IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්

(යොහාන් භාසුර)

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉල්ලීම් රැසක් අද (21) ඉදිරිපත් කළේය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් අද (21) පෙරවරුවේ පැවැති ප්‍රධාන අනුස්මරණ දේවමෙහෙයේදී මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා එම ඉල්ලීම් කළහ.

පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනගත කිරීම, පාස්කු වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට හා නඩු පැවරීම ස්වාධීන අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම, ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලු බලවේග කවරේදැයි සොයා බලා සත්‍ය රටට හෙළිකර, ඒ සඳහා ක්‍රියාත්මක වූ චූදිතයින් තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒම, 2019 සැප්තැම්බර් 21 ජනාධිපති කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම, හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමති ත්‍රස්ත නායකයා අතර, තිබූ සම්බන්ධය හා එංගලන්තයේ චැනල් 4 මගින් ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් දියත් කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙය වූ අසාද් මව්ලානා කී දේ ගැන ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම එම යෝජනා අතර වේ.

පාස්කු ප්‍රහාරයට තුඩු තුන් සියලු රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අව නීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාරරාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය සහ රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස පාලකයෝ නොවන බවට නව සංස්කෘතියක් දෙසට අප රට මෙහෙයවීම යන ඉල්ලීම් ද ඒ අතර තිබේ. 

 



අදහස් (8)

කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්

Sameera Monday, 21 April 2025 12:25 PM

මොනවද මේ ධර්ම දේශනා! ISIS යනු තස්තවාදින් කණ්ඩායමක්! මෙයට ප්‍රධාන හේතුවවුයේ MY3 සහජිවනය සහා ජාතික ආරක්ෂාව බිදවැටිම!

:       13       69

අරවින්ද මොණරවිල Monday, 21 April 2025 01:52 PM

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් විතරක් නොවෙයි ඔවුන්ගේ කුක්කොත් ඒ වගේම කුක්කන්ගේ මැක්කොත් හොදටම කළබලා වෙලා කාදිනල්තුමනි...!

:       8       7

C.K.Lankaputhra Monday, 21 April 2025 01:15 PM

රිදෙන උන්ට රිදුනාවේ, වදින තැන්වලට වැදුනාවේ, වැරදි කරපු උන්ට මේ වගේ වැරදි නොකරනවා තියා හිතන්නවත් බැරිවෙන්ට සහ ඔය කහින උන්ටත් පාඩමට ගන්ට කළ යුතු දේ ඉහළින්ම කරන්ට හැමෝම වගබලා ගත යුතුයි.

:       0       1

රම්බොඩ Monday, 21 April 2025 01:23 PM

අරහෙට මෙහෙට ඇඟිලි දික්කර කර ඉන්නවා. අන්තවාදී ත්‍රස්තවාදීන්ට නිකම්ම සුදුහුනු ගෑවෙනවා. ආණ්ඩුව ඒක ඡන්දෙට පාවිච්චි කරනවා.

:       0       0

Alfread Monday, 21 April 2025 02:05 PM

ඒ දවස් වල චැනල් 4 එකෙන් වීඩියෝවක් කරා හමුදාවට මඩ ගහලා කොටින්ව සුද්ධ කරලා. එංගලන්තේ මිනිස්සුන්වත් බලන්නේ නැති චැනල් එකක් කියන එක විශ්වාසයි, ඒත් එංගලන්තේ ස්කොට්ලන්ඩ්යාඩ් එකයි, ඇමරිකාවේ FBI එකයි දෙන වාර්තා පිළිගන්න බෑ. පුදුම දේශපාලන වහල්ලු තමයි.

:       2       9

Ruwin Monday, 21 April 2025 02:07 PM

ජනාධිපතිගෙන් දේවල් ඉල්ලන්න කලින් තමන්ගේ මිනිස්සුන්ට ඇත්ත දකින්න උගන්නලා හිටියා නම් නේද හොඳ...? ටොම් පචයෙක් ජනාධිපති කරලා ඔවුන්ගෙන් ඇත්ත හොයනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහා‍ටු ගන්නවා වගේ දෙයක්නේ...!

:       5       12

Rasika Monday, 21 April 2025 02:32 PM

ඒ වගේම පාස්කු අරමුදල්වලට හම්බවුණු සල්ලි අවභාවිතා කරලාද කියලත් බලන්න ඕනෑ.

:       0       3

යෝගා Monday, 21 April 2025 02:40 PM

ඔය වගේ මනඃකල්පිත දේශපාලන සිහින දකිමින් පල්ලියේ මහා ධනස්කන්ධයෙන් සැප විඳිමින් ඉන්න කාදිනල්තුමනි... අන්න පාප් වහන්සේත් ස්වර්ගස්ථ වෙලා.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නව පාප් වහන්සේ තේරිම දින 15කට පසු
2025 අප්‍රේල් මස 21 0 0

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම අවම වශයෙන් දින 15 කට පසුව ස


උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 66 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුවක් කඩ කළා’’
2025 අප්‍රේල් මස 21 132 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 345 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


ක්වාති විනිසුරු අල්ලස් ගනිද්දී මාට්ටු
2025 අප්‍රේල් මස 21 10 0

ක්වාති විනිසුරුවරයකු රුපියල් ලක්ෂ දෙකකට අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 400 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 464 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site