IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


කෑම පැකට්ටුව දුම්රිය ප්‍රමාද කරයි

(යොහාන් භාසුර)

කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා විනාඩි 30 කට අධික කාලයක් ප්‍රමාද කළ රියදුරු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

රියදුරන්ගේ දැඩි හිඟයක් පැවතීම නිසා අදාල රියදුරුගේ වැඩතහනම් කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔහු සේවය කරන අතරතුරදී පරීක්‍ෂණය පවත්වන බවත් ජයසුන්දර මහතා කීය.

රියදුරන්ගේ හිඟයක් හේතුවෙන් අදාල දුම්රිය එම සිද්ධියෙන් පසුව දින කීපයක් ධාවනය නොකළේ යැයි දැනගැනීමෙන් පසුව එයට විසඳුම් දුන් බවත් එම දුම්රිය ඉදිරියේදී අඛණ්ඩව නියමිත ගමන් වාරය ක්‍රියාත්මක කරන බවත් ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් දහවල් 12.30 ට පිටත්වීමට නියමිතව තිබූ මෙම දුම්රියේ රියදුරුගේ කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් ඔහු දුම්රිය ධාවනය විනාඩි 30 කට අධික කාලයක් ප්‍රමාද කර තිබේ.

මෙම ප්‍රමාද කිරීමට ජනතාව සහ දුම්රිය ස්ථානයේ නිලධාරීන් විරෝධය දක්වා ඇති අතර ඒ හේතුවෙන් කුරුණෑගල දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. ඒ අතරතුර රියදුරුගේ කෑම පාර්සලය ලැබීම නිසා ධාවනය ආරම්භ කළ බව ද වාර්තා වේ.

මෙම සිද්ධියෙන් පසුව දින කීපයක් අදාල දුම්රිය ගමන් වාරය අවලංගු කිරීමට ද දුම්රිය බලධාරීන් කටයුතු කර ඇති අතර පසුව එම දුම්රිය මේ වන විට පොල්ගහවෙළ දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරන බව ද දුම්රිය මගීහූ පවසති.



අදහස් (17)

කෑම පැකට්ටුව දුම්රිය ප්‍රමාද කරයි

Nandalal de Silva - France Monday, 24 March 2025 08:36 PM

මෙහෙම එක බඩජාරියෙක් නිසා මුළු දුම්රියක්ම පමාකොට, එහි සිටි සිය ගණනක් මගීන් අතරමං කළ එම "රියැදුරු මහත්තයා", ඔහුගේ පෙරේත ක්‍රියාවට ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුයි !!! ශ්‍රී ලංකාවේ දුම්රිය යනු.."සේවයකි". බත් ගොට්ටකට, "සේවයක්" පාවාදීම වැනි නිහීන ක්‍රියාවක් කළ ඔහු රජයේ සේවයට කිසිසේත්ම සුදුසු නැත...!!!

:       0       5

PGPThilak Monday, 24 March 2025 09:05 PM

ඔය පරීක්ෂණ ගැන මහජනතාව විශ්වාසයක් තැබිය නොහැකියි! ඕවා හොරාගේ අම්මාගෙන් පේන අහනවා වාගේ වංචාකාරී රැවටිලි...!

:       6       65

රම්බොඩ Monday, 24 March 2025 10:39 PM

ඇයි දුම්රිය රියදුරන් මේ තරම් හිග ? එතකොට අනවශ්‍ය වටිනාකමක් එනවා. ඔවුන් කරන හරියක් කරන්නෙ අත්තනෝමතික ක්‍රියාවන්

:       0       7

Lilasena Monday, 24 March 2025 10:55 PM

කෑම එක දෙන්න ඉන්න එකා මොකාද? ඌ ගැනත් වෙනම හොයන්න ඕන. ඔය කෝච්චිය කුරුණෑගලින් 12.30ට ගියාම කො‍ටුවට එන්නේ 3.30 දන්න විදියට නම්. රියදුරාට ආපහු වෙන කෝච්චියක් අරන් යන්න තියෙනව නම් ඌට දවල්ටත් කන්න නෑ, රෑටත් කන්න නෑ. මොකෝ මඟ නවත්තලා කඩේකින් කන්නයැ. ඔතන එක මිනිහෙක්ගෙ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නෙ. මුළු දුම්රිය දෙපාර්ථමේන්තුවම කරන වැඩ ජපානෙන් මිනිස්සු ගෙන්නලා වැඩ පිලිවෙලක් හදලා දෙන්න ඕන. නැත්තන් හැමදාම ඔය වගේ කතා තමයි අහන්න වෙන්නෙ.

:       0       4

අනා Monday, 24 March 2025 11:09 PM

ක්ලීන් කළ යුතුය ඔලු

:       0       6

Sk Tuesday, 25 March 2025 06:15 AM

අපේ tax වලින් අපිට ගහන රජයේ සේවකයෝ

:       0       7

shakthi Tuesday, 25 March 2025 06:44 AM

අධික හීන මානයෙන් පෙලෙන මේ මෝඩ මිනිහගේ පවුලේ කෙනෙකුගේ ශල්‍යකර්මයක් කෙරෙන දවසකදී අදාල වෛද්‍යවරයාත් මේවගේ තුට්ටු දෙකේ වැඩක් කලොත් මේකට තේරේවි වැඩේ කැතයි කියල . අපේ රටේ ඉන්න තවත් අපතයෝ සෙට් එක්කක් තමයි මේ සේවයේ ඉන්නේ. වසරකට මේක නඩත්තුවට වැයවන් මහජන මුදලින් 10% ක වත් සේවයක් නොලැබෙන තවත් සුදු අලියෙක් .ඕක ස්මපුර්ණ ප්‍රති සංවිධානය කරන්න 2001 දී රනිල් පටන්ගත්ත . එතකොටම මෙලෝ වැඩක් නොකළ චන්ද්‍රිකා එක මුළුමනින්ම බකල් කලා . එදා එකට හුරේ දාපු උන් දැන් කනෝ කනෝ කියල කෑගහපල්ලා . උඹල වගේ කුහකයින්ට ඔහොම වෙන්නම ඕන .

