IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


කොළඹ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී  අත්තනෝමතික සහ තෝරගත් පරිදි  ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය (කලම්බු ලෝ සොසයිටි) නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති සමාව සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ පැහැදිළිව සඳහන් කර ඇති බවත් අනාධිපතිවරයා අදාල බලතල ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රඥාවන්ත සහ විචාරශීලි බවත් එම සංගමය සඳහන් කර සිටී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව දීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ සඳහන් නීති අනුගමනය කළේ ද යන්න දැන ගැනීමට ජනතාවට අයිතිය ඇති බව ද සංගමය කියයි.


 



අදහස් (13)

කොළඹ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

මුණසිංහ Tuesday, 29 June 2021 08:29 PM

මම මේ දැනගන්නයි අහන්නේ. නීතිඥ මහත්වරු හැමවිටම නිවැරදි හා සාධාරණ දෙය සොයාගෙනමද උසාවිවල කතා කරන්නේ?.

:       1557       1370

ගැමුණු.Tuesday, 29 June 2021 11:05 PM

නිකං බබෙක් වගේ හැසිරෙන්න එපා. ව්‍යංගයෙන් වරද අනුමත කිරීමක් ඔබ කරන්නේ... උසාවියේ කතාවක් නෙමෙයි මේ පවසා ඇත්තේ... මේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට හානිකර වන ආකාරයට අත්තනෝමතික අයුරින් ක්‍රියාවේ යොදවන්න එපා කියන එකයි.

:       0       0

රමණීWednesday, 30 June 2021 07:08 AM

අපි දුමින්දගේ සල්ලි උපයනවා කියන ක්‍රමවලට විරුද්ධයි. නමුත් නීතිඥවරු කියන කරන සමහර දේවලුත් අපිට හිතාගන්න බැහැ. ඔය කට්ටියගේ පරණ ලොක්කෙක්නේ ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තිබ්බා කියපු සාක්කිය සිංහල නොතේරුණු විනිසුරුවරයෙක් ඉදිරියේ පටලවලා නිදහස් කරගත්ත එක්කෙනා... ඒවාත් සදාචාරයේ නීතිමය කාර්යභාරයක් කියලද තාම කියන්නේ..?.

:       1       1

GaminiWednesday, 30 June 2021 11:33 AM

උසාවියේ නඩු කතාකරන එකයි, මේ වැඩෙයි දෙකක්... නඩු තීන්දුවක් ආපස්සට ගැනීමක්...

:       0       41

ශාන්Wednesday, 30 June 2021 12:37 PM

ඔවුන් හැමවිටම කතා කරන්නේ නීත්‍යානූකූල දේ ගැන. නීත්‍යානුකූල හැමදේම හරි නෑ. හරි හැමදේම නීත්‍යානුකූලත් නෑ. නීතිය හා උසාවිය සැමවිටම නීත්‍යානුකූල බව ඇරෙන්න නිවැරදි එසේ නොවන යන්න පරික්ෂා කරන්නේ නෑ... ස්වභාව යුක්ති ධර්මය කියලා එකක් ගැන කියනවා. නමුත් ලියවී ඇති නීති ඊට වඩා ප්‍රබලයි.

:       31       2

VithanaSaturday, 03 July 2021 02:19 PM

ඔබගේ දැන ගැනීමට කියනවා නම් මේ උසාවියක, නඩුවක කතා කිරීමක් නෙවෙයි.

:       0       3

chandima Wednesday, 30 June 2021 01:15 AM

ඔය ජනාධිපති තනතුර ජේ.ආර්.ගේ කාලේ හැදුවේ ගැහැණියෙක්, පිරිමියෙක් කරන එක ඇරෙන්න වෙන ඕනම එකක් කරන්න බලතල ඇතුව නේද? අර එක කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය අරන් හීන් නූලෙන් විධායක බලය අල්ලන්න හදපු කාලෙ ඇරෙන්න අනික් හැමදාමත් ඒ සියලු බලතල තිබුනා නේද?

:       0       0

Prase Wednesday, 30 June 2021 01:46 AM

හිටපු ජනාධිපති, මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට ජනාධිපති සමාව දීලා ජොබ් එකකුත් දුන්නා. එදා ඔය සංගමයේ අය කොහෙද හිටියේ...?

:       0       0

saman Wednesday, 30 June 2021 04:01 AM

නීතීඥයින් උසාවියේ කතාකරන එක නෙවෙයි ප්‍රශ්නය. අධිකරණයේ ඇති තීන්දු සම්බන්ධයෙන්... ක්‍රියා කළ යුතු අන්දමයි.

:       0       0

c senevirathne Wednesday, 30 June 2021 08:17 AM

මේ තත්වය යටතේ දුමින්ද සිල්වා සමාජ ගත කළේ නීති විරෝධීව හෙයින් ඔහුට එරෙහි තීන්දුව තවමත් වලංගු වේ. වැදගත් එය මිස, නීතිඥ සංගමය ප්‍රශ්න කිරීම නොවේ.

:       0       55

VithanaSaturday, 03 July 2021 02:15 PM

සම්පූර්ණ ඇත්ත සමාව දීමෙන් මිනීමැරුම් අහෝසි වෙන්නේ නෑ. ඒත් දැන් ඔහුට නීති හදන පාර්ලිමේන්තුවට යන්න පුලුවන්. කොහොමද මෙයාලා රටේ නීති හදනවා කිව්වම?

:       0       11

Sri Lanka Wednesday, 30 June 2021 02:18 PM

නීති සමාගම් තිබුණට වැඩක් නෑ. අපිට ගැලපෙන නීතියක් තවම හදාගන්න බැරිවුණා. තවම 1800 ගණන් වල සුද්දා හදපු ඒවා තමයි අනුගමනය කරන්නේ.

:       1       7

Vithana Saturday, 03 July 2021 02:14 PM

ජනාධිපති සමාව දීමේ වරප්‍රසාදය ව්‍යවස්ථාවෙන් ඉවත්කළ යුතුයි. එහෙමත් නැත්නම් මිනීමරුවන්ට සමාව දීමේ බලය ඉවත්කළ යුතුයි. එහෙමත් බැරි නම් අඩුම තරමේ සමාව දෙන්න හේතු පාර්ලිමේන්තුවට දැන්විය යුතු යැයි වහන්තියක් එකතු කළ යුතුයි. දැන් තියෙන තත්වය යටතේ ජනාධිපති පදවියට හොරෙක්, මිනීමරුවෙක් හෝ මිනීමරුවෙකුගේ යාලුවෙක් පත් වුණොත් මේ වරප්‍රසාදය අනුව රටට අබ සරණයි...

:       0       27

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 207 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 108 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 181 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 703 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 937 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1132 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site