IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කළු සොල්දාදුවා ජාතියට ප්‍රෝටීන් දෙන්න පෙරමුණට එයි

(අංජුල මහික වීරරත්න)

හරක් මස්,කිරි, කුකුළු මස් ආදී සත්ත්ව ආහාර වල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා කසල මැස්සකුගේ කීටයකු යොදාගෙන පෝෂණ අතිරේකයක් නිෂ්පාදනය කර තිබේ.

කැළි කසල ආශ්‍රිතව වාසය කරන මැස්සන් විශේෂයක් වන  කළු සොල්දාදුවා (Black Soldier Fly) නැමැති මැස්සාගේ කීටයින්ගෙන් මෙම පෝෂණ අතිරේකය සකසනු ලබයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලන්ත ලියනගේ, සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඒ. ඩබ්. විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් මෙම නව සොයාගැනීම කර ඇත.

ඉවත ලන ඉඳුල් ආහාර මෙන්ම වෙළෙඳ පොළෙන්  බැහැර කෙරෙන එළවළු හා පලතුරු වලින් පල්පයක් සකස් කොට ඒවායේ වර්ධනය වන මැස්සන්ගේ කීටයන්ගෙන් නිෂ්පාදනය කරන මෙම පෝෂණ අතිරේකය සතුන්ට ආහාර පිණිස ලබාදීමෙන් එම මාංශවල මෙන්ම කිරිවල ප්‍රෝටීන වර්ධනය වන බව අනාවරණය කරගෙන තිබේ.

මෙම පර්යේෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අදාළ ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලු සහයෝගය දීමට සූදානම් අතර  ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යාමේ වගකීම පශු සම්පත් අංශයට පවරන බවයි.

මෙය කැලි කසල ප්‍රශ්නයටද විසදුමක් වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (2)

කළු සොල්දාදුවා ජාතියට ප්‍රෝටීන් දෙන්න පෙරමුණට එයි

Ahmed (Gulf) Wednesday, 17 January 2024 12:28 AM

සත්තුන්ට අපද්‍රව්‍ය ඔක්කොම දීලා UK වල MAD COW ලෙඩේ ආවා, දැන් මේ අලුත් කුණු හරක්ට කන්න දෙන්න පටන් ගන්නවා .එළකිරි එකෙන් මොන ලෙඩක් එනවද කියලා දෙයියෝ විතරයි දන්නේ.

:       1       5

Black Soldier Wednesday, 17 January 2024 10:55 AM

කරන මගුලක් හරියට test කරලා කරපල්ලා. නැත්තන් කලු සොල්දාදුවා අරී

:       2       5

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 714 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2160 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11096 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 562 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1930 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3802 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site