(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
ස්ථාන හතරකින් ගස් කඩා වැටී අවහිරවී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර කොටස ගස් කපා ඉවත් කර අද 24 සවස යළි විවෘත කළ බව දියතලාව පොලීසිය පැවසීය.
අද අලුයම පැවති සුළං සහ වර්ෂාව සමඟ මෙම මාර්ගයේ දෙපස ඉවුරු වල පස් කන්ඩි මත තිබූ අඩි සියයකට වඩා උස දැවැන්ත කරපන්ටයින් ගස් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.
ගස් කීපයක් එකම ස්ථානයකදී ඇදවැටී තිබූ අයුරු ද දක්නට ලැබුණි.
දියතලාව යුධ හමුදාව හපුතලේ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,හපුතලේ විශේෂ කාර්ය බළකාය ,දැව සංස්ථාව , ප්‍රදේශවාසීහු දියතලාව පොලීසිය හා එක්ව පැය හතක පමණ මෙහෙයුමකින් පසුව මාර්ගය විවෘත කර ගැනීමට හැකි වූ බව දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම මාර්ග කොටසේ මාර්ගය දෙසට ඇලවී කඩාවැටීමට ආසන්නයේ තිබෙන තවත් ගස් රැසක් තිබෙන බැවින් එම මාර්ගය භාවිතා කිරීම අනතුරුදායක තත්ත්වයක පවතින බව රියදුරෝ ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.
1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි
මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග
ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ - බදුල්ල පාර යථා තත්වයට