(ජේ ඒ එල් ජයසිංහ සහ සරත් කුසුම්සිරි රණසිංහ)
මැතිවරණ ප්‍රචාර කටයුතු වල යෙදෙන අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පස්දෙනකුට බරපතල තුවාල කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 08 වැනිදා සිට විභාග කිරීමට මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය අද (13) තීරණය කළාය.
නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වශයෙන් නම් කර සිටින රඹුක්පිටිය වසමේ ග්‍රාම නිලධාරිවරයා මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති හෙයින් නඩු විභාගයවෙනත් දිනයකට කල් තබන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ තාරකා කෝදාගොඩ මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.
වසර 25කට පමණ පෙර සිදුවු සිද්ධියකට අදාළ මෙම නඩුව කැඳවු අවස්ථාවේ නඩුවේ විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
1999 මාර්තු 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක, නාවලපිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේදී, වස්තු හේවගේ විමලසූරිය යන අයට වෙඩි තබා බෝම්බ ගසා මරණයට පත් කල බවටත් ඒ අවස්ථාවේදී බෝම්බ ගසා වෙඩි තබා මහින්දානන්ද අලුත්ගමගේ සහ කේ. ශ්‍රියානන්ද, එච්. නන්දසිරි, පී.ජී. නිමල් රාජසිංහ සහ එම් ජී. ප්‍රියන්ත මල්වත්ත නමැත්තන්ට බරපතල තුවාල කල බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මීනීමැරම් චෝදනා ඇතු`ථ අධි චෝදනා මත මෙම නඩුව පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිීරීම සඳහා නාවලපිටිය මූලික රෝහලේ වෛද්‍ය කේ.ආර්. ශෂින්කිරණ් සහ රජයේ රස පරීක්ෂක මැන්දිස් යන මහත්වරු ඇතුළු සාක්කිකරුවන් 55 කෙනෙකු නම් කර ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන් සමග ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ඡන්ද පත්‍රිකාව ඉරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සිට සවුත්ලන්ඩ්ස් විදුහලේ ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත මෙයට ටික වේලාවකට පෙර
පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කො
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අ
මෙවර මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෙහෙලියගේ නඩුවකට දින දෙයි