:       0       10

Sameera Tuesday, 25 March 2025 06:53 AM

මේක තමයි 76 වසරක සාපය! වැඩ නොකරන වෘත්තීය සමිති හැදුවා! දැන් කෙදිරි ගානවා!

:       0       5

Upul Gunaratne Tuesday, 25 March 2025 07:04 AM

ගුඩ් මෝනින් මහත්තයෝ, කාටද ඔයා බොරු කියන්නේ? බොරැ කියලා මිනිස්සු රවට්ටන්න එපා. කරනවා නම් හරිහැටියට පරීක්ෂණ කරන්න.

:       0       2

ශාන් Tuesday, 25 March 2025 07:26 AM

රියදුරන්ගේ හිඟය කෙසේ වෙතත් වෘත්තිය සමිතිවලට ඇති බය නිසා. ජනතාව තඹ සතේකට මායිම් කරන්නේ නැති නොසැලකිලිමත්භාවය ඉහවහා ගිය තැනක් විදියට තමයි අපිට දුම්රිය දෙපාර්තමේන්තුව පේන්නේ. හැමදාම පිළී පැනීම්. කිසිදාක වෙලාවට ධාවනය නොවන දුම්රිය ගමන් සේවාව. අකමැත්තෙන් උනත් කියන්න තියන්නේ හදන්න බැරිනම් වහන්න කියලා තමයි. රටට කොච්චර ලොකු සම්පතක් වෙන්න පුළුවන් තැනක්ද? පුරවැසියෙක් විදියට ඇත්තටම කළකිරිලා තියෙන්නේ. මහජන මුදලින් යැපෙන දුම්රිය නිළධාරින් තමන්ග්න් ප්‍රශ්න කරගන්න තමන්ගේ දෙපාර්තමේන්තුවේ සේවාව ගැන. තමන්ගේ සේවා යුතුකම් ගැන.

:       0       4

Mohan Mangala Mapa Tuesday, 25 March 2025 09:04 AM

සෞඛ්‍ය, ගමනාගමන නීතිය, ඛනිජ තෙල් හා ජල හා විදුලි සම්පාදන අධ්‍යාපන රේගු ගුවන් වරාය සහ අනෙක් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වල සේවකයින්ට ස්ට්‍රයික් ප්‍රමාදවීම් අකුරට වැඩ තහනම් කිරිමට පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතුයි

:       0       3

sakraTuesday, 25 March 2025 10:41 AM

මොහාන් කියන දේ කරන්න පුලුවනිනම් හොඳයි නමුත් ඒ අයව පසුගිය කාලය පුරාවටම පාවිච්චිකරල හැමදේම අවුල් කරවපු අය කොහොමද ඒ අයට පිටුපාන්නේ ?

:       0       3

Infika Tuesday, 25 March 2025 10:09 AM

ඉතිං එයා බඩගින්නේ ඕක එලවන්නයැ... බඩගින්නේ ගිහින් කොහේ හරි හප්පා ගත්තොත් එයාම එපාය වගකියන්න..නේ....

:       1       2

vernon Tuesday, 25 March 2025 10:27 AM

කෑම පැකට් එකක් රියදුරාට ලැබිය යුතු නම්, ඇයි ඒක පරක්කු වුනේ කියලා හොයන්නෙ නැතිව ඇයි රියදුරා මුලින්ම වරදකරු කරන්න යන්නේ?

:       5       7

Mohan Mangala Mapa Tuesday, 25 March 2025 10:49 AM

ස්තුතියි Sakra ර, ඔබගේ අදහසට. දැන් පසුගිය ඒවා අමතක කරලා දැඩි තීරණ ගත යුතුයි.

:       0       2

Nandalal DE SILVA - France Tuesday, 25 March 2025 01:27 PM

මොකද අනිත් අය මෙන්, හිටන් ජනාධිපති කළා වගේ, ගෙදරින් කෙහෙල් කොලේ ඔතාගෙන බත් ගොට්ටක් අරන් එන්න බැරිද?

:       0       2

Athula Tuesday, 25 March 2025 07:47 PM

එහෙනම් ඉතින් ඕකුන් මගින්ව මැරුවත් මොකුත් කරන්න බැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අල්ලස් දැලේ
2025 මාර්තු මස 26 122 0

රජයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 150,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම අල්ලස් හෝ දූෂණ චෝදනා ව


කාදිනල් තුමෝ ‘සිරි දළදා වන්දනා’ අගයති
2025 මාර්තු මස 26 122 0

දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ ජාතීන් සහ ආගමිකයන් අතර සහයෝගිතාව වර්ධනනය කරගැනීම බුදුරජාණන් වහන්සේට දක්වන විශාල ගෞරවයක් බව ක


‘‘බ්‍රිතාන්‍යයේ තීරණය ඒකපාර්ශවීයයි‘‘
2025 මාර්තු මස 26 238 0

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය රජය


ලංකාව - චෙක් ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතා ගිවිසුමක්
2025 මාර්තු මස 26 141 0

ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය.


යුද්ධයේ වගකීම මහින්ද බාර ගනියි
2025 මාර්තු මස 26 714 5

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජ


’’ගුවන් යානා අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිටවෙලා නෑ’’
2025 මාර්තු මස 26 269 2

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 372 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 633 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1304 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site