(විනීතා එම් ගමගේ)
කොළඹ ගංවතුර පාලනය සඳහා කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක‍්‍රියාත්මක කොළඹ ශාන්ත සෙබස්තියන් ඇළ මාර්ග දොරටුව හා පොම්පාගාර ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ සාර්ථක සංවර්ධන ව්‍යාපෘතියක් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කොළඹ නගරය ආශ‍්‍රිතව ගංවතුර පාලනය සඳහා කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය (Metro Colombo Urban Development Project) යටතේ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටි අවදියේ ආරම්භ කරන ලද කොළඹ ශාන්ත සෙබස්තියන් ඇළ මාර්ග දොරටුව හා පොම්පාගාර මධ්‍යස්ථානය නිරීක්ෂණයට ලක්කළ අවස්ථාවේ අමරවීර මහතා මේ අදහස් පළ කළේය.
කොළඹ නාගලගම්වීදිය, තොටළග හා කොළොන්නාව ආශ‍්‍රිතව වර්ෂාව අධික අවස්ථාවල පවතින ගංවතුර පාලනය සඳහාත් දැනට අතිශයින් දූෂිතව ඇති ජලමාර්ග පවිත‍්‍රකිරීම සඳහාත් මෙම ඇල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් වැය කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 200කි. එමගින් කොළඹ මහනගර සීමාව තුළ පවතින සියලූම ඇළමාර්ග විධිමත් පරිදි අප ජලය බැස යන පරිදි නවීකරණය කෙරෙන අතර ඇළමාර්ගවලට බැහැර කරන පොලිතීන් හා ප්ලාස්ටික් ආදි අපද්‍රව්‍ය සියල්ල මෙම උතුරු දොරටුව අසළින් පිරිසිදු කර කැළණි ගඟට මුදා හැරීමට සැලසුම් කර ඇතැයි එම ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ සුළු වර්ෂාවක දී වුවද කොළඹ නගරයේ ඇතැම් ප‍්‍රදේශ ගංවතුර ට ලක්ව යටවන නිසා ඒ හැම අවස්ථාවකදීම රුපියල් මිලියන 2000කට වඩා පාඩුවක් මහජනතාවට සිදු වන බවය.
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ ඇළ මාර්ග ව්‍යාපෘතිය ඇමැති අමරවීරගේ නිරීක්ෂණයට
Don Sunday, 01 August 2021 03:55 PM
අපරාදෙ රුපියල් බිලියන 200... වතුරේ ගියා කියලා හිතෙයි ඊළඟ ගංවතුර ආපුවාම..