(නිමල කොඩිතුවක්කු)
කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනජීවීන් පිළිබඳ සංගණනය ජාතික කර්තව්‍යයක් සේ සලකා එයට සහයෝගය දෙන්නැයි රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගෘහ ආශ්‍රීතව සැරිසරන බෝග හානි සඳහා වගකිව යුතු ප්‍රධාන වන සතුන් ලෙස හදුනාගෙන ඇති වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් ඉලක්ක කරගනිමින් ලබන මාර්තු 15 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට 8.05 දක්වා විනාඩි පහක කාළයක් තුළ මෙම සංගනනය සිදුකරන බව එහි අතිරේක ලේකම්(කෘෂි සංවර්ධන) දිස්නාරත්නසිංහ මහත්මිය පැවසුවාය.
එම කාල සීමාව තුල තම ගෙවත්ත/වගා බිම/පාසල/පුණ්යේභූමි/ හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ අදාල පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් සංඛ්්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම සිදු කළ යුතු බවත් තිරේක ලේකම්වරාය කීවාය.
මෙම සංගනනයේ දත්ත පදනම් කරගනිමින් මෙම සතුන් පාලනය සඳහා කළමනාකරන ක්‍රම ඉදිරියේදි සැලසුම් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ(3)පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.
මෙම සංගනනය ගෘහ ආශ්‍රීතව පමණක් සිදු වන බවත් නිවැරදි තොරතුරු ලබාදීමෙන් ඒ සඳහා සහයෝගය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් අතිරේක ලේකම්වරිය පැවසුවාය.
මෙම සංගනන කටයුතු දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රදානත්වයෙන් පවත්වන බවත් ග්‍රමසේවා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ගම් මට්ටමෙන් තොරතුරු රැස් කරන බවත් ඇය කීවාය.
මේ පිළිබඳව දැනුවත් කිරිම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදා දීමසහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතුකර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරි/සමෘද්ධි සංවර්ධන නිලධාරි/ආර්ථික සංවර්ධන නිලධාරි/කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා ඇති බවත් ඇය තවදුරටත් පැවසුවාය.
ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා
පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්න
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪ
ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ
නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්