IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


කොළඹ වරායේ බටහිර පර්යන්තය මෙහෙයුම් අරඹයි

(යොහාන් භාසුර)

සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය.

චීන ඉදිකිරීම් සමාගමක් වන ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ටී්‍රස් සමාගම සංවර්ධනය කළ මෙම පර්යන්තය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පර්යන්තයක් බවට පත්ව ඇති අතර  මීටර 1,400 ක තොටුපළක් සහ මීටර 20 ක ගැඹුරකින් යුත් බටහිර ජාත්‍යන්තර පර්යන්තය වසරකට ටී.ඊයූ. මිලියන 3.2 ක ධාරිතාවකින් යුක්ත වේ.

ස්වයංක්‍රීය පර්යන්ත ව්‍යාපෘතියේ කොටසක් ලෙස, එස්.ටී.එස්. දොඹකර අටක්, ඒ.ආර්.එම්.ජී. දොඹකර 18 ක් සහ දොඹකර සහ ඒ.ආර්.එම්.ජී. සඳහා උපකරණ කළමනාකරණය, පර්යන්ත මෙහෙයුම්, ස්වයංක්‍රීය ගේට්ටු, තත්‍ය කාලීන බහාලුම් ස්ථානගත කිරීම සහ රීෆර් බහාලුම් ස්වයංක්‍රීය කළමනාකරණය ඇතුළු අත්‍යවශ්‍ය සහායක පද්ධති ද ස්ථාපති කර තිබේ.

ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ටී්‍රස් සමාගම පැවසුවේ පර්යන්තයේ එස්.ටී.එස්. දොඹකර ටී.ඊ.යූ. 24,000 ක් දක්වා ධාරිතාවයකින් යුත් අති විශාල බහාලුම් යාත්‍රා හැසිරවීමට නිර්මාණය කර ඇති බවත් මේ අතර ස්වයංක්‍රීය පැතිරීමේ පද්ධතිය බහාලුම් උස වෙනස්කම්, කල්පවත්නා විෂමතා සහ කෝණික අපගමනයන්ට අදාළ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දෙන අතර එමඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන බවත්ය.

කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහය සහ ඉන්දියානු වාණිජ වරාය ක්‍රියාකරු අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාපය යන සමාගම් දෙකටම ඒකාබද්ධව හිමිකාරීත්වයේ පවතී. 

 



අදහස් (0)

කොළඹ වරායේ බටහිර පර්යන්තය මෙහෙයුම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

දියත

ඇමති නාමලුත් රිලව් ගණින්න සූදානමින්
2025 මාර්තු මස 12 100 0

15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න .අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් ම


ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට
2025 මාර්තු මස 12 284 0

මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය වි


චීන තානාපති-ක්‍රීඩා ඇමති හමුවක්
2025 මාර්තු මස 12 50 0

චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්ව


දරුවන්ට පහර දුන් ටියුෂන් ගුරා සොයා පරීක්‍ෂණ
2025 මාර්තු මස 12 221 0

දරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති බවත්


ආරක්ෂක කැමරාවලින් හොර වාහන හඳුනාගනියි
2025 මාර්තු මස 12 469 1

නගරවල සවිකර ඇති ආරක්ෂක කැමරා ආශ්‍රිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කළ මෝටර් රථ පිළිබදව කළ විමර්ශනවලින් ව්‍යාජ අංක තහඩු යොදාගෙන ධාවනය කළ මෝටර් රථ 267 ක් හදුනාග


අනුරපුර රෝහලේ විරෝධතාවක්
2025 මාර්තු මස 12 915 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 137 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 348 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 217 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site