IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජනපතිට අගමැතිට උපහාර

(අංජුල මහික වීරරත්න)

අධිෂ්ඨානශීලි බව සහ අභියෝග බාර ගැනීමේ ශක්තිය රාජකීය ආදි සිසුවෙකු ලෙස මා ලැබූ පන්නරය යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන තව වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.

දේශපාලන කටයුතු නවත්වා තමා සමඟ එක්වන ලෙස කිසිවකුට නොකියන නමුත් වැටී ඇති රට ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එදිරිවාදිකම් අමතක කර සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ අද (22) පෙරවරුවේ පැවති උත්සවයට එක් වෙමිනි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් වෙත උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත උපහාර තිළිණ පිළිගැන්වීය.



අදහස් (13)

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජනපතිට අගමැතිට උපහාර

Sunil Wednesday, 22 February 2023 09:06 PM

ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා කප්පාදු කරමින් රට වනසන මේ පිනාධිපතිට මොන උපහාරද? මෙම පාසලට නිග්‍රහයකි...

:       0       0

Prabha Wednesday, 22 February 2023 10:15 PM

එතකොට කපටිකම ලැබුණේ පරම්පරාවෙන්ද?

:       0       0

Perera Wednesday, 22 February 2023 10:58 PM

මොන උපහාරද? මේවා සංවිධානය කරන්නේ ඔය අයගේ ඒ අයගේ හෙංචයියන් තමයි...

:       0       0

Sudesh Wednesday, 22 February 2023 11:14 PM

පාසලට ඔබ ගෙනාවේ අගෞරවයක් නෙවේද හොරකම් කරමින් සහ හොරු ආරක්ෂා කරමින් ?

:       0       2

සඳුන් Thursday, 23 February 2023 05:59 AM

දරුවනේ මොවුන් දෙදෙනා කිසිවිටෙකත් ආදර්ශයට නොගන්න. දශක ගනනාවක් පාර්ලිමේන්තුවේ සිට ජනතා බදු මුදලින් සියලු වරප්‍රසාද භුක්ති විඳමින් සිට ලංකාව බංකොළොත් තත්වයට පත්කිරීමට ප්‍රතිපත්ති තීන්දු ගත් ප්‍රධාන වග උත්තරතරුවන් දෙදෙනෙකි මොවුන්. ඉතා කෙටියෙන්ම පවසතොත් ඔබලාගේ අනාගතය විනාශ කිරීමට සෘජු දායකත්වය දුන් පුද්ගලයන් දෙදෙනෙකි.

:       0       2

අරවින්ද මොනරවිල Thursday, 23 February 2023 07:08 AM

අධිෂ්ඨානයෙන් යුත්ව මහ බැංකුව කැඩුව හොරු එක්ක එකතු උනොත් රට විනාශ කරන්න හවුල් වෙන්න තමයි අපිටත් වෙන්නේ.

:       0       2

Samitha Senaka Aluthgamage. Thursday, 23 February 2023 08:03 AM

සත්‍ය වශයෙන්ම,මේ වැනි උත්සවයක් සංවිධානය කරනු ලැබූ රාජකීය විදුහලේ විදුහල්පති ඇතුළු එයට සම්බන්ධ වූ අය ඒ ගැන නැවත සිතා බැලිය යුතුයි.මින් එක් අයෙකු රාජපක්ෂ වරුන්ට සිත්සේ රට බංකොලොත් කරන්නට ඉඩ ලබාදුන්නා.පාලනයේ සිටි රාජපක්ෂ සහෝදරයන් දෙදෙනා ජනතාව පන්නා දැමීමෙන් අනතුරුව ජනතාව ප්‍රතික්ෂේප කොට සිටි පින් ආසනයක් හිමි අයෙකු පොහොට්ටු රජයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති විය.එය මහජන මතය අනුව සිදුවූවක් නොවේ.තෙල් මිල,බඩු මිල, බදු බර වැඩි කරමින් රට හොරා කෑ දූෂිතයන් රකීමින් මේ යන ගමන ගැන සුබ සිහින දකින්නට පුලුවන්ද ? තවත් වසර 25 ක් ගැන කුමන කතාද ? වර්තමානයේ හොරු ඇල්ලීම සඳහා කටයුතු නොකරන අය තව වසර 25 කින් කරනවා යැයි කියන මේ සුරංගනා කතාව සිහිනයක්ම පමණක් නොවේ ද? තවත් වසර 25 කින් කියනා අයගේ වයස කීයද ? ඒ වන විට ඒ අයත් අපත් එහා ලෝකයේ වෙන්නට බැරිද ? කන්න නැති හිඟන බංකොලොත් රටේ නිදහස් උත්සව තියමින්,ආරක්ෂක හමුදා පිරිවරා ගෙන කරනා ධන විනාශය සුළුපටු නොවේ.මෙවන් බොළඳ සිහින විශ්වාස කරන පල් මෝඩයන් දැන් මේ රටේ නොමැති බව උත්සව සංවිධායකයන් විසින් දත යුතුය.

