(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (SLADA) ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (WADA) නීති හා රෙගුලාසි මත පදනම්ව ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට ජාක්‍යන්තර ක්‍රීඩා තරඟ නියෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය එකී නීති රෙගුලාසිවලට අනුගතව ක්‍රියාත්මක විය යුතුය.
ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් සෑම රටකම උත්තේජක මර්දන නීතිය වරින් වර විමසීමකට ලක් කර එය නියමිත මට්ටමක පවතී දැයි සමාලෝචනය කර, සිදු කළ යුතු සංශෝධන නිර්දේශ කරනු ලබයි.
2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සකස් කිරීමේදී 2013 වර්ෂයේ පැවති අන්තර් ජාතික ප්‍රතිපාදන ඊට අදාළ කර ගෙන ඇත. 2024 වර්ෂය සඳහා ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම පනතට සිදු කළ යුතු සංශෝධන ගණනාවක් නිර්දේශ කර තිබේ. ඒ අනුව, 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රත්නපුර ප්‍රදේශයේ ගංගාවල මේ දිනවල ජල මට්ටම පහළ යාම හේතුවෙන් නීති විරෝධීව මැණික් ගැරීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට වලාන මධ්‍යම දූෂණ
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කල මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත් අඩංගුවට පත් මඟ නැගුම සංවර්ධන
2025 අයවැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 46ක් ලැබිණි.
වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියය
විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය , අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ක්‍රීඩා උත්තේජක එරෙහි පනත සංශෝධනයට