(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් දැනුම ලබාදීම සඳහා විශේෂ පාඨමාලාවක් ආරම්භ කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශ්ව විද්‍යාලයක් හා එක්ව මෙවැනි ශාස්ත්‍රීය පාඨමාලාවක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙයයි.
කොළඹ විශ්ව විද්‍යාලයේදී මෙම පාඨමාලාව පසුගිය 16 වැනිදා ආරම්භ කෙරිණ.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පාඨමාලාවේ මුඛ්‍ය දේශනය පැවැත්විය.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අවසන් වසර විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සඳහා ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම් සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසිනි.
පාඨමාලාව මගින් ප්රජාතන්ත්රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ක්රමයේ විකාශය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය, පාර්ලිමේන්තුව හා මහජනතාව, මන්ත්‍රිවරයන් සඳහා වන චර්යාධර්ම, ස්ථාවර නියෝග, මහජන සේවා ක්‍රියාවලිය සඳහා සහසම්බන්ධ වීම, කාන්තා නියෝජනය, වැනි විෂය ක්ෂේත්රයන් සම්බන්ධයෙන් විද්‍යාර්ථින්ට අවබෝධය ලබාදෙනු ඇත.
පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා දේශනමාලා හතරක් සහ පාර්ලිමේන්තු අධ්‍යයන චාරිකාවක ඇතුළත් වේ.
පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු, දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අංශාධිපති, ආචාර්ය ප්‍රදීප් පීරිස්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් ටිකිරි කේ.ජයතිලක,අධ්යක්ෂ ව්‍යවස්ථාදායකසේවා අධ්යක්ෂ එච්.ඊ.ජනකාන්ත සිල්වා යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
පාඨමාලාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධීකරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසිනි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ විද්‍යාර්ථීන්ට පාර්ලිමේන්තුවෙන් පාඨමාලාවක්
ravin Monday, 26 September 2022 04:38 PM
නරකද ඔය පාඨමාලාව පිස්සන් හා ඔවුන්ගේ හැසිරීම් රටා කියලා වෙනස් කළොත්.. ?
KAUTILYA Monday, 26 September 2022 07:40 PM
කමක් නෑ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලේ ඇත්තන්ට වෙන "සම්තින්ග්" මුකුත් නෑනේ...