IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


කෘෂි රසායන තොගයක් සමඟ 4ක් මාට්ටු

(සිතුම් චතුරංග)

ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධීවර බෝට්ටු මඟින් මෙරටට ගෙන්වු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු  යාපනය , වේලනෙයි , තුරේයූර් ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත්බව යාපනය, විශේෂ කාර්ය බලකාය පවසයි. 

භාවිතයට නුසුදුසු කෘමිනාශක  ඇතුළු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නීති විරෝධිව මෙරටට ගෙනැවිත් ඇති බවට යුද හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අ‍ැතැයිද සඳහන් කළේය. 

සැකකරුවන් සතුව තිබි අත්අඩංගුවට ගත් කෘමිනාශක ඇතුළු කෘෂි රසායන ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමින් යුතු වනු ඇති බවද විශ්වාස කරන බවත් එවා උතුරු පළාතෙෙ කෘෂි රසායන අලෙවිසල් වෙත බෙදාහැරීමට නියමිතව තිබූ බවට අනාවරණයවූ බවත් විශේෂ කාර්ය බලකාය පැවසීය. 

 

 

 



අදහස් (1)

කෘෂි රසායන තොගයක් සමඟ 4ක් මාට්ටු

Lalla Sunday, 05 January 2025 11:54 AM

කෘෂි රසායන පාලනය ඕනෑ. ඒත් සමහර ප්‍රශ්නවලට උත්තර නෑ. පොල් රතු කුරුමිණි උවදුරට කෙසෙල් කෑ ගුල්ලන්ට වගේ දේට බලධාරියා කියන දේ හරියට වැඩ නෑ. අපි වගාවක් එහෙමයි. මහාපරිමාණ සමාගම් භාවිතා කරන රසායන ද්‍රව්‍ය ගොවීන්ට නෑ. ඉතින් අඹවල පනුවෝ... ගන්න පාරිභෝගිකයා කරදරේ වැටෙනවා. තායිලන්තයේ ගන්න ඕනෑ පලතුරක් හොඳට පෑහිච්චි පණුවෝ නැතිව ගන්න පුළුවන්. ඒ තත්ත්වය ලංකාවට ගෙන ආ යුතුයි. නොපැසුණු පලතුරු වෙළඳාම තහනමට ලක්විය යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සැප වාහන වෙන්දේසියට නියෝග
2025 ජනවාරි මස 07 1062 0

රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම්


ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි
2025 ජනවාරි මස 06 719 0

කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අද පැවැති මාධ්‍ය හමු


උතුරු මැද 11 ශ්‍රේණියේ වාර විභාගය අවලංගු කරයි
2025 ජනවාරි මස 06 205 0

උතුරු මැද පළාතේ පාසල්වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය වෙනුවෙන් 11 වන ශ්‍රෙණියේ සිසුන් සදහා පැවැත්විමට නියමිතව තිබු විභාගයේ සියළු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙ


බිම තියෙන ගුවන් යානා තුනක් කෝටි 280ක් කා දමලා
2025 ජනවාරි මස 06 944 0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්ත


උඩරට මාර්ගය දුම්රිය ධාවනය යථා තත්වයට
2025 ජනවාරි මස 06 68 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසලදී පිලිපැනීමට ලක්වූ බදුල්ල මහනුවර අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරු


විදේශ ගමන් බලපත්‍රයකට අමතර රුපියල් 450ක් ගෙවන්න වෙලා
2025 ජනවාරි මස 06 990 0

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 454 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 229 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 216 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site