IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


කොළඹ නගරයේ කොරෝනා වාහකයන් 30,000 ක්

(විනීතා එම් ගමගේ)        

කොවිඩ් වයිරසය ආසාදනය වූවන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි කොළඹ ප්‍රධාන ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසයි.
         
නගරයේ අහඹු ලෙස තෝරාගත් 300 ‍දෙනෙකුගේ සිදුකල පීසීආර් පරික්ෂාවක දී එයින් 5%ක් ආසාදිතයන් වී තිබු බවත් ඒ අනුව කොළඹ නගරයේ වෙසෙ‍න ලක්ෂ 6ක ජනතාවගෙන් 5%ක් ආසාදිතයන් යැයි සැක කරන බවත් වෛද්‍ය විජේමුණි මහතා ලංකාදීප කළ විමසීමක දී පැවැසීය.
         
ආසාදිතයන් අතරින් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් රෝග වාහකයන් වනබවත් කී ඔහු රෝග ලක්ෂණ පෙන්වන්නේ ආසාදිතයන් අතරින් 5%ක් පමණක් බවත් සඳහන් කළේය.

මෙකී රෝග ලක්ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යන්නේ 0.4%ක් පමණක් බව පෙන්වා දුන් විජේමුණි මහතා මේ තත්ත්වය යටතේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය ඕනැම අයෙකුගේ සිරුරේ තිබිය හැකි බැවින් කොළඹ නගරයේ ගැවසෙන ජනතාව විශේෂයෙන් ආරක්ෂා විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
         
මේ වනවිට හමුවන රෝගීන් පිළිබඳ පවතින තත්ත්වය සාගරයේ පවතින අයිස් කන්දක මුදුනත වැනි යැයි ද එහි පෙනෙන ප්‍රමාණය මෙන් අති විශාල ප්‍රමාණයක් නෙ‍ාපෙනෙන බව අමතක කළ යුතු නැතැයි ද වෛද්‍ය විජේමුණි සඳහන් කළේය.



අදහස් (12)

කොළඹ නගරයේ කොරෝනා වාහකයන් 30,000 ක්

රාජේශ් ඛන්නා Thursday, 12 November 2020 05:42 AM

චන්දයට පෙර මේ බව දැන නොගෙන සිටීමෙන් පැහැදිළි වන්නේ තම තමන්ගේ නොහැකියාවේ ප්‍රමාණයයි. එසේ නොමැති නම් මේ බව දැන දැනම රජ පවුලට අවශ්‍ය පරිදි කටයුතු කර ඇත.

:       4       28

ගජනායක Thursday, 12 November 2020 06:45 AM

ඒක වෙන්න ඇති බස්නාහිර පළාත ඇරලා තියෙද්දී පිටවීම පමණක් තහනම් කලේ. එතකොට බස්නාහිර හැදිලා ඉන්න එවුන් නොහැදුන අයට බෝ කලාට කමක් නැද්ද? මේ වගේ අතීසාරේට අමුඩය ගහන තීරණද අපේ බලධාරීන් ගන්නේ?

:       0       6

සමරසිංහ Thursday, 12 November 2020 06:53 AM

මම හිතන්නෙ ඔය ගැන තාම 'ස' දන්නෙ නැතුව ඇති. සිරිසේන මහත්තයා නම් පත්තර බලල දැනගත්ත.'ස' තාම පැනික් වෙලා නැති හින්ද වෙන්න ඇති. අපිව සර්ප්‍රයිස් කරන්න වෙන්න ඇති හොරගෙඩියා වගේ සද්ද නැතුව ඉන්නෙ... අම්මෝ ....එකෙන්ම. රෙස්පැක්ට් සර්.

:       0       9

Rata Perata Thursday, 12 November 2020 07:30 AM

මැදපෙරදිග අසරණ වෙලා ඉන්න අපේම මිනිස්සුන්ව වත් ගේන්නේ නැතිව, ලොක්කන්ගේ වුවමනාවට ඉන්දියාවෙන් කොරෝනා එක්ක මිනිස්සු කිසිම නිරෝධායනයක් නැතිව ගේන්න ඉඩදුන් නඩය දැන්වත් ගෙදර යන්න. ඔක්කොම හිතුවෙ සිංහයෙක් එනවා කියලා...

