(යොහාන් භාසුර)
කොළඹ නරගය අද වන විට මිලිටරි කඳවුරක් ස්වරූපයට පත්වීම ප්‍රජාන්ත්වාදී රටකට ගැලපෙන වාතාවරණයක් නොවන බවත් ප්‍රතිත්‍රස්ත පනත ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වූයේ නම් මිලිටරි තත්වය මීට වඩා දස ගුණයකින් වැඩි වන බවත් ’නිදහස් ජනතා සංධානයේ’ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (15) පැවසීය.
සංචාරක කර්මාන්තය දියුණු කළ යුතු යැයි පැවසුව ද මිලිටරි කඳවුරක ස්වරූපයකක් තියෙන රටකට සංචාරයන් පැමිණීම කෙසේ වෙතත් රට තුළ සිටින සංචාරකයන් ද බියට පත්ව පැන යන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රතිත්‍රස්ත පනත හරහා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව අවම වශයෙන් බුක්ති විදිය අයිතිවාසිකම් ද නැති කිරීමට උත්සහ කළ බව ද සඳහන් කළේය.
විපක්‍ෂයේ වැඩපිළිවෙළ අතිශයින් ඵලදායි සහ සාර්ථක බවට පත්වෙමින් ප්‍රතිත්‍රස්ත පනත නතර කිරීමට හැකිවූ බවත් ජනතාවට හිංසාකාරී සහ පීඩාකාරී පනත් වැලැක්වීමට සහ පරාජය කිරීමට විපක්‍ෂය එකතු වීම නිසා ඒවා තාවකාලිකව හෝ නැවැත්වීමට හැකිවූ බවත් ඒ මහතා කීය.
දින නියම කර තිබූ මහ බැංකු පනත සම්බන්ධයෙන් විපක්‍ෂ නායකතුමා ආණ්ඩුවට කථා ආදි ක්‍රියාමාර්ග නිසා එය දින නියමක් නොමැති තත්වයට පත්කිරීමට විපක්‍ෂයට හැකිවූ බව කී මහාචාර්යවරයා පැවසුවේ මහ බැංකුව සමාන්තර වෙනම ආණ්ඩුවක් බවට පත්වීමෙන් වෙනත් ග්‍රහලෝකවල ඉන්න පුද්ගලයන්ට ද ශ්‍රී ලංකාවේ මූල්‍ය තීරණ ගැනීමේ අවස්ථාව එම පනතින් ලැබෙන බවත්ය.
’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධිය පිළිබඳව රජය සහ නීතිපතිතුමා ගෙන එන කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රසාදයක් නොමැති බවත් ගතයුතු සියලුම පියවර සම්බන්ධයෙන් විපක්‍ෂය වගකීම භාරගෙන ඊට සුදුසු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බවත් ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොළඹ මිල්ටරි කඳවුරක් වෙලා
කිරිපුතා Monday, 15 May 2023 04:30 PM
මෙතුමා උගතෙක් තමයි . හැබැයි ප්‍රායෝගික නෑ. වැඩකට නැති මිනිසුන් ට තම තම අරමුණු ඉෂ්ඨ කරගන්න කැරළි ගහලා රට වට්ටන්න කිසිම රජයක් ඉඩ දිය යුතු නෑ.
Lalla Monday, 15 May 2023 05:12 PM
මතකද ශිරාණිව පන්නලා දාන්න පාර්ලිමේන්තුවේ කටයුතුවල යෙදුන යුගය. තමනුත් හවුල්කාරිත්වය දැරුවා. දැන් පාරවල්වල ඒ වගේ රඟපෑම් මේ ජනපතිගෙන්. වෙනසක් නෑ මහැදුරුතුමෝ....
Sumanadasa Monday, 15 May 2023 11:17 PM
ලංකාවේ අද ඇති නොයෙකුත් ප්‍රශ්න නිසා ඉතාම වැදගත්. අපේ ත්‍රිවිධ හමුදාව කොළඹ නගරය තුළ කරන සේවය, මිනිසාගෙ යහපත සඳහා අපේ හමුදාව කොළඹ නගරය තුළ සිටීම ඉතාමත් වැදගත් සේවයක්, ජී ල්, පීරිස් මහතා වයසක කෙනෙකු නිසා එහෙම කියන්නේ කාට හෝ කඩේ යන නිසා , අපේ හමුදාව අපිට අවස්‍ය් වෙනව අපගේ නිදහස් ජීවිතයට ජයවේවා .
සාර්කැස්ටික් Tuesday, 16 May 2023 07:12 AM
අයියෝ මෙයාලා අතන මෙතන කියෝනා ඒවා මේකේ දාන්න එපා. දේශපාලනේට අනවශ්‍ය වැදගත්කමක් දෙන්න එපා.