදරයට සහ කැක්කුමට. ඒ නිසා අර නයි ආවෝ- ධාතු ගෙනාවෝ වගේ බොරු බේගල් කියලා ජනතාව මුලා කරන්න එපා. එන්න අපි නාලක ගොඩහේවාගේ වාරකන් කාලේට කැස්බෑවෝ මැරෙන කතා, සැහල්ලු දුම්රිය මාර්ග පහ ගැන අපි කතා කරමු.
Bamunuarachchi Tuesday, 22 June 2021 08:21 AM
පාර අයිනේ වාහනයක් පාක්කර ගන්න තිබෙන තැන් ත්‍රී වීලර් කාරයින් අයිති කරගෙන. මාදිවෙල පාරේ වාහනයක් පාක්කරන ස්ථානය දිගටම සුරුට්ටු කඩකාරයින් අයිති කරගෙන. වාහනයක් පාක් කරගන්න ඉඩ නැහැ.