බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිටිති.
කාන්තාවෝ හය දෙනකු පමණක් මේ අයුරින් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගම, අතමිටසරු ඕනෑම අයකු ගගන සංචාරකයන් ලෙස පෘථිවි කක්ෂයට ගෙන ගොස්, අභ්‍යනකාශයේ අත්දැකීම විඳ ගැනීමට සලස්වා ආපසු පෘථිවියට රැගෙන ඒම සිදු කරයි. ඒ වසර කීපයක් තිස්සේය.
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ හිමිකරු ඇමෙරිකන් ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්ය. අබ්‍යවකාශයට යෑමට සූදානමින් සිටින කාන්තාවන් 6 දෙනාගෙන් කෙනකු වන්නේ ලොරේන් සැන්චේස්ය. මැය ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක වන අතර, ජෙෆ් බේසෝස්ගේ පෙම්වතිය ද වෙයි.
ඊට අමතරව, ඇමෙරිකන් පොප් ගායිකා කැතී පෙරී සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන ගයිල් කිං ද අභ්‍යවකාශ සංචාරයට එක් වන්නීය. අනෙක් තිදෙනා අමන්ඩා ගයිපෙන්, අයීෂා බෝවි සහ කෙරිඈන් ෆ්ලින්ය.
(සී.එන්.එන්.)
ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්
පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයත
සිරි දළදා ප්‍රදර්ශනයට සහභාගී වන ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ නවාතැන් වෙනුවෙන් වෙන් කළ මහනුවර අවට පාසල් 41ක දරුවන්ට අප්‍රේල් 21 සිට 25 දක්වා කාලයේ නිවාඩු ලබා
මහියංගණ නගරයට ආසන්න ගම්මාන දෙකක දෙපිරිසක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවල ලබා ඇතැයි පොලිසිය කියයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (17) උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතව ඇත.
කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කාන්තාවෝ 6 ක් උඩ යන්නයි හදන්නේ