:       0       5

ruwan Thursday, 23 February 2023 08:59 AM

මෙ වගෙ පජාත ජනාධිපතිවරයෙකුට උපහාර දෙන්න තරම් මෙ ඉස්කොලෙ මිනිස්සු මොඩද?

:       2       10

Lakmal Thursday, 23 February 2023 09:20 AM

මෙකට තියෙන්නෙ හීන මානෙ.. මිනිස්සුන්ගෙන් නොලැබෙන උපහර මෙක බලෙන් උගෙ ඉස්කොලෙන් ගන්නව. ප්‍රින්සිපල් ලජ්ජ වෙන්න ඔනෙ මෙ වගෙ උන් ගෙන්න ගන්න එකට.. අනේද රෝයල්.

:       2       5

samThursday, 23 February 2023 12:14 PM

ජේ ආර් 1978 ජනාධිපති උනාමත් මේ විදියෙම පිළිගැනීමේ උත්සවයක් රාජකීය විදුහලේ තිබුනා. නිශ්ශංක විජේරත්න, ගාමණී ජයසුරිය, රනිල් වික්‍රමසිංහ විතරක් නොවෙයි, එවකට විපක්ෂ මන්ත්‍රී වරයෙක් වුන අනුර බණ්ඩාරනායක පවා ඒකට සහභාගී උනා. අඟහරුවාදා දවසක පැවැත්වුන ඒ උත්සවයේදී අධ්‍යාපන ඇමති (නිශ්ශංක විජේරත්න) ගේ කතාව අතරතුර දී අපි නිවාඩු දිනයක් ඉල්ලුවා. එතුමා බදාදා නිවාඩු දුන්නා. ජේ ආර් කතා කරන කොටත් අපි නිවාඩු ඉල්ලුවා. ජේ ආර් කතාව අවසානයේ ("මෙම සතියේ අනෙක් දින දෙකද නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස මගේ අධ්‍යාපන අමාත්‍යවරයාට මෙයින් නියෝග කරමි" "I hereby order my education minister to declare the other two days of this week as holidays as well" ) කියල කිවුව. ඒයයි ඉතිහාසය.

:       0       0

ANURANGA Thursday, 23 February 2023 10:11 AM

අධිෂ්ඨානශීලි බව සහ අභියෝග බාර ගැනීමේ ශක්තිය රාජකීය ආදි සිසුවෙකු ලෙස මා ලැබූ පන්නරය යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය අධිෂ්ඨානශීලි බව සහ අභියෝග බාර ගැනීමේ ශක්තිය?? අගමැති සමාව ගනී-------- යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව 2016 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දි පැවසුවා. අගමැතිවරයා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ 2016 දෙසැ. 06වැනි දා පාර්ලිමේන්තුවේ දී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදීයි. “අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා” අගමැතිවරයා පවසා සිටියා. මේ සිදුවීමට සම්බන්ධ අය නිදැල්ලේ සිටි අතර ඔවුනට එරෙහි ව අද දක්වා කිසිදු අධිකරණ ක්‍රියාමර්ගයක් ගත්තේ නම් නැහැ

:       0       1

fairoos Thursday, 23 February 2023 12:52 PM

මේ වගේ කපටි නරින් මේ ඉස්කෝල වල ඉගෙන ගත්තා කියන්නත් ලැජ්ජයි...

:       0       0

Rata Perata Thursday, 23 February 2023 01:04 PM

අපේ ඉස්කෝලෙ නම කැත කල දේන්නෙක්

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1949 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 437 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 897 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5160 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 681 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4001 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1726 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site