IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


කාදිනල් තුමෝ ‘සිරි දළදා වන්දනා’ අගයති

(යොහාන් භාසුර)

දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ ජාතීන් සහ ආගමිකයන් අතර සහයෝගිතාව වර්ධනනය කරගැනීම බුදුරජාණන් වහන්සේට දක්වන විශාල ගෞරවයක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.

‘සිරි දළදා වන්දනා’ ධාතු ප්‍රදර්ශනය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ එසේ සඳහන් කළහ.

බෞද්ධයන් දන්න ධාතූන් වහන්සේට ගෞරව කිරීමට පෙළ ගැසී එන මොහොතේදී කිතුණු ජනතාව සහෝදරත්වයෙන් ඔවුන් සමඟ එකතු වන බව ද කාදිනල් හිමිපාණෝ කීහ.

ශ්‍රී ලංකවේ ඉතාමත්ම උතුම් වූ වස්තුවක් වන බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහහන්සේ ලංකා පොළවතළය මත වැඩවාසය කිරීම සියලු දෙනාටම ලැබුණු විශාල ආශිර්වායක් බවත් දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවේ රජය අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටීම සහ ඒ ඉල්ලීම පිළිගෙන ඒ ආගමික නායකත්වය ගත් ක්‍රියාදාමය අගය කරමින් ස්තූතිවන්ත වන බවත් උන්වහන්සේ පැවසූහ.

අපේ ජාතික සංස්කෘතිය සහ සභ්‍යයත්වය සංස්කරණය වී නිර්මාණය වී ඇත්තේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවලින් ලැබුණු ධර්මතුළින් බවත් රට තුළ සහෝදරත්වය, සාමය, එකඟතාවය සහ ජාතීන් අතර එකමුතුව වර්ධනය කිරීමට එම ධර්මයෙන් ලැබෙන උතුම්වූ ආභාෂය නිසා එම ධර්මයේ උතුම් බව තව තවත් වැටහෙන බවත් උන්වහන්සේ කීහ.

මෙවැනි උතුම් වස්තුවක් ලැබී ඇති මෙරට ජනතාව මොන ආගම ඇදහුවත් මේ රටේ ඉපදීමට වසනාව ලැබූ අය බවත් ඒ නිසා උද්දාමයට පත් වන අතර මෙරට පොදු උරුමයේ කොඳුනාරටිය වන බුදුදහම ආරක්‍ෂා කරගැනීමට සෑමදෙයක්ම කළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

අන්තර් ආගමික සහෝදරත්වය වර්ධය කරන්න වූ මෙම උතුම් අවස්ථාව ගැන සතුටු වන අතර සියලු දෙනාටම අවංක ස්තූතිය පුදකරන බව ද කාදිනල් හිමිපාණෝ වැඩි දුරටත් සඳහන් කළහ.  



අදහස් (3)

කාදිනල් තුමෝ ‘සිරි දළදා වන්දනා’ අගයති

Chandana Fernando Wednesday, 26 March 2025 06:00 PM

ඇත්ත වශයෙන්ම, දළදා වහන්සේට නමස්කාර වේවා..!

:       2       27

Rata Perata Thursday, 27 March 2025 12:41 PM

ඉතාම වටිනා අදහස්

:       0       4

Jayasekara Thursday, 27 March 2025 02:18 PM

ආගමික සහජීවනය විශේෂයෙන් බොදුනු අපේ සංස්කෘතිය බෞද්ධ දර්ශනය ආගමනය ඔබවහන්සේට බෞද්ධ අපේ ප්‍රණාමය

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දුට රැකවරණය දුන් ව්‍යාපාරිකයාට ඇප
2025 මාර්තු මස 29 1173 1

බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා


දේශබන්දු අවුරුද්දෙන් පස්සේ ගෙදර?
2025 මාර්තු මස 29 1559 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව


ඇමැති බංගලා තානාපතිවරුන්ට
2025 මාර්තු මස 29 1190 0

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.


අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා
2025 මාර්තු මස 29 637 2

ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ප


චාමරත් ගෙදර කෑම ඉල්ලයි
2025 මාර්තු මස 29 1497 9

තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ල


දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු
2025 මාර්තු මස 29 3469 5

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 553 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 712 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1426 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site