:       0       10

banda Thursday, 12 November 2020 08:19 AM

ලෙඩ්ඩු අහුවෙන්නේ PCR කරන්න නේද? එහෙම නොකර හිටියානම් අපිට ලෝකෙන්ම 1 වෙන්න පුළුවන්.

:       1       17

banda Thursday, 12 November 2020 08:20 AM

කරුණාකර අපේ සුදර්ශන පැණිය ලෝකයට හදුන්වා දී ලෝකයෙන් තුරන් කරමු.

:       2       10

Prabha Thursday, 12 November 2020 04:25 PM

එතකොට මුට්ටි සෙල්ලම ලෝකෙට හදුන්වා දුන්නේ නැද්ද?

:       2       8

සනත් ඉතාලිය Thursday, 12 November 2020 09:01 AM

මොන පුවතක් පලකලත් ඒකෙ දේශපාලන කෝනය විතරක් හොයන කුහකයින් පිරුනු කුලීහේවයන් කොටසක් තමයි මෙතන අදහස් දක්වන්නෙ... මේ පුවත හා ඒ සම්බන්ධ ගෙනහැර ඇති උපමාව 100% නිවැරැදියි.

:       16       3

Demuni Uduwara Thursday, 12 November 2020 01:28 PM

නිසි බලධාරීන් මෙ ගැන අවධානය යොමුකර වහා නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       0       7

බද්රානි Thursday, 12 November 2020 03:34 PM

ලෝකයේ අනෙක් දියුණු රටවල් වලට සමච්චල් කරමින් තමන් පමණක් නොමැරී මෙලොව බදාගෙන, සදාකාලිකවම ජීවත්වීමට පෙරුම් පිරු අමන ජාතියට කොරෝනාව අද ආශිර්වාදයක් වෙලා. විදේශ ගතව සිටින තමන්ගේම ජාතියටත් ගරහමින් ඔවුන්ව පිළිකුල් ලෙස හෙලා දකිමින් ගහපු කයිවාරු මතක් වෙද්දී, අර කොහෙන්ද මන්දා හිනාත් යනවා. ස්වභාව ධර්මයා විසින් හෝ මේ අමන මෝඩයින්ගෙන් මේ රට ගලවා නොගත්තොත්, මේ භුමියේ සර්පයෙකුට වත් නිදහසේ ජීවත්වීමට බැරි වෙනවා. කොරෝනා රෝගය ඉදිරියේ රඟපාපු, කොරෝනාව ඉල්ලමක් කරගත් තුච්ඡ තවත් ජාතියක් මෙලොව ඇතිබව මම නම් විශ්වාස කරන්නේ නැහැ. කොරෝනා සැප වැඩිවෙන්නත් එක්ක බඩු මිල තව වැඩි උනොත් තමයි ගොඩක් සනීප... !!

:       0       18

pj Friday, 13 November 2020 03:06 AM

රජයේ මුදල් තමන්ගෙ ධනය වගේ විනාශ කරමින් ලොව අංක දෙක කියල පුරසාරම් දොඩල 69 ලක්ෂයක් ජනතාව රැවටුවේ මේ මුහුද යට අයිස් කන්ද හැදෙමින් පවතින බවක් නොදැනද? එහෙම නැත්නම් එදා දැකල තියෙන්නෙ වතුරෙන් උඩ කොටස විතරද? ඉහළ නිව්ස් එකේ ඔය දැන් යන හෙලිකොප්ටර් එකට වියදම දරන්නෙ කොරෝනා වලින් මැරෙන අයද ?

:       0       4

Samantha Friday, 13 November 2020 04:54 AM

300කට 5% නම් ලක්ෂ 6කට ගාන හදලා තියෙන්නේ. සාම්පල් එකේ සයිස් එක 0.05%... මාර ගණන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි
2025 අප්‍රේල් මස 29 401 0

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 425 3

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 580 4

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 934 12

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


කතරගම ඉඩම් වංචාවට ලංගම හිටපු උප සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 29 788 2

කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 24 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 15 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1051 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site