IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොළඹ විරෝධාකරුවන් අල්ලන්න නියෝගයක්

(ඉන්දිකා රාමනායක)

පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී සහ තලංගම පොලිස් වසමේ පැලවත්ත සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ , ලහිරු වීරසේකර , ජගත් මනුවර්ණ , ජෙහාන් අප්පුහාමි , රතිදු සේනාරත්න (රැට්ටා) ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි .

හඳුනාගත් මෙම පිරිස සම්බන්ධයෙන් කොටුව සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවලට පොලිසිය  බි වාර්තාවකින් කරුණු වාර්තා කර ඇත

ඉකුත් 9 -10 යන දින මොවුන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම , සාපරාධී බලහත්කාරය , පහරදී තුවාල සිදුකිරිම පොදු දේපල පනත යටතේ වැරදි කිරීම , මංමවත් පනත යටතේ වැරදි සිදුකිරීම , අනර්ථය කිරීම , යන වැරදි මොවුන් සිදුකර ඇති බව කර ඇති බවට පොලීසිය අධිකරණය කරුණු වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි .

 



අදහස් (9)

කොළඹ විරෝධාකරුවන් අල්ලන්න නියෝගයක්

යෝගා Sunday, 19 June 2022 02:28 PM

ඔය කියන හාදයින් කුලියට කෑ ගහන එක එකාගේ අතකොලු. දැන් ඔහොම වුණාට පස්සේ ධනවාදී පක්ෂවල තනතුරු වලටත් එන්නේ මේ අයම තමයි...

:       29       74

AkilaSunday, 19 June 2022 03:13 PM

ඒ මිනිස්සු කෑ ගහන්නේ ඒ ගොල්ලන්ගේ අයිතීන් වෙනුවෙන්, ඔයා වගේ අය තමයි කුලියට කහින්නේ...!

:       45       33

BamunuarachchiSunday, 19 June 2022 03:35 PM

ඔවුන්ගේ අයිතිය විතරද? ඉෂ්ට වෙන්න ඕනේ... අපිට මහපාරේ බාධක නැතුව යන්න තිබෙන අයිතිය ඉෂ්ට වෙන්න ඕනේ නැද්ද? ඔවුන් පාරේ කෑගැසුවා කියා පෙට්‍රල් ඩීසල් ලැබෙන්නේ නැහැ. ඔය දවසේ කුලියට කෑගහන ජේවීපී කුලිකාරයින්...

:       29       22

BamunuarachchiMonday, 20 June 2022 08:20 AM

දවසේ කුලියට කෑගහන ජෙප්පෙකුට තදවෙලා වගේ. ඒ මිනිස්සු කෑගහන්නේ උන්ගේ අයිතියට එක හරි. උන් ජනතාවගේ අයිතියට කෑ ගහන්නේ නැහැ. උන් කා ගැසුවා කියලා රටට තෙල් ලැබෙන්නේ නැහැ. කුලියට කහින ජෙප්පෝ.

:       0       0

Akila Sunday, 19 June 2022 03:16 PM

මේක පුදුම නීතියක්, 9 වෙනිදා හදිසි නීතිය තිබියදී අරලිය ගහ මන්දිරයේ අයුතු ජනරාෂියක් පවත්වලා, ගෝල්ෆේස් අර්ගල කරුවන්ට පහර දීමට පෙළඹවපු පොහොට්ටු ලොක්කන්ට නඩුත් නැහැ, උසාවි නියෝගත් නැහැ.

:       22       36

මැක්ස් Sunday, 19 June 2022 04:19 PM

ඔය කඩාකප්පල්කාරයින් ටික අච්චු කළාට පස්සේ ඔවුන්ගේ සහචරයින් රට ගිනි තියන්න පටන් ගනියි. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න...

:       24       16

නලින්Monday, 20 June 2022 02:27 AM

ඔබතුමාට මේ අය කඩාකප්පල්කාරීන් වුණාට, මේ අය නොහිටින්න, කපුටා තවම මුදල් ඇමැති, මයිනා අගමැති, හෙජින් පියා මහ බැංකුවේ අධිපති... නන්දෙත් දැන් ගෙදර. මිනිස්සුන්ගේ පීඩනය නුදුරේදීම පුපුරා යාමට නියමිතයි. එවිට, මිලියන ගණනක් මිනිස්සුන්ට ඉන්න හිරගෙවල් මදි වේවි. අරගලයට ජය....!!

:       0       0

අතුල සෞදි Sunday, 19 June 2022 04:23 PM

ඔය ගෝල්ෆේස් සැණකෙළියේ ඉන්න අයවත් අරන් ගිහින් මිරිස් පැලේ පැලේ හරි හිටවගන්න...

:       27       13

ලොක්කා Monday, 20 June 2022 08:04 AM

අරගල කරනවා කියලා පාරවල් වහනවා. අහිංසක මනුස්සයෙක්ට රස්සාවට යන්න විදිහක් නෑ. දවස් ගණන් පෝලිම්වල ඉඳලා ගහගන්න තෙල් ටික නිකම් පිච්චෙනවා.. මේ අය කොහොමද අරගල කාරයින් වෙන්නේ? ජේ. වී. පී. ත්‍රස්ථවාදියෝ.. ඔවුන්ට ප්‍රශ්නයක් නෑ.. NGO සල්ලි ටික වෙලාවට පොතට වැටෙනවානේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 855 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 323 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 966 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 97 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 679 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2343 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site