(ඉන්දිකා රාමනායක)
අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත් ලක්ෂ 5ක දත්ත අනවසරයෙන් ගබඩා කරගෙන ඒවා උපයෝගී කරගනිමින් රුපියල් ලක්ෂ ගණනින් භාණ්ඩ මිලදී ගත් 18 තරුණයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරු කාඩ්පත් 90ක් භාවිතා කරමින් රුපියල් ලක්ෂ 55ක භාණ්ඩ මිලදී ගෙන ඇති බවට අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් මඟින් ඉකුත් 4 වැනි දින පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට කර පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා පෙරේදා (5) කුරුණෑගල දුම්මලසූරිය ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සමාජ ජාලය හරහා සමූහයක් වශයෙන් එක්වී අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වල දත්ත අනවසරයෙන් ගබඩා කරගෙන මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරුගේ පරිගණකය පරික්ෂා කිරීමේදී එහි අන්සතු ලක්ෂ 5ක දත්ත ගබඩා කර ඇති බවත්, දත්ත උපයෝගී කරගෙන මොහු අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ භාන්ඩ ඇනවුම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
පරිගණක, කැමරා, විවිධ ආහාර ද්‍රව්‍ය, මත්පැන් මදි භාණ්ඩ රැසක් ම මොහු විසින් වරින් වර ගෙන්වාගෙන ඇති බව ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙම භාණ්ඩ භාන්ඩ ඇනවුම් කර ඇති බවත්, ගෙන්වාගැනීමට ද අතරමැදි ස්ථාන තෝරාගෙන ඇති බව ද බවද පොලිසිය සඳහන් කරයි.
18 හැවිරිදි මෙම තරුණයා සාමාන්‍ය පෙළ විභාගය අසමත් පුද්ගලයෙකු බවත්, කුලී වැඩ කරමින් දුරකථනයක් මිළ දී ගෙන, ඒ ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් මෙම වංචාවට පිවිස ඇතැයිද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොහු සමග සම්බන්ධතා පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව් පී ජයනෙත්ති මහතාගේ උපදෙස් මත, සමාජ ජාලා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාශ්‍රි මහතාගේ මෙහෙයවීමෙන් ,එහි විමර්ශන නිලධාරීන් වන මහේෂ් කලුගල්ල, බී රංග බණ්ඩාර, චාරුක පැතුම් ජයවර්ධන , තරිඳු දිව්‍යංජල, අශෝක යන මහත්වරුන් පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත්හ.
කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය
නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි .
අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනු
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානම
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ක්‍රෙඩිට් කාඩ් ලක්ෂ 5කින් මුදල් වංචා කළ අයෙක් මාට්ටු
gunda Saturday, 07 January 2023 10:42 PM
මේ ළමයා දෙස විමසිලිමත්ව ධනාත්මකව බලන්න. අවුරුදු 18 යි. සාමාන්‍ය පෙළ වැඩ දෙකයි සමත්. කුලී වැඩ කරන අයෙක්. මෙයා කර තිබෙන්නේ තද බලවරදක් තමයි. හොරකම් කර තිබෙන්නේ ලක්ෂ 5ක් පමණ. ඊට සුදුසු දඩුවමක් දෙන්න. හැබැයි නමුත් මේ ළමයා විනසා කරන්න එපා. මෙයා වටිනා නිර්මාණශීලී රටට වැදගත් සේවයක් ලබා ගැනීමට යොමු කළ හැකි ළමයෙක්. හිතන්න අවුරුදු 18 ක දුප්පත් දරුවෙක් පරිගණක තාක්ෂණයෙන් කොපමණ ඉදිරියකට කාගෙන්වත් මග පෙන්වීමක් නොමැතිව ස්වයන් අධ්‍යයනයක් මගින් ගොස් තිබෙයිද කියා. හොඳ විනියක් ඇතිව මේ දරුවා ලස්සනට හදන්න පුළුවන් ජාතික නිර්මාණකරුවෙක් විදියට. එම නිසා වරදට දඩුවම් දෙන අතරම මොහු නැවත එවැනි දුරමාර්ගයකට යාමට ඉඩ නොදී කුමන හෝ විදියකින් පුනුරුත්තාපනය කර දිදුලන මලක් කරන්න. එසේ කළ හැකියි.
Lalith M Sunday, 08 January 2023 09:36 PM
මොහුගේ නිර්මාණශීලී බව ප්‍රයෝජනයට ගන්න. අපරාධය පිළිබඳව වෙනම හිතන්න ඕන. අති දක්ෂ පුද්ගලයෙක්...