IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


කෙහෙළියගේ වත්කම් පිටපත් කෙහෙළියට දෙන්න කියයි

(මනෝප්‍රිය ගුණසේකර)

අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන ඇති බාල බෙහෙත් ජාවාරම් සිද්ධිය සම්බන්ධයේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් සම්බන්ධ මුල් ලේඛන වල සහතික පිටපත් කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (24) අල්ලස් කොමිසමට නියෝග කළේය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කරන විමර්ශන වලට අදාළව තහනමට ගෙන ඇති ඔවුන්ගේ බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු ආදිය සම්බන්ධ මුල් ලේඛන වල සහතික පිටපත් අවශ්‍ය වී ඇතැයි කියමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීම් සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ, දියණියන් ඇතුළු හයදෙනෙක් නමින් බැංකු කීපයක පවත්වාගෙන යන ගිණුම් සහ රුපියල් කෝටි 9 1/2කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂන ඔප්පු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කළ ඉල්ලීම් වලට අනුව අධිකරණය විසින් තහනමකට ලක් කර ඇත.

අල්ලස් කොමිසම කළ ඉල්ලීම් වලට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස තහනමට ලක් කර ඇත්තේ ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන මහත්මිය, දියණියන් වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්ද්‍රානි පමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල හා ඉසුරු පුලස්ති බණ්ඩාර දෙහිදෙණිය නමැත්තන්ගේ නම් වලින් පවත්වාගෙන යන බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු ආදියයි.

ඒ පිළිබඳව කරණු දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් තහනමට ගෙන ඇති තම සේවාදායකයින්ට අයත් දේපල සම්බන්ධ මුල් ලේඛණ වල සහතික පිටපත් තමන්ට ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.

ඉල්ලීම් පිළිගත් විනිසුරුවරයා අදාළ මුල් ලේඛණ වල සහතික පිටපත් ඉල්ලුම්කරුවන්ට නිකුත් කිරීමට නියම කළේය.



අදහස් (1)

කෙහෙළියගේ වත්කම් පිටපත් කෙහෙළියට දෙන්න කියයි

ජයනාත් Monday, 24 February 2025 05:18 PM

කෙහෙලියත් නොදන්නා කෙහෙලියගේ වත්කම්.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාතාලයට කරන්න යන දේ පොලිස්පති කියයි
2025 පෙබරවාරි මස 24 5 0

විදේශයන් හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන ප


වී ගන්න ගත් ණය වලින් වෙන වැඩ කරනවා දැයි සොයයි
2025 පෙබරවාරි මස 24 213 0

වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන්නැයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපද


කැලෑ රකින්න ‘ගිනි පාලන සතියක්’
2025 පෙබරවාරි මස 24 73 0

වියළි කාලගුණ තත්වයත් සමඟ කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර අද (24) සිට මාර්තු මස 2 වැනිදා දක්වා ‘ගිනි පාලන සතියක්’ ප්‍රකාශයට පත්කරන බ


නව ජනාධිපති මාධ්‍ය උපදේශකවරයෙක්
2025 පෙබරවාරි මස 24 1024 0

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබේ.


’’ඉස්සෝ කන්ටේනර් දෙකක් වරායෙන් පන්නන්න යයි’’
2025 පෙබරවාරි මස 24 688 0

වරායෙන් නිදහස්කර නොගත් සත්ව ආහාර ලෙස විකිණිමට තිබූ රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙනයන මුවාවෙන්


උණුසුමෙන් 7000ක් පීඩාවට
2025 පෙබරවාරි මස 24 165 0

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග පවුල් 2278 කට අයත් 7194 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 199 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 419 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 180 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site