IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොමර්ෂල් බැංකුවේ ශේෂ පත්‍රයේ වර්ධනයක්

ණය දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කොමර්ෂල් බැංකු සමූහය 2023 තුන්වැනි කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 51.404කින් ඉහළ නංවා ඇති අතර, මාස තුනක් තුළදී ණය පොත රුපියල් ට්‍රිලියන 1.239ක් දක්වා සියයට4.33කින් වර්ධනය කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

එම කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් ට්‍රිලියන 2ක සන්ධිස්ථානය ඉක්මවා ගිය අතර, 2023 සැප්තැම්බර් 30 අවසන් වන මාස තුන තුළ රුපියල් බිලියන 79.808කින්, එනම්, සියයට4.07කින් රුපියල් ට්‍රිලියන 2.038ක් දක්වා වර්ධනය වී ඇත. මෙය මාසිකව රුපියල් බිලියන 26.603ක සාමාන්‍ය වර්ධනයකි.

කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ සමාගම්වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කළේ, වසරේ පළමු භාගයේ ප්‍රවණතාව වෙනස් කරමින් මාස තුනක කාලය තුළ මුළු වත්කම් රුපියල් බිලියන 63.343කින්, එනම්, සියයට 2.57කින් වර්ධනය වෙමින් සැප්තැම්බර් 30 වන විට රුපියල් ට්‍රිලියන 2.526ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රුපියල් බිලියන 255.963ක් වූ සමූහයේ දළ ආදායම 2023 ජුනි 30 වැනි දින සිට සියයට 52.66ක වර්ධනයක් සහ 2022 අදාළ මාස නවයට වඩා සියයට 30.88ක වර්ධනයක් පිළිබිඹු කරන අතර, රුපියල් බිලියන 224.570ක් වූ පොලී ආදායම වසරේ පළමු භාගයේ අගයට වඩා සියයට48.91ක වර්ධනයක් සහ වසරකට පෙර තිබූ අගයේ සිට සියයට49.46ක වර්ධනයක් පෙන්වන බව සමූහය පවසයි.

මේ අතර, පොලී වියදම් 2023 ජුනි 30 වැනි දින සිට සියයට 44.39කින් සහ සලකා බලන මාස නවය සඳහා, වසරකට පෙර තිබූ අගයට සාපේක්ෂව සියයට 87.19කින් රුපියල් බිලියන 163.688ක් දක්වා වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් බිලියන 60.882ක් වූ ශුද්ධ පොලී ආදායම 2022 අදාළ කාලපරිච්ඡේදයට වඩා සියයට3.08කින් ආන්තික ලෙස පහත වැටී ඇති අතර, තුන්වැනි කාර්තුවේ ශුද්ධ පොලී ආදායම වූ රුපියල් බිලියන 23.432 අගය, 2022 අනුරූප කාර්තුවට වඩා සියයට6.02ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ පැවැසීය.

“ආදායම් උත්පාදනය, ආයෝජන අවදානම් කළමනාකරණය, ණය දීම, තැන්පතු රැස් කිරීම සහ වත්කම්-වගකීම් ගැළපීම යන බහුවිධ අංශවලට ආභාෂය ලබා දෙන බාහිර සාධකවල අඛණ්ඩ බලපෑම් අපගේ කාර්ය සාධනයෙන් පිළිබිඹු වේ. මෙම තත්ත්වය තුළ, බැංකු විසින් තම මූලික කාර්යභාරය වන මූල්‍ය මැදිහත් වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වන අතර, තුන් වැනි කාර්තුව සඳහා අපගේ ප්‍රතිඵල මෙම අවධානය විශේෂිතව පෙන්නුම් කරයි.”

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා මෙසේ පැවැසීය.

“රුපියලේ අගය ඉහළ යාම ආයෝජන කළඹෙහි සමස්ත අගය මත බලපෑව ද, අපගේ ණය පොතේ වර්ධනය නිසා ශක්තිමත් වර්ධනයක් අප වාර්තා කර තිබෙනවා. ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ ප්‍රයත්නයට ද සහාය වන ණය වර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් අපගේ ශේෂ පත්‍රය පුළුල් කිරීමට අපි අමතර අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම ආර්ථිකයට ප්‍රධාන දායකත්වය සපයන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට විශාලතම ණය දෙන්නා ලෙස බැංකුවට ඉදිරියට යාමට හැකියාව ලබා දෙමින්, අපගේ ද්‍රවශීල වත්කම් අනුපාතය ව්‍යවස්ථාපිත අවම අවශ්‍යතාවට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී.”

සමූහය මාස නවය සඳහා මූල්‍ය සේවා මත බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 28.692ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇති අතර, එය සියයට12.30ක වර්ධනයකි. තව ද, සමූහය මාස නවය සඳහා රුපියල් බිලියන 25.031ක ආදායම් බදු ගෙවීමට පෙර ලාභයක්, එනම්, සියයට13.59ක වර්ධනයක් ළඟා කරගත්තේය. සමූහ ව්‍යාපාරයේ ශ්‍රී ලංකා මෙහෙයුම් සඳහා ආදායම් බදු අනුපාතය සියයට24 සිට සියයට30 දක්වා වැඩි කිරීම, මාස නවය සඳහා ශුද්ධ ලාභය රුපියල් බිලියන 14.764 දක්වා සියයට4.51කින් අඩු වීමට හේතු විය.

සමූහය 2023 තුන් වැනි කාර්තුව සඳහා බදු ගෙවීමට පෙර ලාභය සහ බදු ගෙවීමට පසු ලාභය ලෙස පිළිවෙළින් රුපියල් බිලියන 10.939ක් සහ රුපියල් බිලියන 6.473ක් වාර්තා කර ඇති අතර, එය සියයට26.30 සහ සියයට3.03ක වර්ධනයක් පිළිබිඹු කරයි.

කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග.

595



අදහස් (0)

කොමර්ෂල් බැංකුවේ ශේෂ පත්‍රයේ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 526 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1778 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site