IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


කොස්තාපල් ගංජා අයිස් සමඟ මාට්ටු

(ප්‍රසාද් රුක්මල් ) 

රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ගංජා සහඅයිස් මත්ද්‍රව්‍ය සමග ගල්පෝරුයාය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ  පදියතලාව පාර පදිංචි රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කල 31 හැවිරිදි පොලිස් කොස්තාපලවරයකු යැයි පොලිසිය කීය .

මොහු කලක් මානසික රෝගි තත්ත්වයකින් පෙලෙමින් සිට ප්‍රතිකාර ලබා පසුගිය 7වන දින නිවසට පැමිණ ඇති අතර මොහු ගල්පෝරුයාය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගංජා සහ අයිස්  මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .

මෙම පොලිස් කොස්තාපලවරයා  මීටපෙර  වාකරේ පොලිසිය ට අනියුක්තව රාජකාරි කටයුතු කරමින් සිටියදී 2023 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 2ක් සහ ගංජා පැකට්ටුවක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් ව පසුව 2024 වසරේදී යලි සේවයේ පිහිටුවා වාලච්චේන පොලිසිය ට අනියුක්තව රාජකාරි කටයුතු සිදු කර ඇතැයි පොලිසිය පැවසීය .

 



අදහස් (0)

කොස්තාපල් ගංජා අයිස් සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සපුගස් කන්දට නව පිරිපහදුවක්
2025 පෙබරවාරි මස 11 7 0

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


විදුලිය අද කපන්නේ මෙහෙමයි
2025 පෙබරවාරි මස 11 53 0

නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා පැය එකහමාර බැගින් අද (11)


බුද්ධිමය දේපල ලේඛන ඩිජිටල් කරයි
2025 පෙබරවාරි මස 11 38 0

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ලංකාව අරාබිය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක්
2025 පෙබරවාරි මස 11 72 0

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගිය වසරේ ආදායම් - වියදම් වාර්තාව ඇමති මණ්ඩලයට
2025 පෙබරවාරි මස 11 53 0

රජයේ මුල්‍ය කාර්ය සාධනය පිළිබඳ 2024 හතර වන කාර්තුවේ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.


වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 11 155 0

වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 89 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 889 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site