(විනීතා එම් ගමගේ)
කොළඹ සහ අවට තදාසන්න ප්‍රදේශවල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමේ සංකල්පය ක්‍රියාවට නැංවීමේ කටයුතු ආරම්භ කරන්නැයි ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාල අංශවලට අද (14) උපදෙස් දුන්නාය.
එමෙන්ම ප්‍රවාහන ක්ෂෙත්රය නිසා සිදුවන පාරසරික දූෂණය අවම කිරීම සඳහා කාබන් විමෝචන ක්‍රියාවලිය පිළිබඳව ගතයුතු ඉදිරි සැලසුම් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන්නැයි ද ඇමතිනිය උපදෙස් දුන්නාය.
වන්නිආරච්චි මහත්මිය මෙම උපදෙස් දුන්නේ මහකොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා අද ( 14 ) ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.
එහි දී නිලධාරින්ට උපදෙස් දෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ දෛනිකව කොළඹ නගරයට ලක්ෂ 19ක පමණ ජනකායක් පැමිණෙන අතර වාහන ලක්ෂ හයකට ආසන්න ප්‍රමානයක් විවිධ ප්‍රදේශ වලින් ඇතුළුවන බව හෙලිවී ඇති බවත්ය.
මේ හේතුවෙන් කොළඹ සහ කොළඹ අවට තදාසන්න ප්‍රදේශවල විශාල වාහන තදබදයක් ඇතිවී ඇතැයි කී ඇය මේ තුලින් සිදුවන වායු දූෂනය සහ ශබ්ද දූෂණය ඉතා ඉහල අගයකට පත්වී ඇති බැවින් වායු දූෂනය අවම කිරීමට ද අවධානය යොමු කරන්නැයි නිලධාරින්ට උපදෙස් දුන්නාය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